subash
මාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඊයේ කොටුව දුම්රිය පොළ ඉදිරිපස දැඩි කළබලකාරී වාතාවරණයක් දක්නට ලැබුණු අතර බොහෝ දෙනා සිතුවේ සිකුරාදා දිනයක් බැවින් ගම්බ්ම් බලා යන පිරිස නිසා එම කළබලකාරී වාතාවරණය හටගත් බවයි. එහෙත් පසුව එය දුම්රියපොළ ඉදිරිපිට පවත්වනු ලැබූ උද්ඝෝෂණයක් හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බව අනාවරණය විය.
2008 දී හෙරොයින් ග්‍රෑම් 7.05 ක් ළඟ තබාගෙන සිටි වරදට ඊයේ (14) ‘වෙළේ සුදාව’ මරණ දඬුවමට නියම කෙරිණ. සේයා දැරියගේ ඝාතනයට අදාළ ඩී.එන්.ඒ, සාම්පලය ‘කොන්ඩයාගේ’ අයියාගේ ඩී.එන්.ඒ. සමග ගැළපෙන බවත් ඊයේ අධිකරණය වාර්තා කෙළේය. පසුගිය දීර්ඝ කාලය තිස්සේ ලංකාවේ මත්ද්‍රව්‍ය වෙළඳාමේ සිටි ප්‍රධාන චරිතයක් වන ‘වෙළේ සුදාට’ නැවත එම වරද කළ නොහැකි වන සේ දඬුවම් පැමිණවිය යුතුය.
ඇවන්ගාර්ඩ්ගෙන් සල්ලි ගත්තු මාධ්‍යවේදීන්, දේශපාලකයන්, ජවිපෙ හෙළිකරන්න යයි !
ඇවන්ගාර්ඩ් මුහුදු ආරක්ෂක සාමගමට අයත් පාවෙන අවි ගබඩාව පිළිබඳ ව ඇති චෝදනා වසන් කිරීම සඳහා එම ආයතනයෙන් මුදල් ලබා ගත්තාය කියන මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් ,ආරක්ෂක අංශ නිළධාරීන්, පොලිස් නිලධාරීන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දේශපාලකයන් ආදී සියලු දෙනා හෙළිදරව් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙමින් සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙහිදී ගත් මුදල් හා වරප්‍රසාදයන් ගැනද හෙළි කෙරෙණු ඇති බවත් මේවන විට විශාල තොරතුරු ප්‍රමාණයක් එක් රැස් කරගෙන ඇති බවත් එම තොරතුරු මාර්ග පවසයි.
එක්නැළිගොඩ ඝාතනය කර සිරුර ත්‍රිකුණාමලයෙන් මුහුදට දමලා
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා රජයේ හමුදා බුද්ධි අංශ මඟින් පැහැරගෙන ගොස් සොරිවිල (මනම්පිටිය) වැලිකන්ද ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය අතුරු හමුදා කඳවුරකට බාර දී ඇති බවත් පසුව ඔහු ඝාතනය කර මෘත දේහය ත‍්‍රිකුණාමලයට රැගෙන ගොස් මුහුදට දමා ඇති බවත් හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
වසරකට කුඩු කිලෝ 3500ක් රටට හොරෙන් එනවා - නාවික හමුදාපති
අන්තර්ජාතික මත්කුඩු ජාවාරම්කරුවන් වසරකට මත්කුඩු කිලෝ තුන්දහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක් බෙදාහැරීමට මෙරටට එවන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තරග දේශීය විකාශන අයිතිය වතාවක් සිරස ටිවී ආයතනය වෙත පැවරීමේ කුමන්ත්‍රනකාරී වැඩ පිලිවෙලක් සිරස ටීවී හිමිකරු කිලී මහරාජා විසින් විසින් ක්‍රියාවට නඟා ඇති බව දැන ගැනීමට ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ජනපතිට පොල් කෙන්දක තරම්වත් බලයක් නැති බව 'ජිෆී' පෙන්වා දෙයි
පරිසර ඇමැතිධුරය හොබවන 'විධායක ජනාධිපති' මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලය තමන්ට පොල් කෙන්දක තරම් නොවන බව 'ජිෆී' පාලනාධිකාරිය පසුගියදා (13) මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ට පෙන්වා දී තිබේ. පොලි කොහු සෝදන කැල්සියම් නයිට්‍රේට් විෂ රසායන අඩංගු අපජලය කෙළින්ම දදුරු ඔයට දමමින් අති විශාල විනාශයක් කරමින් සිටින කොඹෙයිගනේ ජිෆී සමාගම සම්බන්ධයෙන් අප විසින් දිගින් දිගටම එල්ල කළ චෝදනාව හේතුවෙන් නැවත වරක් එම සමාගමේ කටයුතු පරික්ෂා කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින් පියවර ගෙන තිබේ.
ඇකඩමි සම්මාන දිනූ 'Spirited Away' චිත්‍රපටය 22 දා පදනමේදී
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් චිත්‍රපට ඇකඩමිය සංවිධානය කරනු ලබන මාසික චිත්‍රපටි ප්‍රදර්ශනය යටතේ මෙවර ජපන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන හයාඕ මියසාකිගේ ඇකඩමි සම්මාන දිනූ 'Spirited Away' චිත්‍රපටිය ඔක්තෝම්බර් 22 වෙනිදා සවස 4.00ට ප්‍රදර්ශනය කරනු ලබයි.
