ජනපතිගේ මුල්ම විදෙස් සංචාරය 15 වැනි දින

Published in පුවත්
Friday, 06 February 2015 07:56

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවක් මත ලබන 15 වැනි දින සිට 18 වැනිදා දක්වා ඉන්දියාවේ නිල චාරිකාවක නිරතවීමට නියමිතය.

මෙම චාරිකාවේ ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි හමුවීමටද නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

මීට අමතරව දේශපාලන පක්ෂ නායකයන් හා අනෙකුත් ප්‍රභූන් ද හමුවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධගයා විහාරස්ථානයේ සහ තීරුපති ‍කෝවිලේ ආගමික වතාවත් සඳහාද සහභාගී වනු ඇත.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු නිරත වන පළමු විදෙස් සංචාරය මෙයයි.

එමෙන්ම ලබන මාර්තු මාසයේදී චීනයේ සංචරයක නිරතවීමටද ජනාධිපතිවරයා සූදනමින් පසුවන බව ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.

Last modified on Friday, 06 February 2015 08:01

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us