subash

subash

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියවසක් පිරීම නිමිත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව රාජ්‍ය සැමරුම් උත්සවයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ වන විට මෙරට වාමාංශික පක්ෂ හා කණ්ඩායම් කිහිපයක නායකයන් සමඟ මෙම උත්සවය පැවැත්විය යුතු ආකාරය ගැන මුලික සාකච්ඡාවක්ද පවත්වා ඇත.

යහපාලන ආණ්ඩුව විසින් පසුගියදා ඉතා වංචාකාරි ලෙස ස්විස් සිංගප්පූරු සමාගම වෙත ලබා දෙන ලද ගල් අඟුරු ටෙන්ඩරයේ සමස්ථ පාඩුව රුපියල් බිලියන 4 කට ආසනන් බව විගනකාධි දෙපාර්තමේන්තු වාර්තාවක අනුව තහවුරු වේ. මේ සම්බන්ධයෙන් මිට පෙර අනාවරණයවූ තොරතුරු අනුව පැවසුනේ එම පාඩුව බිලියන 2 කට ආසන්න බවය.

ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා තමන් දැනට දරණ එම අමාත්‍යධුරය වෙනුවට වෙනත් අමාත්‍යධුරයක් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තාවේ.

මහින්ද රාජපක්ෂ සහ එම හිතවාදින්ව නැවත ශ්‍රීලනීපය වෙත ඇඳා ගැනීම වෙනුවෙන් කළ සියලු රහසිගත සාකච්ඡා අත්හි‍ටුවීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය තීරණය කර ඇතැයි වාර්තාවේ.

පසුගියදා ක‍ටුනායක ගුවන් තො‍ටු පොලෙන් නීති විරෝධී ලෙස මෙරටින් මුදල් පන්නා ගැනීමට ගත් උත්සාහයක් රේගුව විසින් වලක්වා තිබිණි. එම සිදුවීමට සම්බන්ධ කුප්‍රකට ඉන්දීය ජාවාරම් කරුවා රාම් සුදර්ශනය. ඔහු සමඟ මේ කටයුත්තට හවුල් වූ අනෙක් අය විදේශ ඇමතිගේ මාධ්‍ය සම්බන්ධීකරන ලේකම් තුසිත හල්ලොළුව බවත් දැන ගැනීමට තිබේ.

රාජපක්ෂ යුගයේ සිදු වූ සියල්ල දූෂිතයි, වංචාකාරියි, නාස්තිකාරියි යනුවෙන් චෝදනා කරන වත්මන් යහපාලකයෝ, ජවිපෙ වැනි බංකොලොත් දේශපාලන පක්ෂ, ඩොලර් මත යැපෙන එන්ජීඕ කාක්කෝ ද තමන්ගේ පැවැත්ම වෙනුවෙන්, මෙය කරමින් සිටින බව හා තවදුරටත් සිදු කරමින් සිටින බව, වත්මන් දේශපාලන විපරිතය වටහා ගැනීමට පහසුම ආකාරය විය හැකිය.

පොතක් ලියා තමන් යුද්ධය දිනු සෙන්පතියකු යැයි ඉතිහාසයේ ලියා තබන්නට උත්සහ ගත්තු ලෙඩ්ඩු කිහිප දෙනා අතර විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නට ද ඉදිරි ස්ථානයක් හිමිව තිබේ. ඒ පොතේ ඇති අමුතු දෙයක් නිසා නොවේ. එහෙම වුන් සිටින්නේ දෙතුන් දෙනෙකු නිසාය. යුද්ධයකට සම්බන්ධ වූ මොලේ ඇති එකෙක් කිසිදා යුද්ධ හරි යැයි කියන්නෙ නැත. යුද්ධය දිනුවා යැයි කියන්නෙන් නැත. යළි යුද්ධ ඇතිවෙන තැනට කටයුතු කරන්නේද නැත.

නැවත පරික්ෂ කිරීම සඳහා ගොඩගනු ලැබූ ඝාතනයට ලක්වූ සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ මළ සිරුර පසුගිය නොවැම්බර් 05 වන දින කිසිදු ප්‍රසිද්ධියකින් තොරව යළි මිහිදන් කර තිබේ. බොරැල්ල කනත්තේ මිහිදන්කර තිබූ වික්‍රමතුංග මහතාගේ සිරුර එම ස්ථානයේම යළි තැන්පත් කිරීමට කටයුතු කර ඇත.

‘සන්ඬේ ලීඩර්’ සහ ‘ඉරුදින’ පුවත්පත් වල සේවය කරන මාධ්‍යවේදීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මුහුණ දී ඇති වැටුප් ප්‍රශ්නය සම්බන්ධව එම පිරිස සේවය කිරීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ. 

ශ්‍රි ලංකා මහ බැංකුවේ මේවන විට සේවය කරන ඉහළ නිළධාරිනියක ඇතුලු තවත් නිළධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි වාර්තාවේ.

Connet With Us