ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය අල්ලස් කොමිසමට(ඡායාරූප)

Published in පුවත්
Thursday, 05 February 2015 18:03
විදුලි බල මණ්ඩලය තුළ වැටුප් වැඩි කර ගැනීමේදී සිදුව අැති දැවැන්ත මූල්‍ය වංචාවට එරෙහිව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය අද(05) අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.ජනාධිපතිවරණයට පෙර දින නීති විරෝධී ලෙස පාලනාධිකාරියේ වැටුප් 125% කින් පමණ වැඩි කර ගැනීම නිසා ලංවිම සාමාන්‍යාධිකාරවරයා හා පාළනාධිකාරියට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
මෙහිදී අදහස් දක්වමින් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජී.ඒ රංජන් ජයලාල් මහතා  සදහන් කළේ ලංවිම සේවකයන්ට අවසන් වරට වැටුප් වැඩි වීමක් සිදුවූයේ 2012 වර්ෂයේ බවයි. මේ සම්බන්ධව 2014 වර්ෂයේ දී සාකච්ඡා පැවැත්වූ බවත් ඒ අනුව වර්ෂයකට 10% බැගින් වර්ෂ තුනට 30% ක වැටුප් වැඩිවීමක් සදහා එකගතාවයකට පැමිණ සිටි බවත් පැවසුවේය.
 
පසුගිය ජනවාරි 8 වනදා සාමාන්‍යාධිකාරිවරයා අැතුළු පාලනාධිකරණයට 70% සිට 124% දක්වා වැටුප් වැඩිවීමක් සිදුවීම හිටපු අාණ්ඩුව සමග සිදුවූ රහසිගත එකගතාවයක් මත සිදුවූවක් බවත් මෙය බරපතගල මූල්‍ය වංචාවක් බවත් රංජන් ජයලාල් මහතා පැවසුවේය.
 
හිටපු සාමාන්‍යාධිකාරවරයා 2015 ජනවාරි 20 විශ්‍රාම යන විට 76 000ක් වූ වැටුපට වංචනික ලෙස 52000 ක් ඒක් කර ගත් බවත් විශ්‍රාම පාරිතෝෂිකය ලෙස හිමිවිය යුතු ලත්ෂ තිස් පහ වෙනුවට ලක්ෂ හැය හයක මුදලක් ලබාගත් බවත් පැවසුවේය.
 
මෙම අකටයුතුකම් හා වංචාකාරී ක්‍රියාවන් පිළිබද වත්මන් අාණ්ඩුවට දැනුම් දුන් බවත් මේ වන තෙක් නිසි පියවරක් ෙතාගත් බවත් ඔහු පැවසුවේය. යහපාලනය විදුලි බල මණ්ඩලයටද අවශ්‍ය බවත් ඒ උදෙසා පියවර ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. ලක්ෂ 40 ක්වන විදුලි පාරිභෝගිකයින් මත පැටවෙන විදුලි බිලට ලංවිම තුළ සිදුවූ ජාතික අපරාධය පැටවෙන බවත් මෙසේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි කරන ලද්දේ වැටුප් අර්බුධය පමණක් නොව ලක්ෂ 40 ක්වූ විදුලි පාරිභෝගිකයන්ද වෙනුවෙන් බවද ඔහු සදහන් කළේය.
 
වැඩි දුරටත් අදහස් දක්වමින් රංජන් ජයලාල් මහතා පැවසුවේ වත්මන් අාණ්ඩුව විදුලි බල මණ්ඩලය තුළට යහපාලනය ගෙන ඒමට පසුබට වන්නේ නම් ඉදිරියේදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක නිරත වීමටද කටයුතු කරන බවයි 
ranjan
 
ranjan.1

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us