subash

subash

ක්‍රමය වෙනස් කිරීම ජවිපෙ හිතන තරම් සරලද? ආණ්ඩුවත් හිතන්නේ එහෙමද? මේ ප්‍රශ්නය අපි නගන්නේ අර්ජුන් ඇලෝසියස්ට නඩු දැමීමට කෝප් කමිටුව ගෙන ඇති තීරණය සම්බන්ධව දක්වන ප්‍රතිචාරයක් වශයෙන්ය.

මෙතෙක් ශ්‍රිලංකාවේ නිල වශයෙන් පිලිගැනිමට ලක්ව නොතිබූ ක්‍රිස්තියානි ඉවැන්ජලික සභාවට පිලිගැනිමක් ලක්වන ලෙස පසුගියදා ඇමරිකාවේ පිහිටි එම ආගමික මුලස්තානය මගින් මෙරට එම දේව මෙහෙයන් සිදු කරනු ලබන පාදිලිවරුන්ට (ෆාස්ටර්වරු) නිල පූජකවරම ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා ක‍තෝලික සභාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව වාර්තාවේ. විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු හා හිටපු ඇමැතිවරියක මේ සදහා සෘජු මැදිහත්වීමක් සිදු කිරීම හා ආණ්ඩුව ඒ සඳහා අවසරය ලබා දීම හේතුවෙන් ක‍තෝලික සභාව තම කනස්සල්ල ආණ්ඩුවේ ප්‍රධානින් වෙත පළ කර තිබෙන බවත් දැන ගැනිමට තිබේ.

රාජ්‍ය ආරක්ෂාව හා ආරක්ෂක අංශ සම්බන්ධයෙන් වගකියන සක්‍රීය ඇමැති තනතුරක් අලුතෙන් හදුන්වා දීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමුව පවතින බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. මේවන විට මේ සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා වී ඇති බව ජනාධිපති කාර්යාල ආර්ංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙයි.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් නුවර පිහිටි යුරෝපිය ව්‍යාපාරික සම්මේලනය විසින් ලෝකයේ විශිෂ්ටතම ජාත්‍යන්තර සමුද්‍රාරක්ෂක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික සන්නාමය සඳහා වාර්ෂිකව පිරිනමන ' සොක්‍රටීස් සම්මානය' 2016 වසර සඳහා පිරිනමා ඇත්තේ ශ්‍රිලංකාවේ ඇවන්ගාර්ඩ් සමුද්‍රාරක්ෂක සමාගමටය.

ඇවන්ගාඩ් සමුද්‍රාරක්ෂක සමාගමට පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉඩ ලබාදීම මඟින් රජයට කෝටි 1140 ක් පාඩුවක් සිදු කළාය යන චෝදනාව අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණය හමුවේ නඩු පැවැරීම දේශපාලන න්‍යාපත්‍රයක් අනුව සිදු වුවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත.

“බජාර් එකේ ලලක්කා

කොල්ලො හිත හොඳ අක්කා

සුර සැප වික්කා

කාගෙත් වත ගොත රැක්කා

සිල් අරගත්තා

පෝයට සීලෙත් රැක්කා

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනයවන ලංකා පුවත් සේවය පසුගිය වකවානුව තුළ පැවැතියේ අතිශය ඛේදජනක තත්වයකය. එම ආයතනය දිගින් දිගටම පසුගිය කාලය තුළ දී ක්‍රියාකරන ලද්දේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ලබා දුන් උපදෙස් ද ඉවත දමමිනි. එබැවින් ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිතායතනය පෞද්ගලික න්‍යාය පත්‍රයක් මත එල්. එන්. සී. නමින් වෙනත් නාමයක් ඔස්සේ දියත් වූයේ දිනෙන් දින අසාර්ථක වෙමිනි.

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්‍යවේදින්ට සහ තවත් ආරාධිත අමුත්තන් වෙනුවෙන් ඊයේ රාත්‍රියේ යාපනයේ පැවැති භෝජන සංග්‍රහයක් අතරතුරේදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මාධ්‍යවේදින් සමඟ ගැ‍ටුමක් ඇති කරගෙන තිබේ.

මේ සුදානම මහජන බැංකුව බංකොලොත් කිරීමට ජවිපෙ දඟලන්නේ ඇයි ? යන්නෙහි දෙවන අංගය ගෙන එන්නටය. අප බලාපොරොත්තු වූ ලෙස දෙවන අංගය අරඹන විට නියම නළුවන් කරලියට පැමිණෙමින් ඇත. වසන්ත සමරසිංහද මදිවූ පසුව කරලිය හිමිකර ගන්නේ සුනිල් හඳුන්නෙත්තිය.

සබරගමු පළාත් ප්‍රධාන ඇමැතිවරයාව සිටින මහීපාල හේරත් මහතා පසුගියදා සිය ආධාරකරුවන් ‍රැසක් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී කියා ඇත්තේ තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීපව සිටින්නේ පළාත් සභාව විසුරුවා හරින තෙක් පමණක් බවත් ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනගන නව පක්ෂයට එකතු වන බවත්ය. පසුගිය දිනවලදී ඔහු මහින්ද පිලෙන් ඉවත් වී සිටින අයෙකු ලෙස හැ‍ඟෙන ලෙස කටයුතු කිරීම නිසා ඔහුගේ ආධාරකරුවන් නොසන්සුන් වීම මත මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

Connet With Us