නැවත ජනාධිපතිවරණයක් නෑ.. ඒත් මීළඟ ජනාධිපතිත් මෛත්‍රීමයි. එහෙම හොඳ ද ? Featured

Wednesday, 11 January 2017 23:24

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ වේදිකාවේ සිට ජනතාව හමුවේ සපත වූයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවටය. සෝබිත හිමිගේ දේහය ඉදිරිපිට සිටද යලිත් සපත වූයේ එයමය. එයි ගැලවී පිට පාරේ යාමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබිය හැකි නොවේ.

ජනාධිපතිවරයා යනු ශ්‍රීලනිපයේ නායකයාය, ඔහු කටයුතු කළ යුත්තේ ශ්‍රිලනිපයේ තීන්දු තීරණ අනුව බවත් ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රීලනීප අපේක්ෂකයා ලෙස තරග කරන්නේ ජනාධිපතිවරයාම බවත් කියමින් නන්දොඩවන ශ්‍රිලනිප ගොබ්බයන් ගේ මෝඩ කතා වලට කලබල විය යුතු නැත. ශ්‍රිලනිපය යනු ගොබ්බයන්ගේ ‍තෝතැන්නක් වී ඇති පක්ෂයකි. පංචමහා බලවේග සමඟ හණ මිටි යුගයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් කිසිවකුට පෙනී සිටීමට හිතනවා නම් ඒකට සුදුසුම තැන මේ ශ්‍රි ලනීපයය..

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයේ සභාපති ධුරය නොගන්නට අද ශ්‍රිලනිපය කියන පක්ෂය මෙලෙසවත් ඉතුරුවන්නෙ නැත. ඒ කැබලි හත අටකටවත් කැඩී ගොසින් අහවර වීමට නියමිතව තිබුණකි. ඒ අනුව මේ මෛත්‍රීපාල තමයි අපේ නායකයා කියන ශ්‍රීලනිප ගොබ්බ මැතිඇමැතිවරුන් කියන කතාව ඇත්තය. එජාප හා උතුරේ ඡන්ද වලින් බලයට පැමිණියා වූවත් ඒ විධායක ජනාධිපති බලය හිමි නායකයා තමන්ගේ නායකයා වී සිටීම මේ ගොබ්බ ශ්‍රීලනිප කරයන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍ය. ඉසුර දේවප්‍රිය වැනි දේශපාලන ගොබ්බයන් ක‍ටුස්සගේ කරේ රත්තරන් බැඳා සේ උඩගුවෙන් නන්දොඩවන්නේ මේ බලයේ මහිමයෙනි. නැතිනම් මහරගම මිනිස්සුවත් මේ මනුස්සයාව තුට්‍ටුවකටවත් ගනන් ගත්තේ නැත. ඉසුරලා වැනී රටක ආනාගතය ගැන, ශිෂ්ඨ සම්පන්නබාවය ගැන යහපාලනය ගැන නොදන්නා නොහිතන ඒ වෙනුවෙන් හැකියාවක් හෝ නොමැති ශ්‍රීලංකාකාරයන් දැන් ජනාධිපතිවරයාගේ රෙද්ද කඩා දැමිමට සැරසෙමින් සිටිනවාද උනුන් ලවා රෙද්ද කඩා ගැනිමට ජනාධිපතිවරයා අපේක්ෂා කරනවාද යන්න ගැන තවම නිශ්චිතව දැන ගැනීමට නොමැති නමුත් මේ දිනවල සිදුවෙමින් පවතින දෑ අනුව වීමට නියමිත ඔය දෙකෙන් එකකි.

කොහොම වෙතත් ජනාධිපතිවරයාට විධායක ජනාධිපතිධුරය අහෝසි නොකර තවත් වටයක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැක්කේ රෙදි ගලවගෙන අමු නිරුවතිනි. බොරුකාරයකු ලෙසිනි, තක්කඩියකු ලෙසය, බලලෝබියකු බල පෙරේතයකු ලෙසය.

ඒ තීන්දුව දැන් ශ්‍රීලනීපය ගෙන තිබේ.. එහෙත් තවමත් ජනාධිපතිවරයා මේ ඓතිහාසික පාවා දීමේ තින්දුව තවම ප්‍රකාශයට පත්කොට නැත..ඒ නිසා තව දුරටත් ඔහු කෙරෙහි විශ්වාසය තැබිය හැකිව තිබේ.

එහෙත් යම් ලෙසකින් හෝ පොරොන්දු ප්‍රකාරව විධායක ජනාධිපතිධුරය අහෝසි කෙරෙන, බලය බෙදා හැරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම වෙනුවෙන් ඒ සඳහා වන ජනමතය අවධිකිරීම වෙනුවෙන් පෙනී සිටිනවා නම් 1978 සිට රටට පිලියක්ව තිබූ මේ ඒකාධිපති විධායක ජනාධිපතිධුරය ආහෝසි කිරීම වෙනුවෙන් නිර්ලෝබීව ඉදිරිපත් වූ මෙරටේ ශ්‍රේෂ්ඨතම ජන නායකයා ලෙස, ඔහුට කරන ගරු කිරීමක් ලෙස පාර්ලිමේන්තුව විසින් ඔහුට තවත් වසර 6 ක් දක්වා නාමික ජනාධිපතිවරයා ලෙස පත් කිරීම ගැන නම් එකඟ විය හැකිය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන 2021 මෙරට ජනාධිපතිවරයා ලෙස සිටිය යුතු බවට දැන් කල්පනා කරන කාට හෝ ඒ හීනය සැබෑ කර ගත හැක.

අගමැතිවරයා වන්නේ කවුරුන්ද යන වග ජනතාව විසින් තීන්දු කරනු ඇත. ශ්‍රීලනිපය ගොඨාබය රාජපක්ෂ වැනි යුධ උන්මන්තකයකු ජාතිවාදියකු ආගම්වාදියකු තමන්ගේ අගමැති අපේක්ෂකයා කර ගැනීමට තීන්දු කරනවා නම් ඒ ශ්‍රිලනිපයේ අවාසනාව විය හැකිය. 2015 පැරදුනේද මේ උන්මන්තක දේශපාලනය නිසා බව ශ්‍රිලනීපයේ බහුතරයකට අමතක වෙමින් තිබේ. රාජපක්ෂ නාමය යනු ජාතිවාදයේ හා වංචාවේ දූෂණයේ සංඛේතයක් බව ශ්‍රිලනිපය නොසලකා හැරීම ඔවුන්ගේ ඉරණම ප්‍රකාරව සිදුවනු ද ඇත. ඒ ගැන දුක් වෙන්නට හේතුවක් නැත...මන්ද මෙවැනි ගොබ්බ තීන්දු තීරණ ගන්නා පක්ෂ දැන් නැති භංගස්ථාන වී යාමම රටට ජනතාවට යහපතක්ම නිසාය.

Last modified on Wednesday, 11 January 2017 23:30

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us