ක්‍රීඩා සංගම් මා‍ෆියාවට ඇමැතිගෙන් මාරාන්තික ප්‍රහාරයක් !

Published in පුවත්
Wednesday, 18 March 2015 08:19

ඉදිරි කාලයේ පැවැත්වෙන නිලවරණවලට අදාළව මේ වනවිටත් නාම‍යෝජනා භාරගෙන ඇති ජාතික ක්‍රීඩා සංගම් සුදුසුකම් සපුරා නැති අයගේ නාමයෝජනා පිළිගෙන ඇත්නම් ඒවා අවලංගු කොට නැවත නාමයෝජනා කැඳවිය යුතු බවත්. ඒ සඳහා සාධාරණ කාලයක් ලබාදිය යුතු හෙයින් තවත් සති හයකින් නිලවරණ පැවැත්වීමේ කාලය දීර්ඝ කරන ලෙසත් ක්‍රීඩා හා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ක්‍රීඩා පනතේ 13 (2) වගන්තියට අනුව මේ වනවිට අඛණ්ඩව හෝ වරින්වර වසර 4ක කාලයක් ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක ප්‍රධාන තනතුරු දරා ඇති කිසිදු නිලධාරියෙකුට එම නිලතලවලට ඉදිරිපත්විය නොහැකි බැවින් එවැනි පුද්ගලයකු දැනටමත් නාමයෝජනා ලබාදී ඇත්නම් ඒවා ප්‍රතික්ෂේප වනු ඇත.

මෑතකදී ලැබුණු නීතිපති උපදෙස්වලට පෙර කුමන හෝ අයුරකින් නාමයෝජනා ඉදිරිපත්කර ඇති වසර 4ක් සිටි නිලධාරීන් ක්‍රීඩා සංගමයකට නැවැත පත්වුවහොත් එම පත්වීම්වල නීත්‍යානුකූලභාවයක් නොමැති හෙයින් නැවැත නාමයෝජනා කැඳවීමේ අවස්ථාව ලබාදීමට පියවර ගෙන ඇත. ක්‍රීඩා හා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතාගේ පූර්ව ලිඛිත අනුමැතිය සහිතව ඉදිරිපත්විය හැක්කේ වසර දෙකක් සිටි නිලධාරීන්ට පමණි. එවැනි නිලධාරීන් නැවැත පත්වීමට අපේක්ෂා කරන්නේ නම් අදාළ ධුර කාලය සමග ක්‍රීඩාව දියුණු කිරීමට ලබාදුන් දායකත්වය ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වෙත යොමු කළ යුතු වේ.

එහිදී එම නිලධාරීන් පළාත් දිස්ත්‍රික් හා කලාප මට්ටමින් ක්‍රීඩා සංවර්ධනයේ නියුක්තවී ඇති ආකාරය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉහළ නැංවීම, අදාළ ජාතික කණ්ඩායමේ කුසලතා මට්ටම වැඩි කිරීම හා දක්ෂ ජාතික ක්‍රීඩකයන් හඳුනා ගැනීම යන කරුණුවලට දැක්වූ දායකත්වය සැලකිල්ලට ගැනේ. ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීමට කටයුතු යොදා තිබියදී ක්‍රීඩා සංගම්වල නිලධාරීන්, ක්‍රීඩකයන් ක්‍රීඩා ඇමැතිවරයා වෙත නොයෙක් විරෝධතා හා පැමිණිලි ඉදිරිපත් කර තිබුණි. එම විරෝධතා හා පැමිණිලි සලකා බැලූ අමාත්‍යවරයා ක්‍රීඩා සංගම් නිලතල දැරීමේදී සපුරා තිබිය යුතු නීතිමය පසුබිම කවරේද යන්න නීතිපති උපදෙස් විමසීය.

එහිදී පැහැදිලිව සඳහන්ව ඇත්තේ වසර දෙකක කාලයක් ක්‍රීඩා සංගමයක ප්‍රධාන තනතුරේ සිටි අයට විශේෂ තත්ත්වයන් මත නැවැත වරක් පැමිණීමට අදාළ විෂයභාර අමාත්‍යවරයාට අනුමැතිය ලබාදිය හැකි බවත් වසර 4ක් සිටි අයට තවදුරටත් එම ධුරවලට පත්විය නොහැකි බවත්ය.

මේ තත්ත්වය මත වසර 4ක් සිටි ක්‍රීඩා නිලධාරියෙකුට ඇමැතිවරයා කලින් අවසරය ලබාදී තිබුණද ඒවායේ වලංගුභාවය පිළිබඳ අප කළ විමසීමකදී ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පැවැසුවේ නීතිය පොදුවේ සැමට එකක් බවයි.

කෙසේ නමුත් මේ නව රෙගුලාසි වෙනස් කර ගැනීමට පසුගිය සති කිහිපයේදී ක්‍රීඩා සංගම් මා‍ෆියාව දැඩි වෙහෙසක් ගත් නමුදු ඒ පරාජය කිරෙමට ඇමැතිවරයා සමත් වීම සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයම ලැබූ ජයග්‍රහණයකි.

ක්‍රීඩාවේ සැබෑ දියුණුව වෙනුවෙන් කොන්ද පණ ඇතිව මෙලෙස තීන්දු ගැනීමටත් ඒ ක්‍රියාත්මක කිරීමටත් ඇමැති නවීන් දිසානායක මහතාට ඉදිරියටත් ධෛර්යය හා ශක්තිය ලැබෙනු ඇතැයි ලංකා ඩේලී ප්‍රාර්ථනා කරමු.


දිනමිණ ඇසුරෙණි.

 

සැබැඳි පුවත්:

ක්‍රීඩා සංගම් මා‍ෆියාව ඇමැති නවීන්ව බිත්තියට හේත්තු කරගෙන

ක්‍රීඩා සංගම් මා‍ෆියාව ඇමැතිට එරෙහිව අවි අමෝරයි 

මානෙල්ලා වුෂූවලින් දියුණු වූ හැටි.

ක්‍රීඩා සංගම්වලට ඉස්‌සර කෙළි දැන් කරන්න බෑ - නවීන් 

මානෙල්ලාගෙන් වූෂූ බේරා දෙන්න-මහේෂ් විතාරන

ක්‍රීඩාව කාපු පට්ට හොරු ඇමැති නවීන්වත් අන්දවයි 

ක්‍රීඩාව සංචාරක ඇමැතිට

Last modified on Wednesday, 18 March 2015 08:28

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us