ඉන්දීය අගමැති අද මෙරට පාර්ලිමේන්තුව අමතයි

Published in පුවත්
Friday, 13 March 2015 07:50

ශ්‍රී ලංකා - ඉන්දියා ‍ඵෙතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ‍දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති න‍රේන්ද්‍ර ‍මෝදි මහතා අද (13) ශ්‍රී ලංකාවට සැපත් ‍වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවකට අනුව මෙරටට පැමි‍ණෙන ඒ මහතා වසර 27 කට පසුව නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමි‍ණෙන පළමු ඉන්දීය රාජ්‍ය නායකයා වශ‍යෙන් ඉතිහාසයට එක් ‍වෙයි. මීට ප්‍රථම අවසන් වරට හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධී මහතා‍ නිල සංචාරයක් සඳහා‍ 1987 වස‍රේ දී ශ්‍රී ලංකාවට පැමිණි‍යේය.

අද ‍‍පෙරවරු‍වේ ‍මෙරටට සැපත්වන ඉන්දීය අගමැතිවරයා ‍වෙනු‍වෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්‍‍වෙන අතර ඊට අමතරව වි‍ශේෂ හමුදා උත්තමාචාරයක් පැවැත්වීමට ද නියමිතයි. එයින් අනතුරුව ‍කොළඹට කැඳවා‍ගෙන එන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේ දී පැවැත්වේ.

ජනාධිපතිවරයා හා ඉන්දීය අගමැතිවරයා අතර හමු‍වීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අගමැතිවරයා ‍වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමටද නියමිත අතර ඉන් පසුව ඉන්දීය අගමැතිවරයා ඉන්දීය සාම සාධක හමුදා නිලධාරීන්ගේ සිහිවටන ස්තම්භයට පුෂ්‍පෝපහාර පිදීමට නියමිතව ඇත. ‍මේ අතඅර අගමැතිවරයා මහාබෝධි සංගමයේ විශේෂ සංචාරයක ද නිරත ‍වෙයි.

අනතුරුව ඉන්දීය අගමැති න‍‍රේන්ද්‍ර ‍මෝදි මහතා අද පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත අතර ඒ මහතාගේ පැමිණීම නිමිත්තෙන් පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළි‍වෙලක් ද ක්‍රියාවට නංවා ති‍බේ. ඉන්දීය අගමැතිවරයාගේ පැමිණීම නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමැතිවරුන්ට පැමිණීම අනිවාර්ය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

‍මේ අතර ඉන්දීය අගමැතිවරයා ‍හෙට (14) දින‍යේ දී අනුරාධපුරය, ත‍ලෙයි මන්නාරම, යාපනය ප්‍රදේශයන්හි සංචාරය කිරීමට නියමිත අතර ඒ ඒ ප්‍රදේශයන්හි විවිධ වැඩසටහන්වලට සහභාගි ‍වෙයි. අනුරාධපුර‍යේ සංචාරය කරන ඒ මහතා ශ්‍රී මහා ‍බෝධිය සහ රුවන්මැලි මහා සෑය වැඳපුදා ගන්නා අතර ත‍ලෙයි මන්නාරම සංචාර‍යේ දී ඉන්දීය රජ‍යේ ආධාර මත් ක්‍රියාත්මක කළ මඩු - ත‍ලෙයිමන්නාරම දුම්රිය මාර්ගවය විවෘත කිරීමට නියමිතයි.

ඊට අමතරව යාපනය බලා යන ඉන්දීය අගමැතිවරයා පුස්තකාලය නැරැඹීමට නියමිත අතර ඒ මහතා‍ගේ පැමිණීම නිමිත්තෙන් සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමට ද සැළසුම්කර ති‍බේ. ‍මේ අතර ඉන්දීය ආධාර ව්‍යාපෘතියක් වන ඉල්ලා‍වේලී ප්‍රදේශ‍යේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති‍යේ ඉදිකළ නිවාස කිහිපයක් හිමිකරුවන් ‍වෙත බාරදීම ද ඉන්දීය අගමැති න‍රේන්ද්‍ර ‍මෝදි මහතා‍ගේ ප්‍රධානත්ව‍යෙන් සිදු‍කෙ‍රේ.

තම ශ්‍රී ලංකාව සංචාර‍යේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ති‍බෙන රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකිවන අතර එය ‍දෙර‍ටේ සබඳතාවල ස්වර්ණමය කාල පරිච්ඡේදය වනු ඇතැයි ද න‍රේන්ද්‍ර ‍මෝදි මහතා ප්‍රකාශ කරයි.

ඉන්දියා‍වේ පහ‍ලොස්වන අගමැතිවරයා වශ‍යෙන් බලයට පත් න‍රේන්ද්‍ර ‍මෝදි මහතා‍ගේ දිවුරුම් දී‍මේ උ‍ළෙලට කලාපීය රාජ්‍ය නායකයන් රැසක් සහභාගි වූ අතර ශ්‍රී ලංකා‍වේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ ද ඒ අතර විය.

 

dinamina

Last modified on Friday, 13 March 2015 08:04

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us