රාජපක්ෂලාගේ හොර අවි ජාවරමක් හෙළිවෙයි

Published in පුවත්
Sunday, 22 March 2015 20:57

මහින්ද රාජපක්ෂගේ බෑනා වරයකු වන ශ්‍රී ලංකාවේ හිටපු රුසියා තානාපති උදයංග වීරතුංග එරට බෙදුම්වාදී කැරලිකරුවනට අවි විකිණීයැයි කියන සිද්ධියක් ගැන යුක්රේන රජය චෝදනා කරයි.

යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරෙෂෙන්කෝ(Petro Poroshenko), විදේශ ඇමැති මංගල සමරවීර මහතාට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

රයිෆල් හා සුළු අවි රුසියා ගැති බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට විකුණා ඇතැයි චෝදනාවේ සඳහන් වේ.

හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂට චෝදනා එල්ල වූ 2006 වසරේවූ කූප්‍රකට මිග් 27 යානා ගනුදෙනුවද සිදු කෙරුණේ මේ උදයංග වීරතුංග හරහාය. ඔහු මේ ගනුදෙනුව සිදු කළේ ඒ වෙනුවෙන් ව්‍යාජ සමාගමක් යොදා ගෙන බවද වකට හෙළිවිය. ආයුධ වෙළදාමේ තැරව්කරුවකු සේ පෙනී සිටිමින් එම සමාගම හරහා ඩොලර් මිලියන 400ක මුදලක් අයතා ලෙස උපයා ගැනීමට එමඟින් අපේක්ෂා කර තිබිණි. ලංකා ලොජස්ටික් සමාගම මඟින් මෙම මිග් යානා මිළදී ගැනීමට සැලසුම් කළ අතර එම සමාගම වෙනුවෙන් එහි පරිපාලන ප්‍රධානීයා වූ ගෝඨාභය රාජපක්ෂගේ පාසල් මිතුරා මෙන්ම ඔහුගේ මස්සිනා ද වන ජයන්ත වික්‍රමසිංහ මැදිහත් විය.

කෙසේ නමුත් ගෝඨාබය සමයේදී මෙරට අවි විදේශීය ත්‍රස්ත සංවිධානවලට අලෙවි කර ඇති බවට චෝදනාවක් කාලයක සිට එල්ල වෙමින් පවති. මැතකදී ඇවන් ගාර්ඩ සහ රක්නා ලංකා සමාගම් හරහාද අවි ජාවාරම් සිදුව ඇති බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

වීරතුංග, යුක්රේන අගනුවර කිවු නුවර පදිංචි වී සිටී. ඔහු එහි ක්ලබ් ලංකා අවන්හලේ අයිතිකරුය. මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති ලෙස ඔහු වසර 9 ක් සේවය කළේය.

නව රජය පත්වීමෙන් පසුව දේශපාලන පත්වීම් ලද සියලු තානාපතීන් කොළඹට කැඳවූවත් වීරතුංග කොළඹට පැමිණියේ නැත.

 

Last modified on Monday, 23 March 2015 09:37

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us