පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායකයා වන කුමාර් ගුණරත්නම් ශ්‍රී ලංකා පුරවැසියකු නොවන බවත් ඔහු මෙහි රැඳී සිටින්නේ නීතිවිරෝධීව බවත් නියෝජ්‍ය සොලිස්‌ටර ජනරාල්ල් විරා දයාරත්න මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

පඩි පාලක සභාව යටතේ ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට ජාතික කම්කරු උපදේශක සභාව ඊයේ එකඟ විය.අධිකරණ සහ කම්කරු සේවා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ජාතික කම්කරු උපදේශක සභාවේ නියෝජිතයන් සමඟ ඊයේ(13) පැවැත් වූ සාකච්ජාවක දී මෙම එකඟතාවට පැමිණ තිබේ.

පසුගියදා නෙත් එෆ් ගුවන් විදුලි නලිකාවේ 'බැලුම්ගල' නැමැති වැඩ සටහනක් මඟින් සිදුකළ වැලිකඩ මිනිස් සංහාරයට අදාල අපහාසාත්මක හා ජනතාව නොමඟ යවන සුළු වැඩසටහනට එරෙහිව අද දින පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ල පොලිස්පතිවරයාට භාර දී ඇත්තේ නීතිඥ උදුල් ප්‍රේමර්ත්න මහතා විසිනි.

නව ආණ්ඩුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්ව සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතාට කොළඹ, කො‍ටුවේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශ ගොඩනැගිල්ලෙන්ද ඉවත්වීමට සිදුව ඇත.

නව දේශපාලන අධිකාරියේ බලපෑමෙන්  සී එස් එන් රූපවාහිනිය සතුව තිබූ ක්‍රිකට් තරග විකාශන අයිතිය ජාතික රූපවාහිනිය වෙත ලබා ගැනීමට කඩිමුඩියේ කටයුතු කළද, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය විකාශය සම්බන්ධයෙන් ජාතික රූපවාහිනිය මූල්‍ය අර්බුදයකට මුහුණපා ඇතැයි වාර්තා වේ.

දිවයින පුරා නිවාස අවශ්‍යතාවය පවත්නා අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස පහසුකම් සපයාදීම අරමුණු කරගෙන දින සියයේ වැඩසටහනට සමගාමීව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අදහසකට අනුව දින සියයේ නිවාස 50,000 සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මකවේ. අද(13) දින මෙම වැඩසටහන අාරම්භ වන අතර මේ පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සෙත්සිරිපාය අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උපදේශක සභාවක් පත් කිරීමටත් එහි සාමාජිකයන් ලෙස හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එක්කර ගැනීමට අද රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පැරදුනේ විමල් වීරවංශ නිසා බව කඩුවෙල නගරධිපති ජී.එච් බුද්ධදාස මහතා පවසයි. අද දහවල් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

ld add copy

Latest News

දන්සල් සඳහා නීති රැසක්

දන්සල් සඳහා නීති රැසක්

වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනයන්හිදී පවත්වන දන්සල් සඳහා අරමුදල් හෝ ආධාර රැස් කරන්නේ නම් එය අදා...

Connet With Us