මහින්ද යුඑන්පියට කළ දේ මෛත්‍රී ශ්‍රීලනීපයට කරයි

Published in පුවත්
Sunday, 22 March 2015 17:40

ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් ඇමැතිවරුන් ලෙස අද දින දිවුරුම් දෙනු ලැබීමෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට විපක්ෂයෙන් එල්ල වෙමින් තිබු අභියෝගයන් අවසන් කරනු ලැබීය. 'ජාතික ආණ්ඩු ලේබලය'යටතේ නව පත් කිරීම සිදු වූවද මෙහිදී සිදුව ඇත්තේ යහපාලනයට කරදරකාරයන් වූවන් නිහඬ කිරීමය.

මහින්ද රාජපක්ෂ 2005 දී බලයට පැමිණෙන විට ඔහුටද තිබුණේ හෙල්ලෙන දතක් මෙන් ආණ්ඩුවක් වූවද විපක්ෂයෙන් මන්ත්‍රීවරු අතිවිශාල ප්‍රමාණයක් ඇමැතිකම් හා වරප්‍රසාද ලබා දෙමින් ආණ්ඩුවට එක් කර ගතේය. මෙවර සිදුව ඇත්තේම එවැනිම සංසිද්ධියකි. එහෙත් මෙහිදී මහින්දව පරයා සිරිසේන මහතා ඉදිරියට ගොස් තිබේ. එනම් මන්ත්‍රීවරු අතලොස්සක් හැර සමස්ථ විරුද්ධ පක්ෂයද තමාගේම අණසක යටතේ තබා ගැනීමට හැකිවීමය.

කෙසේ නමුත් දැන් ශක්තිමත් ආණ්ඩුවක් තිබේ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දැන් දුන් පොරොන්දු අනුව වහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් ලබා දී නව මැතිවරණ ක්‍රමයක් යටතේ ඊළඟ මහ මැතිවරණයට සූදානම් විය යුතුය. එය ප්‍රමාදවන තාක් කල් නව යහපාලන ආණ්ඩුවද බොහෝ ඉක්මනින් ජනතා අප්‍රසාදයට ලක්ව නැවත හොරු රංචුවකට පාලන බලය අත්පත් කර ගැනීමට පහසු අවස්ථා ලබා දෙනු ඇත.

නව අමාත්‍යවරුන්

නව කැබිනට් ඇමතිවරු 11 දෙනා පහත පරිදිවෙයි.


එස්.බී. නාවින්න - කම්කරු අමාත්‍ය
ඒ එච් එම් ෆවුසි - ආපදා කළමනාකරණ අමාත්‍ය
පියසේන ගමගේ - නිපුණතා සංවර්ධන හා ව්‍යාපෘති පුහුණු අමාත්‍ය
ෆීලික්ස් පෙරේරා - විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
එස්.බී.දිසානායක - ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
මහින්ද අමරවීර - ධීවර අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
රෙජිනෝලඩ් කුරේ -ගුවන් සේවා අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා - වාරිමාර්ග අමාත්‍ය
සරත් අමුණුගම - උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
ජනක බණ්ඩාර - පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

නව රාජ්‍ය ඇමතිවරු පස්දෙනා පහත පරිදිවෙයි

පවිත්‍රාදේවී වන්නිආරච්චි - පරිසර රාජ්‍ය අමාත්‍ය
ජීවන් කුමාරතුංග- කම්කරු රාජ්‍ය අමාත්‍ය
මහින්ද සමරසිංහ -මුදල් රාජ්‍ය අමාත්‍ය
සී.බී. රත්නායක - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන රාජ්‍ය අමාත්‍ය
ඩිලාන් පෙරේරා - නිවාස හා සමෘද්ධි අමාත්‍ය

නව නියෝජ්‍ය ඇමතිවරු පහත පරිදිවෙයි


තිස්ස කරැල්ලියද්ද - බුද්ධ ශාසන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය - ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
දයාග්‍රිත තිසේරා- ධීවර නියො‍්ජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් සෙනවිරත්න-ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය
ලක්ෂමන් යාපා අබේවර්ධන - ගුවන්‍ සේවා නියෝජ්‍ය අමාත්‍ය
ලලිත් දිසානායක- වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
ජගත් පුෂ්පකුමාර - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය
සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය - උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය
ශාන්ත බණ්ඩාර - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
ලසන්න අලගියවන්න-ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

Last modified on Sunday, 22 March 2015 17:57

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us