මහින්දගේ තීරණය තව මාස 2 කින්

Published in පුවත්
Friday, 13 January 2017 01:31

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ තවදුරටත් දේශපාලනය කරනවාද ශ්‍රිලනිපය කඩාගෙන ගොස් වෙනම දේශපාලනය කරනවද යන්න ගැන මහින්ද රාජපක්ෂගේ තීරණය දෙමසක් ඇතුලත ප්‍රකාශ කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ කෙසේ වෙතතත් තමන්ගෙන් පසුව රාජපක්ෂ පවුලේ මීළඟ දේශපාලන නායකත්ව අනුප්‍රාප්තිකයා නම් කිරීම මහින්ද රජපක්ෂ විසින් ඒ දෙමස ඇතිලතදී සිදු කිරීමට නියමිත බවත් දැන ගැනිමට ඇත. ඒ නාමල් රාජපක්ෂ විය හැකිව ඇති බවට මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂය තුල කතා බහට ලක්ව තිබුණත් චමල් රාජපක්ෂගේ වැඩිමහල් පුතු ශෂීන්ද්‍ර රාජපක්ෂ වඩාත් දේශපාලන පරිචයක් ඇති පුද්ගලයකු වීම නිසා මහින්ද රාජපක්ෂගේ වැඩි අවධානයක් ඔහු වෙත යොමුව ඇති බවත් දැන ගැනීමට ඇත. ශෂින්ද්‍ර රාජපක්ෂ දිගු කාලයක් මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළේය.එමෙන්ම ඔහු මැදමුලන රාජපක්ෂ බංගලාවේ මීලඟ හිමිකාරයා වීමටද නියමිතය. රාජපක්ෂ පරපුරේ සම්ප්‍රදාය අනුව එම පවුලේ වැඩිමලාට ' මහගෙදර' හිමිවේ. ඒ අනුව මේවන විටත් චමල් රාජපක්ෂට උරුමකම් ඇති එම නිවස ඔහුගෙන් පසුව ශෂීන්ද්‍ර රාජපක්ෂට හිමි වීමට නියමිතය.

මේ අතර එම පවුලේ ආරංචි මාර්ග සදහන් කරන ලෙස ජෝතිෂ්‍යය අනුව එම පවුලේ රාජ යෝගයක් පිහිටා ඇත්තේ ශෂීන්ද්‍ර රාජපක්ෂටය. එමෙන්ම නාමල් රාජපක්ෂට දේශපාලනය තුල ඉදිරි ගමනක් නොමැති අතර ඔහුටද වැඩිමල් ඥාති සොහොයුරා වන ශෂීන්ද්‍රගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට සිදුවීම නියතයක් බවත් ජොතිෂ්‍ය මතය වී තිබේ.

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම මේ වසර තුල සිදු විය හැකි බවත් ඊට පෙර වත්මන් ආණ්ඩුව ඔහුට ගෞරවනීය සමුගැනීමක් ලබා දීමට එකඟත්වයට එළඹ තිබෙනු ඇති බවත් ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී නාමල් රාජපක්ෂගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ශ්‍රීලනිපයේ යම් තනතුරක්ද ඔහුට හිමිවීමට නියමිතය.

ඒ කෙසේ නමුත් චමල් රාජපක්ෂ හා ශෂින්ද්‍ර රාජපක්ෂ මේ වන විටත් ආණ්ඩුව හා සහයොගයෙන් ක්‍රියාත්මක වීම ගැන බැසිල් රාජපක්ෂගේ දෝෂාරෝපනයට ලක්ව ඇති බවත් වර්තාවේ. එහෙත් ඊට ගෝඨාභය රාජපක්ෂගේ කැමැත්ත හිමිව තිබේ. තතු දත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ චමල් රාජපක්ෂ මාර්ගයෙන් ගොඨාභය රාජපක්ෂ, ශ්‍රිලනීපයේ මීලඟ අගමැති අපෙක්ෂක තනතුර සඳහා ඉදීරිපත් වීමට දැඩි උත්සාහයක් ගන්නා බවය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us