බොදුබල සේනා, සිංහල රාවය සහ තව්හිද් ජමාද් යන සංවිධාන විසින් අද  (13 දා) කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබූ විරෝධතා ව්‍යාපාර සහ පෙළපාළි තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිප‍්‍රකට ටෙලි නිළි රෙබෙකා නිර්මලී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

විදේශයකින් කොළඹ වරායට රැගෙන ආ තවත් සැකසහිත කන්ටේනරයක් රේගු නිලධාරීන් විසින් රඳවා ගෙන ඇත.  මේ වන විට ඔරුගොඩවත්ත රේගු නිෂ්කාශන මධ්‍යස්ථානයේ එම කන්ටේනරය රඳවා තිබේ.

සිරුර පැහැපත් කැර ගැනීම සදහා බම්බලපිටියේ රූපලාවන්‍යගාරයකින් ප්‍රතිජීවක ඖෂධයක් ගත් බව කියන වෛද්‍යවරියක (48) මිය ගොස් ඇති  බව පොලීසිය කියයි.

පුළුවන්නම් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකු ඌව පළාත් සභාවට යවන්නැයි  එම පක්ෂයේ හිටපු මන්ත්‍රී  ඩබ්ලිව් එම් උදය කුමාර එම පක්ෂයේ නායක විමල් වීරවංශ ඇමැතිට අභියෝග කරයි.

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් දිවයිනපුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ලබන 26වෙනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය අනතුරු අඟවා සිටී.

රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත එන්තරවාසියක් යවා ඇත.

මෙරට ක‍්‍රියාත්මක වෙමින් ඇති හාල් මාෆියාවේ ඉහලින්ම ඉන්නේ මැති ඇමති හිතවතුන් යයි මරදගහමුල හාල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ රංජිත් මහතා පවසයි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us