subash
ආගමන නීති රීති උල්ලංගනය කරමින් මෙරට රැඳී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නයකයා ලෙස සැලකෙන ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා අත් අඩංගුවට ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් ආණ්ඩුවේ ඉහළම නායකයකුගෙන් කළ දැඩි ඉල්ලීමක් මත සිදුව ඇති බව අප වෙත වාර්තාවේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක් ප්‍රේම කුමාර් ගුණරත්නම් මහතාව මිට ස්වල්ප වෙලාවකට පෙර කැගල්ලේදී අත් අඩංගුවට ගෙන ඇති බව් වාර්තාවේ.
ජාතික උසස් ගණකාධිකරණ ඩිප්ලෝමාවට උපාධි සමානතාව ලබාදීම සඳහා අවශ්‍ය කරුණු බලාත්මක කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (03දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
HNDA සිසුන්ට පහර දීමට අණ කළේ, ශ්‍රී ලනීපයේ ප්‍රබලයෙක්.
පසුගියදා පැවැති HNDA ඩිප්ලෝමා සිසුන්ගේ උද්ඝෝෂණයට පහර දෙන ලෙස පොලීසියට ලැබුණු ඉහළ අණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකුගේ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
බිලියන 2.2 ගල් අඟුරු මගඩියට ජනපති, අගමැති,ඇමැතිවරු ඇතුලු 75 කට නොතිසි
ලංකා ඩේලී වෙබ් අඩවිය විසින් පසුගියදා හෙළි කරන ලද බිලියන 2.2 ගල් අඟුරු මගඩිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 75 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) නොතීසි නිකුත් කර තිබේ.
අපි වැඩ කළේ යළිත් ප්රජාතන්ත්ර විරෝධී වැඩ කරන්න නෙමෙයි - අලුත් පරපුර
HNDA සිසු විරෝධතාවයට ඔක්තෝබර් 29 වන දා පොලීසිය විසින් එල්ල කළ තිරශ්චීන ප්‍රහාරය දැඩිව හෙලා දකින බව නිවේදනයක් නිකුත් කරමින් අලුත් පරපුර පවසා සිටියි.
එකී නිවේදනය මෙසේය.
මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරන අලුත් පරපුර සංවිධානය යනු පසුගිය ජනාධිපතිවරණයේ දී පැවතුණු රාජපක්ෂ පාලනය පරාජය කිරීමට සිය ශ්‍රමය කැප කළ සංවිධානයකි. අප මෙම නිවේදනය නිකුත් කරන්නේ පසුගිය දා (ඔක් 29) HNDA සිසුන්ගේ විරෝධතාවයට ශ්‍රී ලංකා පොලීසිය විසින් එල්ල කරන ලද නින්දිත ප්‍රහාරය අප සංවිධානය කොන්දේසි විරහිතව හෙලා දකින බව ප්‍රකාශයට පත් කිරීමට ය.
ජිනීවා ක්‍රියාවලිය හරහා මුස්ලිම් ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීම - ජෙහාන් පෙරේරා
උතුරේ ජීවත් වෙමින් සිටි මුස්ලිම් ජනතාව පැය කිහිපයක සහ දින දෙකක් දක්වා වන කෙටි කාලයක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පන්නා දමා මේ සතියට වසර 25 ක් ගතවෙයි. දෙමළ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රීය කලාපය වන උතුරේදී ඔවුන්ට සැළකූ ආකාරය ඉතා ශෝචනීයයි. තම ගම්බිම් හැරපියා යාමට ඔවුන්ට ලැබුණේ පැය දෙකක් වැනි කෙටි කාලයකි.
රනිල් - මහින්ද, ප්‍රචාරක කටයුතු එකම සමාගමකට බාර දෙයි
මහින්ද රාජපක්ෂ ශ්‍රී ලනීපය දෙකඩ කරමින් ආරම්බ කරන නව දේශපාලන සන්ධානයේ ඉදිරිපළාත් පාලන මැතිවරණ ඇතිවරණ ප්‍රචාරක සැලසුම සකස් කිරීම 'මීඩියා ෆැක්ටරි'නම් ප්‍රචාරක නියෝජිතායතනයට බාර දී තිබේ.
මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ දේශපාලන ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධ සියලු පරීක්ෂණ කඩිනමින් සහ විධිමත්ව අවසන් කිරිමේ වගකීම තමන් භාරගන්නා බව ජාතික සංවාද පිලිබඳ ඇමැති මනෝ ගනේෂන් මහතා ලලිත් කුමාර්ගේ පියා වන ආරුමුගම් වීරරාජ්ට අද (31) විශේෂ පොරොන්දුවක් ලබා දුන්නේය.
මානව සමාජයට මිනිස් සබඳතා යළි ඉල්ලා සිටින චිත්රමය මේඝදූතය
බෙල්ජියානු ජාතික චිත්‍ර ශිල්පි රෙනෝ මග්‍රිට් ගේ දෘශ්‍යකලා කෘතියකි මෙහි දැක්වෙනුයේ. කලා ඉතිහාස තුළ ඔහු ස්ථානගත වනුයේ අධිතාත්විකවාදි කලා ප්‍රවණතාවයේ සුවිශේෂී ලකුණක් ලෙසිනි. මෙම සිතුවමෙහි නිරූපණය වනුයේ එකිනෙකා මුහුණු ආවරණව සිප ගන්නා ස්ත්‍රි පුරුෂ යුගලකි. නෙතින් නෙත රඳවා ප්‍රේමයක ජීවයක් නොලැබ, ආදර ස්පර්ශයේ උණුසුම ද අහිමි වූ මෙම ප්‍රේමාලිංගනය දුටු වනම අප තුළ තිගැස්මක් ඇති කරයි. මානවීය සබඳතා බිඳ වැටීමක් පිළිබඳ හැඟවුමක් මතුකරයි. ප්‍රේමය පිළිබඳව සමකාලීන අර්ථයෙන් නැවත සිතීමකට සිතිවිලි සකසයි.
