ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රචාරක කටයුතු සදහා එක් වන ලෙස වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑම් එල්ල වෙමින් පවතී බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුරාධපුර පැවැති රැළිය සදහා ලංගම බස් රථ අයතා ලෙස යොදා ගැනීම හේතුවෙන් ඊයේ(11)උතුරු මැද පළාතේ බොහෝ ප්‍රදේශයන්හි පොදු ප්‍රවාහණ සේවා අඩාල වී තිබේ.
ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාරදීමෙන් පසුව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් එජනිස පැවැත්වූ පළමු මහජන රැළිය අනුරාධපුරයේ දී පැවැත්වුණි.
හොරු එළවමු, එක්ව රට ගොඩගමු සමග යහ පාලනය හා පිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා ඉදිරිපත්වී සිටින පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහය පල කරන රැස්වීමක් දෙසැම්බර් මස 14වන ඉරුදින සවස 04ට පැරිස් කළාප අංක 10 රූ ඩෙ චබ්රෝල් පාරේ අංක 27හි පිහිටි ලා මෙයිසොන් ශාලාවේදි පැවැත්වේ.
එස් ටී එෆ් යැයි කියාගන්නා පිරිසක් තමාගේ නිවස හා ඒ අවට ගැවසෙමින් සිටින අතර එමගින් තමාට ජීවිත තර්ජනයක් එල්ල වී ඇතැයි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා කියයි.
එසේම ජනපති මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනාවේ ගොස් නැවත පැමිණෙන විට ශ්‍රී ලංකාවේ තිරුපති දෙවියන් අදහන ඇමතිවරුන් දෙදෙනෙකු තමන්ට එකතු වූ බව පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා පැවසුවේය. ඒ පන්නල මහජන ක්‍රීඩාංගණයේ ඊයේ (11දා) පැවැති රැස්වීමක් අමතමිනි.
පසුගිය සතියක කාලයක් ඇතුලත ජනමාධ්‍යවේදීන්ට සහ සිවිල් ක්‍රියාකාරීන්ට සිදු කෙරුණු පහරදීම් සහ බලපෑම් වලට එරෙහිව පුරවැසි බලය සංවිධානය විසින් අද(12) සවස 3.00ට කොළඹ කොටුවේ දී විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.
2015 අය වැය සම්මත කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව අද පළමුවරට රැස්වීමට නියමිතවය. මේ නිසා පිල් මාරුව පිළිබඳ අද දිනයේ විශේෂ අවධානයක් යොමුව ඇත.