subash

subash

මේ වන විට දුටුතැන අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය වෙත වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ එන්.ආර්.කන්සල්ටන්ට් හා ගවර්ස් කෝපරේෂන් හි අධ්‍යක්ෂිකාවක වන බටපොල ආරච්චිලාගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වාට නාමල් රාජපක්ෂගේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ තොරතුරු FCID යට හෙළිනොකරන්නැයි කියමින් රාජපක්ෂවරුන්ගෙන් දිගින් දිගටම තර්ජන එල්ල වෙමින් තිබෙන බව එම පවුලේ සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මේ වන විට පොලිස් මුලය අපරාධ කොට්ඨාශය හමුවේ විමර්ශනය කෙරෙන පැමිනිළි සම්බන්ධ වාර්තාවක් අප වෙත ලැබී තිබේ. අයතා මුදල් ගනුදෙනු ලෙසට චෝදනාකරමින් මෙම පැමිනිළි ලැබි ඇත. එවා මෙසේය

පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වූ අම්බලන්ගොඩ කෝටි ව්‍යාපාරික හැලඹගේ ප්‍රේමසිරි මහතාගේ ඝාතන කිරීම සම්බන්ධයෙන් බරපතල සැකයකට ලක්ව සිටින ගමුනි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජීව ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇති බව හෙළිවේ.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය සඳහා පනත සකස් කිරීම හා ඊට පක්ෂව පාර්ලිමේන්තුව තුල ඡන්දය ලබා දුන් සියලු දෙනාට මරණ දඬුවම ලබා දිය යුතු බව මහින්ද රාජපක්ෂගේ රෙද්ද පල්ලේ විසූ, වැටෙන ක‍ටුවක් දෙකක් ලෙවකාගෙන සිටි ඊනියා රණවිරු පරාජිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර අද රාජපක්ෂලාගේම සිංහල බෞද්ධ ගෝත්‍රවාදී නාලිකාවක වන නෙත් ඒෆ් එම හි වැඩසටහනකදී පවසා ඇත.

මහනුවර හන්තාන නායකත්ව පුහුණු ඇකඩමියේ දරු දැරියන් අපයෝජනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු නිමල් එන්. පීරිස් ලිංගික අපයෝජකයෙකු පමණක් නොව නීලකාස වංචාකරුවෙකුද වන බව වාර්තා වෙයි.

‘‘තීර්ථය” සුභාවිත ගී රස වින්දන වැඩසටහනේ පළමු පියවර ප‍්‍රවීණ ගේය පද රචක කුමාරදාස සපුතන්ත‍්‍රී සමඟ අගෝස්තු මස 20 වැනි සෙනසුරාදා ප.ව. 7.00 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්වේ. ප‍්‍රවීණ නිවේදක, ගේය පද රචක නිලාර් එන් කාසිම්, කුමාරදාස සපුතන්ත‍්‍රී සමඟ සංවාදගත වෙමින් මෙහෙයවන වින්දනාත්මක කතා බහක් සමඟ, ප‍්‍රවීණ සංගීතඥ නාලක අංජන කුමාර ප‍්‍රමුඛ වාද්‍ය වෘන්දයේ මියැසි නදට හඬ මුසු කරන්නේ ප‍්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ, විශාරද එඩ්වඩ් ජයකොඩි සහ නව පරපුරේ දුමාල් වර්ණකුලසූරිය, මීනා ප‍්‍රසාදිනී විසිනි.

පහුගිය කාලයේ (2005-2006 සහ 2012-2013) දකුණු ආසියාවේ මානව සුරක්ෂිතභාවය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය මැයෙන් සිදු කෙරුණු පුළුල් අධ්‍යනයේ, ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යයන වාර්තාව සැකසීමේ වගකීම පැවරුණේ මටත් ප්‍රදීප් පීරිස් මහතාටත් ය. එහි දී විශේෂ අවධානය යොමුවූයේ, ලාංකික ප්‍රජාව තුළ ‘ප්‍රජාතත්ත්‍රවාදය’ පිළිබඳ අවබෝධයක් තිබේද?

මහින්ද රජපක්ෂ පාලන සමයේදී සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතෙහි ප්‍රධාන කතෘවරයාව සිටි( 2006 - 2014) දිනේෂ් වීරවංශ මහතා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරගේ රෙද්දට මුවා වී හොර රහසේ බ්‍රසීලයේ සුපිරි විනෝද සවාරියක් ලබා ගෙන තිබේ.

ගාමිණි වියන්ගොඩ යනු කුමක්දැයි අමුතුවෙන් කියා යුතු නැත. ඔහු විසින් පරිවර්තනය කළ කෘති වල වූ දෘෂ්ටිවාදී අඩංගුව විසින් සමාජය තුළ ඔහු කියන්නේ කුමක්ද එය වියත් මතයක් ලෙස පිළිගන්න තත්ත්වයක් සකස් කර දී තිබිණ. ඒ අර්ථයෙන් ගාමිණී යනු අපේ සමාජයේ සෙක්සි කකුලක්ය. ඒ සාමාන්‍යකරණය සමාජයකට අතිශය අන්තරාදායකය. පසුගිය දිනක නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් පඩංගුවට කඩේ ගිය අවස්තාවේදී ගාමිණී වියන්ගොඩ මහතා තමා ගැන සමාජයට ඇති මිත්‍යාව දුරුකර කඩා බිඳ දැම්මේය. ඒ වෙනුවෙන් එතුමන්ට පිං අනුමෝදම් කළ යුතුව ඇත.

පෞද්ගලික මානව හා නායකත්ව විද්‍යාපීඨය නමින් පවත්වාගෙන ගිය නේවාසික පාඨමාලාවකට සහභාගි වි සිටි දැරියන් පිරිසක් අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු වන ව්‍යාපාරික නිමල් පීරිස්ගේ අපේක්ෂිත ඇප ඇප ප්‍රතික්ෂේප කළ මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත. මෙම නිමල් පීරිස් යන අය පොලිස්පති පූජිත ජයසුන්දරගේ සමීපතම හිතවතකු වන අතර නිමල් පීරිස අපෙක්ෂිත ඇප ලබා දුබුණේද එම හිතවත් කම මඟින් ලැබුණු උපදෙස් මත බව වාර්තාවී තිබිණි.

Connet With Us