පාර්ලිමේන්තුව කුඩු කාරයින්, එතනෝල් කාරයින්ගෙන් පිරි ඇති බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව 'පොදු අපේක්ෂකයකු' ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව, මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණෙන්නේ නම්, ඔහු එජපයේද සහාය ඇති පොදු අපෙක්ෂයකයා ලෙස තෝරාගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
පාවාදීම් කියන්නේ මේ රටේ හැමදාම සිදුවූ දෙයක් බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා කියයි.
එය ඓතිහාසිකව තුරන් වෙන ලක්ෂණයක් නොවන බවත්, රාජසිංහ යුගයේද ඇහැළේපොළ නිලමේ විසින්ද පාවාදීම් සිදුකළ බවත්, ඇමතිවරයා කියා සිටියේ අද (21)_ පැවැති මාධ්‍ය හමුවකදීය.
අතුරලියේ රතනහිමිට තර්ජනයක් හෝ ජීවිත හානි සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් ගත යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.
එහි මාධ්‍ය ලේකම්, බස්නාහිර පළාත් මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිල්වලා විජේසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව සඳහන් කරයි.
ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් අද හෝ හෙට විශේෂ ප්‍රකාශයක් කර විපක්‍ෂයේ අසුන් ගැනීමේ උත්සාහයක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ පිරිස ඊයේ (20 දා) හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ නිව සේදී හමුවී රහසිගත සාකච්ඡාවක් ද පවත්වා ඇතැයි 'දිවයින' පුවත්පත අනාවරණය කරයි.
ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනවල රුපියල් කෝටි 975කට අධික මූල්‍ය වංචා දූෂණ සිදුවී ඇති බව නවතම කෝප් වාර්තාවෙන් හෙළි වේ.
මුදල් අමාත්‍යංශයට අයත් සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලයේ රුපියල් හතලිස් හතර කෝටි අසූ ලක්ෂ හැටහතර දහස් නවසිය හතලිහක (රු.448,064,940) මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇත.
ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ රුපියල් කෝටි 240ක්ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ආයෝජනය කර තිබෙන රුපියල් එකසිය දහතුන් කෝටි හැටපන් ලක්ෂයක්ද (රු.1,136,500,000) නිවසා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ රුපියල් කෝටි 300ක ආයෝජනයක්ද ආදී වශයෙන් මෙම වංචා දූෂණ සිදුවී ඇත.