ජාතික ප්‍රතිපත්තියක් හදන්න, ඇමති ධුර ගැනීම අවුලක් - මාදුළුවාවේ සෝභිත හිමි Featured

Published in පුවත්
Monday, 23 March 2015 00:07

රට තුළ යහපාලනය ඇති කිරීම සඳහා සහයෝගය ලබා දීම් වස් අමාත්‍ය ධුර භාර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

රටේ යහපාලනය ඇති කර පොදු ප්‍රතිපත්තියක් සකසා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ උන්වහන්සේ සියලු පක්ෂ එකතු වී ඒ සඳහා සහාය ලබා දීමේ වැදගත්කම පෙන්වා දුන්හ.

නමුත් අවශ්‍ය නම් ඇමති ධුර භාර නොගෙන පොදු ප්‍රතිපත්තියක් සඳහා යන ගමනට සහාය දැක්විය හැකි බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් කියා සිටියේ බීබීසීයේ සරෝජ් පතිරණ හා සාකච්ඡාවකට එක් වෙමින්.

ඇමතිකම් භාර දීම වෙනුවට පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන කළ යුතුව තිබුණේ පොදු ප්‍රතිපත්තියක් සඳහා පක්ෂ, ආගම්, ජාති භේද පසෙකලා සියලු දෙනාට එක් වන මෙන් ආරාධනා කිරීම යැයි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ සඳහන් කළහ.


‘ජාතික ආණ්ඩුවක් කියන ඒකෙන් අදහස් කරන්නේ මේ හැමදෙනාම ඇමතිවරු බවට දිව්රුම් දීම නම් මට හිතා ගන්න බැහැ මොකක්ද මේ සිද්ධ වෙමින් පවතින්නේ කියලා’ උන්වහන්සේ පැවසූහ.

කෙසේ නමුත් පසුගිය ජනවාරි අට වනදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වූ අවස්ථාවේ ජාතික ප්‍රතිපත්තියක් සැකසී තිබූ බවත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ සඳහන් කළහ.

‘මොකද එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විදිහට ඉදිරිපත් වුණේ. එක්සත් ජාතික පක්ෂයෙන් මේකට සහයෝගය ලැබෙනවා. හෙළ උරුමයෙන් මේකට සහයෝගය ලැබෙනවා. කවදාවත් නැතිව දෙමළ සංවිධාන ඔක්කොගෙම සහයෝගය ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් අනියම් ආකාරයකින් සහයෝගය දුන්නා’ උන්වහන්සේ කියා සිටියහ.

කිසියම් ප්‍රතිපත්තිමය ජයග්‍රහණයක් ලබා ගැනීමේ අරමුණින් සියලු දෙනා එලෙස එක් වූ බව පවසන උන්වහන්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු රට හමුවේ ඇති ප්‍රධාන ගැටලු විසඳීම සඳහා දියත් කළ ‘දින සියයේ’ වැඩසටහන අවසානය කරා පැමිණ ඇති බවත් සඳහන් කළහ.

මහින්ද අභියෝගය?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත්වීම 'ආණ්ඩුවට අභියෝගයක් නොවෙයි'

‘එක පැත්තකින් මැතිවරණයක් ඉල්ලලා එක්සත් ජාතික පක්ෂය උද්ඝෝෂණයක් කර ගෙන යනවා. ජෙවීපි මැතිවරණයක් ඉල්ලනවා අප්‍රේල් මාසේ දින සීය අවසන් වෙන කොට. මේ වගේ මහා ආරවුල් සහගත තත්වයක් තියෙද්දී තමයි ඒ අතරට මේ ඇමතිවරු දිව්රුම් දීමත් ආවේ’ උන්වහන්සේ පැවසූහ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යළිත් වරක් දේශපාලනයට අවතීර්ණ වී අගමැති ධුරයට තරග කළ යුතු බවට ඇතැම් කණ්ඩායම් විසින් කරනු ලබන ඉල්ලීම් හමුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ ආණ්ඩුවට අභියෝගයක් එල්ල වී ඇත්දැයි කළ විමසීමේදී උන්වහන්සේ කියා සිටියේ එය අභියෝගයක් නොවන බවයි.

‘ඔහුගෙන් අභියෝගයක් එල්ල වෙන්නේ කොහොමද. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්න අනිත් ඔක්කොම ඉන්නේ සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂ, අර විමල් වීරවංශ මහත්තයාගේ කණ්ඩායම. ඒ කණ්ඩායම් කිහිපයක්නේ ඉන්නේ’ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

bbc (audio)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us