subash

subash

ස්විස් සිංගප්පූරු සමාගමට ලබා දුන් ගල්අඟුරු ටෙන්ඩරයෙන් රුපියල් බිලියන 4 කට වඩා වැඩි පාඩුවක් ශ්‍රිලංකා රජයට සිදුව තිබෙන බව විගණකාධිපතිවරයා විසින්ද තහවුරු කර තිබෙන වට පිටාවක එම පාඩුව ලංකා ගල්අඟුරු සමාගම මත පටවා අතපිහ ගැනීමට විදුලි බල හා පුනර්ජනණීය ඈමතිවරයා ඇතුලු එම දූෂිතයන් පිරිස කටයුතු කර තිබේ.

පසුගිය පාලන සමයේ සිදුවු කප්පරක් වංචා දුෂණ අක්‍රමිකතා අපරාධ සම්බන්ධයෙන් තව දුරටත් කතා කිරීම නොකළ යුතු බවට ආණ්ඩුවේ පාර්ශ්ව දෙකේ නායකයන් විසින් තීරණයක් ගෙන ඇතැයි දැන ගැනීමට ලැබී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි හිටි අඩියේම පාර්ලිමේන්තුව තුල ස්වාධීන වන්නේ යැයි කියමින් නටන්න හදන අලුත් ජෝගිය ජනාධිපති සිරිසේනගේ මෙහෙයවීම යටතේ සිදුවන්නක් බව පැහැදිලිවම රතන හිමි අද පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව තුලින් පෙන්වා දෙනු ලැබීය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ තවදුරටත් දේශපාලනය කරනවාද ශ්‍රිලනිපය කඩාගෙන ගොස් වෙනම දේශපාලනය කරනවද යන්න ගැන මහින්ද රාජපක්ෂගේ තීරණය දෙමසක් ඇතුලත ප්‍රකාශ කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

2021 වසරේ පැවැත්වීමට නියමිත මීලඟ ජනාධිපතිවරණයේ හෝ මහ මැතිවරණයේ අගමැති ධුර එජාප අපේක්ෂකයා ලෙස මේ වන විට එජාපයේ ප්‍රබලයන් ගනනාවක් ලක ලැහැස්ති වුණද එජාපයේ දේශපාලන මතය හා එම පක්ෂය නියෝජනය කරන සමාජ පංතිය අනුව ඒ වෙනුවෙන් පෙනි සිටිය හැකි හොඳම අපේක්ෂකයා විය හැක්කෙකු එජාපය තුල නොවීම සහ එජාපය තුල මේ වන විට ගොඩ නැගී ඇති නායකත්ව කල්ලි සටන අනුව එජාපය බෙදි වෙන්වී යාම සමහන් කළ හැකි නායකත්වය ලෙස හොඳම තේරීම වන්නේ වත්මන් එජාප නායක රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය බවට එජාපයේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකු එජාප නායකත්වය ට යෝජනා කර ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ වේදිකාවේ සිට ජනතාව හමුවේ සපත වූයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවටය. සෝබිත හිමිගේ දේහය ඉදිරිපිට සිටද යලිත් සපත වූයේ එයමය. එයි ගැලවී පිට පාරේ යාමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබිය හැකි නොවේ.

රාජපක්ෂ රෙජීම සමයේ රාජ්‍ය දේපල අවභාවිතයේ යෙදවුවන් සම්බන්ධව නීතිමය කටයුතු සිදුකරන මුල්‍ය අපරාධ කොට්ඨාශය සැකකරුවන් නම් කිරීම හා චෝදනා ගොනුකරන ස්වභාවය හේතුවෙන් එම දුෂණ වලට සම්බන්ධ පාර්ශ්ව වලට දඬුවම් නොලබා නිදහස් වීමට අවස්ථාව හිමිවන බවත් ඒ තුළ මුල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටුවීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බවත් නීති ක්ෂේත්‍රයේ පිරිස් චෝදනා කර සිටියි.

රේගු දෙපාර්තමන්තුවේ " ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුර" සඳහා උපදේශක මට්ටමින් ආචාර්ය චතුර ද සිල්වා ව පත්කිරීමට රේගු වෘත්තීය සමිති එකඟවූ බව සඳහන් කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් චුලානන්ද පෙරේරා සාවධ්‍ය කරුණක් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇතැයි රේගු වෘත්තීය සමිති සඳහන් කරයි.

ජනවරමේ දෑ අවුරුද්දේ කියුම් කෙරුම් ගැන ලොකු ලොකු කතන්දර පහුගිය දින කිහිපයේ අහනට ලැබුණු නමුත් විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බව නොකියා සිටිමට ජනාධිපතිවරයා සිය පදවිප්‍රාප්ත උත්සව කතාවේදී ද පරෙස්සම් වී තිබිණි. ඔහු කීවේ 19 ගැන හා 18 ගැන අප්‍රබංශ කතාවකි. ඉන් සෑහී සිටින ලෙස ඔහුට ඡන්දය දුන් ඡන්ද දායකයාට නොකියා කීවේය. 2020 වන තෙක් ආණ්ඩුව පෙරලන්න දෙන්නේ නැතැයි කියා කීම යූඑන්පී කාරයාට සැනසීමක් වන්නටද ඇතිය. ආණ්ඩුවක ඕනෑ නම් මේ ආණ්ඩුවට එකතුවෙලා වැඩ කරතැහැකි යැයි කීවේ තව ඇමැතිකම් හෝ මොන මොනවා හෝ දී, සතුටින් ජීවත් වීමට කැමැති ඒකාබද්දේ කට්ටියට සෙට්වීමට ඉඩ ඇති බව කීමය. ඉතිං හැමෝම සතුටෙනි.

වර්තමානයේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කරන ඩී එම් පී දිසානායක මහතා 2010 වසරේ සිට භාණ්ඩාගාර අනුමැතියකින් තොරව නීතිවිරෝධී ලෙස රුපියල් 17,625/-ක විශේෂ මාසික දීමනාවක් ලබාගෙන ඇත.

Connet With Us