මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එළඹෙන සිංහල අවුරුද්දට කලින් එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ බිහිකරන බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගලිගමුවේදී පවසා සිටියේය.

2015 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් වන අවසන් ඡන්ද විමසීම අද සිදු කෙරේ. අයවැය ඡන්ද විමසීමේදී යම් පෙරළියක් සිදුවනු ඇති බවට පළවන මතවාද සම්බන්ධයෙන් මේ වන විට වැඩි අවධානයක් යොමුවී ඇත. දේශපාලන පක්ෂ කුමන ආකාරයකින් මෙවර අයවැය අවසන් ඡන්ද විමසීමේදී කි‍්‍රයා කරන්නේදැයි මෙතෙක් නිශ්චිතව ප‍්‍රකාශ වී නොමැත.

පසුගියදා අතුරුදන්ව  සිටි රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා යළි නිවසට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද කොළඹ සම සංවිධායකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා හා පළාත් සභා මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකරමින් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

බස්‌නාහිර, ඌව, උතුරුමැද,නැගෙනහිර ඇතුළු පළාත් සභා කීපයක බලය ලබාගැනීම සඳහා පොදු විපක්‍ෂය විසින් මෙහෙයුමක්‌ ආරම්භ කර තිබේ.

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ කළ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය අද නිවේදනය කළේය. දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරීන්වරුන් වෙත අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දස දහසක පමණ සංඛ්‍යාවකට ලබාදීමට නියමිතව තිබු ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ld add copy

Connet With Us