subash

subash

දැන්වත් දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරන විරෝධතා සත්‍යග්‍රහයක් අද (14) දින කොළඹ කොටුව දුම්රියපොල ඉදරිපිටදී පැවැත්විණි. සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට වාමාංශික දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්, මානව හිමිකම් සංවිධාන නියෝජිතයන්, දේශපාලන රැඳවියන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

පසුගිය ජනාධිපතිවරණයේ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී ස්වාධීන රූපවාහිනී සේවයේ වී ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳ ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසම කරන පරීක්ෂණයක සාක්ෂි විභාගය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දිනයේ කැඳවා ඇත.

රක්නා ආරක්ෂා ලංකා ආරක්ෂක ආයතනය තවදුරටත් පවත්වාගෙන යනවාද නැතිනම් අහෝසි කර දමනවාද යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ළඟදීම තීරණය කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

දෙමළ දේශපාලන සිරකරුවෝ 223 දෙනෙක් තමාට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ඊයේ උපවාසයක් ආරම්බ කර තිබේ.

පානීය ජලය ඉල්ලා පිරිසක් තිස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ පල්ලේමලල හන්දියේදී ආරම්භ කළ විරෝධතාවයක් පොලීසිය හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විසුරුවා හැර තිබේ.

එහිදී පොලීසිය වාහන ගමනා ගමනයට ඉඩදී මාර්ගයෙන් ඉවත්ව විරෝධතාවයේ නිරතවන ලෙස විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

අද දින(12) අප වෙබ් අඩවියේ ගොසිප් තීරුවේ පළ වූ 'ආරක්ෂක ඇමැති එක්ක පොටෝ කෑල්ලක් ගහන්න රු. 25,000යි' වාර්තාව සම්බන්ධයෙන් 'ලංකා ඩේලි' සංස්කාරකවරයා ඇමැතූ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් හෙරල්ඩ් සේනාධීර මහතා පවසා සිටියේ, අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය, ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා හමුවීමට පැමිණෙන වීවිධ පුද්ගලයන් සමඟ ඡායාරූප ගැනීම සිදුකරන මුත් මුදල් අය නොකරන බවය. එම නිසා අපගේ වාර්තාව සාවද්‍ය බවත් ඔහු පවසා සිටියේය.

පසුගියදා සිදු කරනු ලැබූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපන් සංචාරය සඳහා තමාවද එක්කර ගන්න ලෙස තුන්හුලස් මාධ්‍ය වසලයාගේ ගෝලයකු වන මන්ත්‍රී 'මගේ හිතෙත් බුවා' මහතා සැහෙන වෙහෙසක් දරා ඇති බව දැන ගැනීමට තිබේ.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ට විපක්ෂ නායකයා ලෙස ඔහුටත් ඔහුගේ කාර්ය මණ්ඩලයටත් හිමිවන වාහන 16 න් එකක් විපක්ෂයේ සංවිධායක අනුර දිසානායක මහතාට ලබා දීමත් එය ඔහු ‍රැගෙන යාමත් විවේචනය කරමින් මැටි මෝල්ලු පිරිසක් ෆේස් බුකිය පුරා පිනුම් ගසමින් සිටී.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාව හමුවීම සඳහා එම අමාත්‍යංශයට එන පුද්ගලයන් ගෙන් මුදල් අය කර ගන්නා සම්බන්ධීකරණ ලේකම්වරයකු ගැන වාර්තාවේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇති ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති ආයතනය මේවන විට එහි පාලනාධිකාරියේ දුර්වලතාවන් හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත.

Connet With Us