මහින්දව අත්අඩංගුවට ගනිතැයි බියෙන් හෙට ලක්ෂ ගනනක් කොළඹට කැඳවයි

Published in පුවත්
Wednesday, 14 October 2015 10:26

පසුගිය ජනාධිපතිවරණයේ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී ස්වාධීන රූපවාහිනී සේවයේ වී ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳ ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසම කරන පරීක්ෂණයක සාක්ෂි විභාගය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දිනයේ කැඳවා ඇත.

එහිදී මහින්ද රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගනු ඇති බවට ලැබී ඇති තොරතුරු නිසා හෙට දිනයේදී මහින්ද වාදීන් ලක්ෂ ගනනක් කොළඹට කැඳවා විශාල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීම සඳහා වැඩ පිලිවෙලක් මීට දින කිහිපයක සිට ක්‍රියාවට නගා ඇතැයි වාර්තාවේ. විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ශ්‍රී ලනිපයේ මහින්දවාදී කොටස් මේ සංවිධානය කරමින් සිටින බවත් දැන ගැනීමට ඇති අතර රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා ජනතාව අතරින් ආණ්ඩුවට පීඩනයක් එල්ල කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥ මහතුන් අදාළ කොමිසම හමුවට මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දිනයේ පැමිණෙන බව දන්වා ඇති බව ජනාධිපති විමර්ශන කොමිසමේ ප්‍රධානියෙකු පැවැසීය.

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන, ස්වාධීන රූපවාහිනී සේවයේ සාමාන්‍යාධිකාරී අරුණ මූර්ති වික්‍රමසිංහ, ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) උපාලි රංජිත්, ස්වාධීන රූපවාහිනී සේවයේ සහකාර කළමනාකරු දිලිප් ප්‍රියන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් ද හෙට (15) දිනයේ මෙම කොමිසම හමුවට සාක්ෂි විභාගය සඳහා කැඳවා ඇත.

හෙට පෙරවරු 9.00ට පමණ මෙම පිරිස කොමිසමට පැමිණීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us