ක්‍රීඩා සංගම් මා‍ෆියාව ඇමැති නවීන්ව බිත්තියට හේත්තු කරගෙන

Published in පුවත්
Friday, 13 March 2015 08:07

වසර 4කට වඩා වැඩි කලක් ක්‍රීඩා සංගම්වල ප්‍රධාන තනතුරු දැරූ අයට නැවත නාමයෝජනා ලබාදිය නොහැකි බවට ලැබුණු නීතිපති උපදෙස් පිළිබඳ නැවත සලකා බැලීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වෙයි.

ක්‍රීඩා හා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතා ඊයේ(12) කැලණියේ පාපන්දු නේවාසිකාගාරයට මුල්ගල තැබූ උත්සවයේදී මේ බව පැවැසීය. දැනට ප්‍රධාන තනතුරු දැරූ පුද්ලයන්ට වසර 2013දී පනවා තිබූ ක්‍රීඩා රෙගුලාසි අනුව ඉදිරිපත්වීමට හැකියාව ඇත්ද යන්න මේ සොයා බැලීම අනුව සිදු කෙරේ.

මීට හේතුව වී ඇත්තේ ක්‍රීඩාව බඩගෝස්තරය කර ගනිමින් සිටින ක්‍රීඩා සංගම් මා‍ෆියාවේ නියෝජිතයන් ඇමැතිවරයාට තර්ජනය කිරීම නිසා බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. ඔවුන් පවසා ඇත්තේ සියලු ජාත්‍යන්තර සම්බන්ධකම් ඇත්තේ තමන්ට බවත් එම නිසා ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා මෙරට ක්‍රීඩකයන් සහභාගී කරවීම නොකරවීම තමන් අතේ තිබෙන කටයුත්තක් බවත් එමඟින් මෙරට ක්‍රීඩාව ආපස්සට ඇද දැමීමට තමන්ට හැකි බවත් ආදී වශයෙන් මෙම තර්ජනාංගුලිය ඇමැතිවරයාට එල්ල කර තිබේ.

වසර 4කට වඩා නිලතලවල සිටි අයට නැවත නාමයෝජනා භාරදිය නොහැකිය යන උපදෙස් මත මෙරට දූෂිතම ක්‍රීඩා සංගම් කිහිපයක සියයට අනුවක් පමණ දෙනාට මෙවර ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමි වේ.

ක්‍රීඩා සංගම්වල සභාපති, උප සභාපති, ලේකම්, උප‍ ලේකම්, භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික තනතුරුවල වසර 4කට වඩා සිටී නම් නීතිපති උපදෙස් මත නැවත එම තනතුරුවලට ඉදිරිපත්වීමට හැකියාව අහිමිවී තිබුණි.

කෙසේ නමුත් එම නැවත සලකා බැලීම නීතිපති උපදෙස් අනුවම සිදු කිරීමටද පියවර ගන්නා බවද ඇමැතිවරයා පවසයි .

සැබැඳි පුවත්:

ක්‍රීඩා සංගම් මා‍ෆියාව ඇමැතිට එරෙහිව අවි අමෝරයි 

මානෙල්ලා වුෂූවලින් දියුණු වූ හැටි.

ක්‍රීඩා සංගම්වලට ඉස්‌සර කෙළි දැන් කරන්න බෑ - නවීන් 

මානෙල්ලාගෙන් වූෂූ බේරා දෙන්න-මහේෂ් විතාරන

ක්‍රීඩාව කාපු පට්ට හොරු ඇමැති නවීන්වත් අන්දවයි 

ක්‍රීඩාව සංචාරක ඇමැතිට

 

 

Last modified on Friday, 13 March 2015 08:16

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us