දුල්මාගේ 'ලංකා පුවත්' , ඒ මහින්දට හා අර මහින්දට ඕනෑ හැටියටයි

Published in පුවත්
Monday, 12 October 2015 09:29

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇති ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති ආයතනය මේවන විට එහි පාලනාධිකාරියේ දුර්වලතාවන් හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත.

1978 වසරේ යුනේස්කෝ ආයතනයේ සංකල්පයකට අනුව OANA සහ NANAP සංවිධාන වල සාමාජිකත්වය ලබා එම සංවිධාන වල සාමාජිකත්වය දරණ රටවල් අතර මිත‍්‍රත්වය ශක්තිමත් කිරීම පිණිස, ඒ ඒ රටවල ජාතික පුවත් හුවමාරු කර ගැනීම සදහා ජාතික ප‍්‍රවෘත්ති නියෝජිතායතනයක් ලෙස ආරම්භ කරන ලද ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති ආයතනය ශ‍්‍රී ලංකාවේ පලමුවන හා එකම ජාතික ප‍්‍රවෘත්ති නියෝජිතායතනය වේ.

රටවල් 154 කට අධික සංඛ්‍යාවක් සමග ඒ ඒ රටවල ජාතික ප‍්‍රවෘත්ති නියෝජිතයාතනයන් වන PIT, YONHAP, JIJI, කියෝඩෝ , අන්සා, XINHUWA වැනි නියෝජිතයනයන් සමග ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවෘත්ති හුවමාරු කරගෙන ශ‍්‍රි ලංකාවේ ජාතික කාර්යභාරයන් ලෝ‍්‍කයේ ප‍්‍රචලිත කිරිම පිණි පුමුඛස්ථානයක් ගෙන ක‍්‍රියාකල ලංකාපුවත් ජාතික ප‍්‍රවෘත්ති නියෝජිතායතනය වර්තමාන අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාණන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන ගිය ආයතනයකි.

ජාති, පාට, පක්ෂ භේදයකින් තොරව පවතින ආණ්ඩුව සමුහ රටේ ජාතික වගකීමක් ලෙස සලකා ක‍්‍රියාකරගෙන ගිය මෙම ආයතනය වෙත වයර් සර්විස් ආයතන මගින් ලබා ගන්නා විදේශ රටවල ප‍්‍රවෘත්ති මෙරට මාධ්‍ය ආයතන මගින් ලබා ගන්නා අතර එවකට තිබු මාධ්‍ය ආයතන බොහෝමයක් මේ හේතුව මත අප ආයතනයේ සාමාජිකයින් ලෙස මුදල් යොදා අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වී තිබුණි.

ආයතනයේ කොටස් සඳහා වැඩිපුර මුල්‍යමය දායකත්වය ලබා දී තිබු ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති, ලංකාපුවත් ආයතනයේ ද සභාපතිත්වය දරන අතර මෙහි අනෙක් සාමාජිකයින් වන්නේ, ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව(සභාපති) ස්වාධීන රූපවාහිනි සේවය (සභාපති) ලේක්හවුස් ආයතනය (සභාපති) EXPRESS NEWS PEPERS (සභාපති) විදේශ සේවා කටයුතු අමාත්‍යංශයේ (සාමාජික)යන ආයතනය. මේ සියළුම ආයතන හට විදේශිය රටවල ප‍්‍රවෘත්ති ලංකාපුවත් ජාතික ප‍්‍රවෘත්ති නියෝජිතායතනය මගින් ලබා දුන් අතර ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවෘත්ති, විදෙස් රටවලට ලබා දුන්නේද ලංකාපුවත් ආයතන මගිනි.

එහෙත් 2000 වර්ෂයේ මුල්භාගය වන විට ශ‍්‍රි ලංකාවේ අන්තර්ජාල භාවිතය ආරම්භ වීමත් සමගම ලංකාපුවත් ආයතනය මගින් ප‍්‍රවෘත්ති හුවමාරුවේදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන සමග තිබු සම්බන්ධය ටිකෙන් ටික අඩු වන්නට විය. එහෙත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවෘත්ති පිටරට යැවීම දිගටම සිදු වු අතර ටෙලිප‍්‍රින්ටර් යන්ත‍්‍ර භාවිතයෙන් වැය වන බවට හේතු පෙන්වා එවකට ලංකාපුවත් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටි සමහර සාමාජිකයින් මෙය නවතා දැමිය. මේ හේතුව මත OANA සහ NANAP සංවිධාන වල සාමාජිකත්වය දැරුව ද මෙතෙක් කල් තිබු නිත්‍ය හා ප‍්‍රබල සාමාජිකත්වය අහිමි විම හේතුවෙන් ලංකාපුවත් ආයතනයට ලැබුණු විදේශිය රටවල පුහුණු අවස්ථාවන් ද අහිමි විය.

මේ හේතුන් මත 2007 වසරේ ලංකාපුවත් ජාතික ප‍්‍රවෘත්ති නියෝජිතායතනය වසා දැමීමට එවකට පැවැති රජය තීරණයක් ගත්තද, මෙහි OANA සහ NANAP සංවිධාන වල සාමාජිකත්වයේ වටිනාකම දැනගත්, රජය, එම තීරණය අත්හිටුවීමට තීරණය කළේය.
එම හේතුවෙන් ලංකාපුවත් ජාතික ප‍්‍රවෘත්ති නියෝජිතායතනය දියුණු කර නැවතත් පෙර පරිදි වැඩ කටයුතු කරගෙන යෑම සදහා නව සභාපතිවරයෙක් පත් කෙරුණි.ඒ ප‍්‍රදිප් ගුණවර්ධන මහතාය.

නව සභාපතිතුමන් වැඩ භාරගැනීමෙන් අනතුරුව නව තාක්ෂණවලට සරිලන ආකාරයට මෙම ආයතනය ගෙන යෑම සදහා නව තාක්ෂණික ආම්පන්න සමග අන්තර්ජාලයේ වෙබ් ප‍්‍රවෘත්ති සමග www.lankapuvath.lk ලෙස වෙබ් පුවත් පිටුවක් ආරම්භ කළේය. තවද රාජ්‍ය ජංගම දුරකතන ජාලිය වන මොබිටෙල් ආයතනය සමග කෙටිපණිවිඩ සේවාවක් ඉංග‍්‍රිසියෙන් හා සිංහල භාෂාවෙන් පටන්ගත් අතර ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම සිංහල ප‍්‍රවෘත්ති කෙටි පණිවිඩඩ සේවාව ආරම්භ කිරිමේ පුරෝගාමිත්වය ලංකාපුවත් ආයතනය හිමිවන බව කියන්නේ ඉතා ආඩම්බරයෙනි.

2007 වසරේ පත් වු ප්‍රදීප් ගුණවර්ධන සභාපතිතුමන් ලංකාපුවත් ජාතික ප‍්‍රවෘත්ති නියෝජිතායතනය දියුණු කිරීම සැහෙන වෙහෙසක් දැරු අතර මූල්‍යමය අතින් ද ඉතා හොද ස්ථාවරයක සිටි ලංකාපුවත් ආයතනය සිංහල, ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය ඔස්සේ කඩිනමින් ප්‍රවෘත්ති වාර්තා කරනු ලබන වෙබ් අඩවියක් ලෙස ද කීර්තියක් අත්කර ගෙන තිබුණි.

2010 වර්ෂය වන විට ලංකාපුවත් වෙබ් අඩවිය අන්තර් ජාල වෙබ් අඩවි මිණුම් දර්ශකයක්වන Alexa මිණුම් දර්ශකයේ 58වැනි ස්ථානය දක්වා පැමිණ තිබුණි.

2010 වසරේදී එවකට සිටි ප්‍රදීප් ගුණවර්ධන සභාපතිතුමන් ඉවත් වී වෙනත් සභාපතිවරයෙකු පත් විය. ඒ අනුව සභාපති ධුරයට එවකට සිටි ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරයෙකු වු මහින්ද ඉලේපේරුම මහතා පත් විය.

එම වකවානුවේ දී වසරක දෙකක පමණ කාලයක් ආයතනය ඉහළ කීර්තිනාමයක් ද සහිතව රජයේ සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධ පුවත්වලට ප්‍රමුඛතාව ලබා දෙමින් ආයතනය පවත්වාගෙන යන ලදි. එසේම මහින්ද ඉලේපෙරුම මහතා ද ආයතනය වෙනුවෙන් සැලකිය යුතු කැපකිරීමක් සිදු කර තිබුණි

නමුත් පසු කාලීනව ලංකාපුවත් ජාතික ප‍්‍රවෘත්ති නියෝජිතායතනයහී පල වු පුවත්වල සමතුලිතතාවය බිදි ගිය අතර ලංකාපුවත් ආයතනය ලබා තිබු ජනප‍්‍රියතාවය ද ටිකෙන් ටික අඩු විය.
මෙතෙක් කල් පාට පක්ෂ භේදකයින් තොරව පවතින රජය විසින් කරන ජාතික මෙහෙවර පිළිබද සෑබෑ තත්ත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයට ද වාර්තා කළ ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනය, ප‍්‍රවෘත්ති වාර්තා කිරිමේදී වෙනස් ස්වරූපයක් ගත් බව කාට කාටත් නොරහසකි.

2012 වසරෙන් පසු රජයේ ප‍්‍රවෘත්ති පමණක් වාර්තා කිරීම හේතුවෙන් මෙතෙක් ලබා සිටි ජනප‍්‍රියත්වය හීන වීමත් සමග ලංකාපුවත් කෙරේ තිබුණ ජනතා විශ්වාසය ද හීන විය.

2015 වසරේ ජනාධිපතිවරණය අවසන් වීමත් සමගම පත්වු නව රජයෙන් පසු මේ වන තෙක් මෙම ආයතනයට නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කර නොමැත.

එමෙන්ම මෙහි පරිපාලන කළමනාකාරිනිය වන දුල්මා චාරුණී කන්දරාමගේ නැමැති තැනැත්තිය දැඩි මහින්ද වාදියෙකි. ඇයගේ තකතීරු තීරණයන් හේතුවෙන් පසුගිය ජනවාරි 08වනදායින් පසුව ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති ආයතනය එන්න එන්නම වලපල්ලට යන තත්ත්වයක් පෙන්නුම් කර ඇත. තනතුරු නාමය භාවිත කරමින් පුරසාරම් දොඩමින් සිටින ඇය හට මාධ්‍ය ක්ෂේත්‍රයේ හෝ පරිපාලනමය ක්ෂේත්‍රයේ මල පොතේ අකුරක් නොදනී.

ඇයගේ තකතීරු තීරණයක් අනුව ලංකාපුවත් ආයතනයේ සතු දේපල පවා පසුගිය කාලයේ අඩු මුදලට වෙන්දේසි කිරීමට කටයුතු යොදා තිබුණි.

දුල්මා චාරුණී කන්දරාමගේ හිතා මතාම නව රජයේ ප‍්‍රවෘත්ති පල කිරීම නවතා ඇති අතර නව රජයේ කිසිදු සුභවාසි පුවතක් ලංකාපුවත් වෙබ් අඩවියේ පල නොකිරීමට විවිධ අවස්ථාවලදී කටයුතු කරමින් සිටියි. එහෙත් වත්මන් රජයට අවාසි වන ප‍්‍රවෘත්ති සොයා සොයා ඒවා හැකි ඉක්මනින් වෙබි අඩවිය වෙත නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. එය ලංකාපුවත් වෙබ් අඩවිය පරිශීලනය කරනු ලබන පාඨකයන්ට මනාව වැටහෙනු ඇත.

එමෙන්ම මෙම තකතීරු දුල්මා සමඟ ලංකාපුවත් ප්‍රවෘත්ති ආයතනයේ වත්මන් විධායක අධ්‍යක්‍ෂ පී. එච්. ලිලත් ද සිල්වා නැමැති රජයේ මුද්‍රණාලයේ හිටපු මුද්‍රණාලාධිපතිවරයා සුරංඟනා ලෝකවල රැදෙමින් ආයතනය අවුල් සහගත අන්දමින් පවත්වාගෙන යනු ලැබේ. ඔවුන් දෙදෙනා මේවන විට විෂය භාර අමාත්‍යවරයාවත්, අමාත්‍යංශ ලේකම්වරයාව සහ රජයේ බලධාරීන්වත් මුලා කරමින් මහින්දවාදී අන්දමින් ක්‍රියා කරමින් සිටියි.

පී. එච්. ලිලත් ද සිල්වා නැමැත්තාගේ අතීතයද විටින් විට ලංකා සී නිවුස් හරහා මීට පෙර අනාවරණය කර තිබුණි. විශේෂයෙන් ව ඔහුව මුද්‍රණාලාධිපති පුටුවට පත්කරනු ලැබූවේ ඒ සදහා සුදුසුකම් ඇති 04 දෙනෙකු සිටියදී බවත්, මොහු පත්වීමෙන් අනතුරු ආයතනය අගාධයට ගිය බවත් රජයේ මුද්‍රණාලයේ සේවකයෝ තවමත් සිහිපත් කරයි. ඔහු අතිශය දූෂිත නිලධාරියෙක් බව දන්නෝ හොඳ හැටි දනිති.

මේවන විට ඉතා ප්‍රාථමික මට්ටමේ වෙබ් අඩවියක් ලංකාපුවත් ආයතනය විසින් පවත්වාගෙන යනු ලැබේ. එම වෙබ් අඩවියද දවසකට පවතී. තවත් දවසක නොමැති වෙබ් අඩවියකි. එසේම භාෂා ත්‍රිත්වයකින් මීට පෙර ක්‍රියාත්මක වූ ලංකාපුවත් වෙබ් අඩවියේ දැන් දක්නට ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍ය පමණි. කෙසේ නමුත් ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් ලංකාපුවත් ෆේස්බුක් පිටුවේ විටින් විට කිසිදු වැදගත්කමකට නැති පුවත් පළවනු ඇතැම්විට දැකිය හැකිය.

දැනට තොරතුරු වාර්තා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සම්බන්ධ පුවත් වාර්තා කිරීම පිළිබඳ දුල්මා චාරුණී කන්දරාමගේ නැමැත්තිය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර දමා ඇති බවයි. එමෙන්ම නව රජයේ සංවර්ධන ක්‍රියාදාමයට කිසිදු ප්‍රවෘත්ති වටිනාකමක් නොදීමට ද දුල්මා චාරුණී කන්දරාමගේ වගබලාගනිමින් සිටියි.

ඇය සිහින මවමින් සිටින්නේ යළි මහින්ද රාජපක්‍ෂ පාලන සමයකි. එය තවත් වසර දෙකකින් උදා කර ගත හැකි කිසිදා සැබෑ නොවන නමුත් පිළිගන්නට අකමැති සොදුරු සිහිනයේ දුල්මා චාරුණී කන්දරාමගේ සිටියි. ඇතැම් රජයේ ප්‍රබල අමාත්‍යවරුන්ගේ පුවත් වාර්තා කිරීමට ද පාලනාධිකාරිය වාරණයක් පනවා ඇත. තවමත් මහින්ද රාජපක්‍ෂ හා සම්බන්ධ ඔහුට පක්‍ෂපාතී ප්‍රවෘත්ති ලංකාපුවත් හරහා ප්‍රචාරයවන බව මේවන විට ඇතැම් අමාත්‍යංශ නිලධාරීන් ද දන්නා කරුණකි.

කෙසේ හෝ දුල්මා චාරුණී කන්දරාමගේ නැමැත්තියට අවශ්‍යව ඇත්තේ ලංකාපුවත් ප්‍රවෘත්ති ආයතනය වසා දැමීමය. අවසානයේ එහි වරදද වත්මන් රජය පිට පැටවීමට ය. එමෙන්ම ආයතනයේ සිදුව ඇති ඇතැම් අක්‍රමික කටයුතු හෙළි වීම වළක්වා ගැනීම සඳහා ද ඇය මෙම වසා දැමීමේ ක්‍රියාවලියේ නිරතව සිටියි. මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඇය හිටපු සභාපති මහින්ද ඉලේපෙරුම මහතාගෙන් මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය චරිත හේරත් මහතාගෙන් උපදෙස් ලබා ගනිමින් සිටියි.

දුල්මා චාරුණී කන්දරාමගේ නැමැත්තියගේ තවත් බොහෝ ක්‍රියා කලාපයන් සහ ලංකපුවත් සම්බන්ධ තවත් බොහෝ තොරතුරු පවතී. ඒවා ද ඉදිරියේ දී ඉතා ක්‍රමානුකූලව හෙළි දරව් කිරීමට සූදානමින් අප සිටියි.

දැන්වත් සිදුවිය යුත්තේ විෂය භාර අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව මහතා මේ පිළිබඳ ඉතා පුළුල් අවධානයක් යොමු කිරීමය. ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති ආයතනය ජාතික කර්තව්‍යයකට දායක කර ගත හැකි මෙන්ම ඉතා පහසුවෙන් පවත්වාගෙන යා හැකි ආයතනයකි.

යහපාලන පැතුම ඉටු කර ගැනීම සඳහා ලංකාපුවත්හි සිටින මෙවැනි දුල්මා චාරුණී කන්දරාමගේ වැනි තකතීරු පාලනාධිකාරිය පිළිබඳ තීරණයක් ගැනීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් වගකීමක් සහ යුතුකම් ලෙස සඳහන් කරනු කැමැත්තෙමි.

සැ. යු - දැන් පවතින ප්‍රාථමික වෙබ් අඩවිය www.lankapuvath.lk වෙතම ගොස් නැරඹිය හැකියි.


මෙයට

ලංකා පුවත් මාධ්‍යවේදී හා සේවක මඩුල්ල

සැබැඳි පුවත් :  ලංකා පුවත් ආයතනයේ ප්‍රශ්නයක් නැහැ 

                        කුඩම්මලාට යටවූ ලංකාපුවත් සේවයට අලුත් ආණ්ඩුවෙනුත් කුඩම්මාගේ සැලකිලි

 

Last modified on Monday, 12 October 2015 09:35

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us