අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සොයාගැනීම සඳහා නව රජය දක්වන උනන්දුව ප්‍රමාණවත් නොවන බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට අවස්ථාවක් ලබා දෙන්නැයි ඇය ඉල්ලා තිබේ.

ඊයේ (26 වැනිදා) දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ නිලවරණය අත්හිටුවන මෙන් ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් දැනුම් දීම මත එය නොපැවැත්වීමට බැඩ්මින්ටන් සම්මේලනය තීරණය කර තිබේ. 

එක්‌සත් ජාතික පක්‍ෂය අත්හැර ගොස්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමඟ එක්‌වී ඇමැති තනතුරු ලබාගත් තිස්‌ස අත්තනායක මහතා යළි එජාපයට එක්‌වීමට උත්සාහ දැරීම ලැඡ්ජාවක්‌ යැයි සමාජ සේවා සුබසාධන සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි. 
 
ඒ මහතා මෙසේද පැවසීය.

මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින හිටපු පොලිස්පති හා හ නීතිහා සාමය පිළිබඳ අමාත්‍යංශයේ හිටපු ලේකම් මහින්ද බාලසුරියට වෙලේ සුදා විසින් රුපියල් කෝටි ගණනක මුදලක්‌ වැය කර සුවිසල් මන්දිරයක්‌ ඉදිකර දී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී හෙළි වී ඇත.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය රාජපක්ෂ පාලනය යටතේ ඉතා දූෂිත දෙපාර්තමේන්තුවක් බවට පත්වූ බවත් එයට නිසි පාලකයකු පත්කර රටට වැඩදායි ආයතනයක් බවට පත් කිරීමට මෛත්‍රීපාලනයෙන් අපෙක්ෂා කරන බව සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් ලංකා ඩේලි වෙත පැවැසීය.

ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ සියළු රාජ්‍ය මාධ්‍ය ආයතන ඒකාබද්ධව පවත්වාගෙන යන ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිත ආයතනය මේවන විට කිසිවකුගේ සැලකිල්ලට භාජනය නොවුණු ආයතනයක් බවට පත්ව ඇතැයි එහි සේවක සේවිකාවෝ චෝදනා කරති.

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විදේශ ගතවීම අත්හිටුවා ඇත.

විධායක ජානාධිපති ධූරය සම්පුර්ණයෙන්ම අහෝසි වි පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් මණ්ඩලයක් ඇති කිරීම ට අදාල වන සම්පුර්ණ ව්‍යවස්ථා විධි විධාන ක්‍රියාවට නැංවෙන්නේ අභීනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලයේ සිට නොව මීළඟට එන ජනාධිපතිවරයාගේ ධුර කාලයේ සිට බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවැසූ බව  රන්දොර වෙබ් අඩවිය පවසයි

ld add copy

Connet With Us