සල්ලි වලට ෆෝටො ගහන්නේ අපි නෙවෙයි - ආරක්ෂක අමාත්‍යංශය

Published in පුවත්
Monday, 12 October 2015 21:38

අද දින(12) අප වෙබ් අඩවියේ ගොසිප් තීරුවේ පළ වූ 'ආරක්ෂක ඇමැති එක්ක පොටෝ කෑල්ලක් ගහන්න රු. 25,000යි' වාර්තාව සම්බන්ධයෙන් 'ලංකා ඩේලි' සංස්කාරකවරයා ඇමැතූ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් හෙරල්ඩ් සේනාධීර මහතා පවසා සිටියේ, අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය, ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා හමුවීමට පැමිණෙන වීවිධ පුද්ගලයන් සමඟ ඡායාරූප ගැනීම සිදුකරන මුත් මුදල් අය නොකරන බවය. එම නිසා අපගේ වාර්තාව සාවද්‍ය බවත් ඔහු පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් අපගේ කරුණු පැහැදිලි කිරීම මෙසේය

අප වාර්තාවෙන් කියැවුනේ ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් මුදල් අය කරගෙන ඡායාරූප නිකුත් කරන බව නොවේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම්වරයකු යැයි කියා ගන්න පුද්ගලයකු විසින් මෙලෙස ඇමැතිවරයා හමුවීමට හා ඡායාරූප ගැනීමට මුදල් අය කරන බවය. එය සිදු කරනු ලබන්නේ අමාත්‍යංශයේදී නොව ඉන් පිටතදීය. නමුත් එලෙස මුදල් ගෙවා පැමිණෙන පුද්ගලයන්ගේ ඡායාරූප අමාත්‍යංශ මාධ්‍ය අංශය විසින් නොමිළයේම නිකුත් කරන්නේ මේ වෙනුවෙන් කිසිවකු හෝ මුදල් අයකරගෙන ඇති බව නොදැන බව අපට පැහැදිලිය. ඇතැම් විට අදාල පුද්ගලයාද මේ ඡායාරූප ගැනීමේ අවස්ථාව සඳහා සහභාගී වීමද සිදුව තිබේ.

අප මේ වාර්තව පළ කරනු ලැබුවේ ආරක්ෂක රාජ්‍ය අමාතයවරයා, එම අමාත්‍යාංශයේ අනෙකුත් නිලධාරීන් අපහසුවට පත් කිරීමට නොව, මේ ආයතනයට කම්බ හොරු රිංගාගෙන සිටින බව හෙළි කිරීමටය. වත්මන් යහපාලන ආණ්ඩුව බිහිකර ගැනීම වෙනුවෙන් ජීවිතය පරදුවට තබා නිශ්චිත දේශපාලන කාර්යභාරක් ඉ‍ටු කල 'ලංකා ඩේලි' කණ්ඩායමට මේ යහපාලන ආණ්ඩුව විනාශ කර ගැනීමේ වුවමනාවක් නැත. මේ ආරක්ෂා කරගත යුතුය.

ඇමැතිවරයා හා ආණ්ඩුව විනාශ කිරීම සඳහා දැන් ආරක්ෂක අමාත්‍යාංශය තුලට රිංගාගෙන සිටින රාජපක්ෂ ආණ්ඩුවේ සිටි තක්කඩි මෙන්ම අලුතෙන් එකතුවී සිටින තක්කඩියන් පිරිසද හෙළිදරව් කළ යුතුය. අපගේ වත්මන් කාර්යභාරය එය වේ. විශේෂයෙන් මේ ආණ්ඩුවේ තීරණාත්මක කාර්යභාරයක් ඉ‍ටු කරමින් සිටින අගමැතිවරයා කෙරේ අපගේ ඇති විශ්වාසය තව දුරටත් පවත්වාගෙන යාමට නම් මේ කුණු රොඩු විනාශ කළ යුතුය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දු‍ටු 'මෛත්‍රී යුගය' යථාර්ථයක් වන්නට නම් හොරු විනාශ කළ යුතුමය.

 

එසේම අපගේ වෙබ් අඩවියේ පළ වන යම් පුවතක් තොරතුරක් නිසා කිසිවකුට හෝ අගතියක් , අපහසු තාවයක් සිදුවේ නම් ඒ වෙනුවෙන් පිළිතුරු සැපයීමේ ඉඩ කඩ ලබා දීමට අප නිරන්තරයෙන් සූදානම්ය. නමුත් අප සමඟ 'ඩීල්' දැමීමට කිසිවෙකු පැමිණිය යුතු නැත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us