අනුරගේ කාර් එකේ A/C ත් තියෙනවලු !

Monday, 12 October 2015 14:26

විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ට විපක්ෂ නායකයා ලෙස ඔහුටත් ඔහුගේ කාර්ය මණ්ඩලයටත් හිමිවන වාහන 16 න් එකක් විපක්ෂයේ සංවිධායක අනුර දිසානායක මහතාට ලබා දීමත් එය ඔහු ‍රැගෙන යාමත් විවේචනය කරමින් මැටි මෝල්ලු පිරිසක් ෆේස් බුකිය පුරා පිනුම් ගසමින් සිටී.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ගැන තිබෙන විවේචනය කුමක් වූවත් මේ කාර් කතාවට උත්තරයක් දිය යුතුව තිබේ.

පළමු කරුණ, වාහන දහසකට අධික ප්‍රමාණයක් තමන්ගේ කාර්ය මණ්ඩලය වෙත තබාගෙන ජනාධිපතිකම් කළ මහින්ද රාජපක්ෂගේ හෙංචයියන් පිරිසක් මේ විවේචනය එල්ල කිරීම අමු විහිලුවක් වීමය. මේ පුවත වාර්තා කරන විමල් වීරවංශගේ වෙබ් අඩවිය දෙන් පෙනී සිටින්නේ මීට මාස 10 කට පෙර යුගය අමතක කර වීම, අනෙක් විහිළුවයි.

කොහොම වුනත් සම්බන්ධන්ට වාහන 16 පාර්ලිමේන්තුව මඟින් ලබා දෙන්නේ විපක්ෂ නායකයා ලෙස ඔහුට හිමි වරප්‍රසාද අනුවය. ජනාධිපතිවරයාට අගමැතිවරයාට හිමිවන වරප්‍රසාද වලට වඩා ඔහුගේ වරප්‍රසාද අවම වූවත් ඔහු විසින් රට වෙනුවෙන් කළයුතු වගකීම් හා යුතුකම් වෙනුවෙන් රජය මේ පිරිවැය දරයි. අනුරට හිමි වන්නේත් එම වරප්‍රසාදයෙන් කොටසකි. එහි කිසිදු වරදක් නැත.

එමෙන්ම සුඛොපබෝගී වහනයක් මිසක කසිකබල් වාහන ලබාදෙන සිරිතක්ද නැත. ඒ ඔවුන් වෙත පැවැරුණු කාර්යය පීඩාවකින් තොරව පහසුවෙන් කිරීමටය. මේ වාහන ප්‍රමාණය වැඩි යැයි කියන මැටි මෝල්ලු හිතාගෙන සිටින්නේ විපක්ෂ නායකයාගේ කාර්යය පාර්ලිමේන්තුවට පැමිණ ආණ්ඩුව කියන කියන දේට විරුද්ධවෙමින් සිටීම බව විය හැකිය. පාර්ලිමේන්තු සම්ප්‍රධාය තුල විපක්ෂ නායකයා යනු ඊළඟ මැතිවරණයෙන් අගමැතිධුරය අපේක්ෂාකරණ පක්ෂ නායකයාය. අඩුම තරමින් ඒවගවත් දැන සිටියේ නම් මේ මැටි මෝල්ලු මේ ගොන් කතා නොකියනු ඇත.

අනුර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බව ඇත්තකි. ඔහු සමාජවාදය හෝ වඩා සාධාරණ සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින්නෙකි. එහෙත් ඔහුට පාර්ලිමේන්තුව තුල පැවැරුණ වගකීම ජනතා විමුක්ති පෙරමුණේ හුදු න්‍යාය පත්‍රය අනුව වැඩ කිරීම නොවේ . ඒ කළ ද නොහැක. ඔහු රටේ සමස්ත ජනතාවගේ උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ඔහුට රජයෙන් වාහන හා කාර්ය මණ්ඩල වැ‍ටුප් හෝ දෙන්නේ ඒ වෙනුවෙනි.

එම නිසා දිසානායක මහතා මෙම වාහනය ලබා ගැනීම වැරදී යැයි කීම සම්පූර්ණයෙන්ම අසාධාරණය. මේ ගොන් කතා මිනිස්සු කියන්නේ ජවිපෙ විසින්ම කළ ගොන් දේශපාලනය නිසාමය. ජවිපෙ කිව්වෙ මන්ත්‍රී වැ‍ටුප නොගන්නා බවය, වාහන බලපත්‍ර නොගන්නා බවය, තමන් මහජන මුදල් මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැය කරනවාට විරුද්ධ බවය. එහෙත් මේ වන විට ජවිපෙ මන්ත්‍රීවරුන්ට මේ සියල්ලම ලබා ගැනීමට සිදුව තිබේ. එසේ නොමැතිව මේ මන්ත්‍රීකම කරන්නට බැරි බව ඔවුන් හොඳාකාරවම අත් දැකිමෙන්ම දනී. ඒ නිසා අප දන්නා ජවිපෙ නායකයෝ දැන් පරණ බොළඳ කතා ගොතන්නේ නැත.

මේ වරප්‍රසාද ලබා ගැනීම ගැටලුවක් වන්නේ ඔවුන් සිය වගකීම ඉ‍ටුනොකරත්නම්ය. මේ වරප්‍රසාද ගෙන ඔවුන් නිසි කර්යය සිදු නොකළේ නම් ඒ විවෙචනය කළ යුතුය. ඊට ජනතාවට අයිතියක් තිබේ.
එසේ නොමැතිව වාහනයක් ලබා ගත්තා යැයි ගොන් කතා කියමින් ෆේස් බුකියේ බඩ පිනුම් ගැසීම තකතීරු කමකි.

 

Last modified on Monday, 12 October 2015 14:36

Leave a comment

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us