විමල්ව අත්අඩංගුවට ගැනීමත් විකාරයක්

Published in පුවත්
Wednesday, 11 January 2017 15:18

රාජපක්ෂ රෙජීම සමයේ රාජ්‍ය දේපල අවභාවිතයේ යෙදවුවන් සම්බන්ධව නීතිමය කටයුතු සිදුකරන මුල්‍ය අපරාධ කොට්ඨාශය සැකකරුවන් නම් කිරීම හා චෝදනා ගොනුකරන ස්වභාවය හේතුවෙන් එම දුෂණ වලට සම්බන්ධ පාර්ශ්ව වලට දඬුවම් නොලබා නිදහස් වීමට අවස්ථාව හිමිවන බවත් ඒ තුළ මුල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටුවීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බවත් නීති ක්ෂේත්‍රයේ පිරිස් චෝදනා කර සිටියි.

ආසන්නතම සිදුවීම ලෙසින් විමල් වීරවංශ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව පෙන්වා දෙන එම පිරිස් වැඩිදුරටත් සඳහන් කරන්නේ රාජ්‍ය වාහන අවභාවිතය සම්බන්ධව පොලිස් මුල්‍ය අපරාධ කොටාශය විසින් ගොනු කළ බී වාර්තාවේ සැකකරුවන් දෙදෙනෙක් පමණක් නම් කර තිබීම ඊට සාක්ෂියක් වන බවයි.

වාහන නිකුත් කිරීම මෙන්ම රාජ්‍ය දේපල අවභාවිතය කිරීමද වරදක් වන බව පෙන්වා දෙන ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඒ හේතුව මත අදාළ චෝදනාවන්ට වගකිව යුතු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශු මාරසිංහ මෙන්ම ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මෙන්ම මාධ්‍යවේදී ප්‍රසන්න සංජීව තෙන්නකෝන් ඇතුළු රාශියකට දඬුවම් නොලබා නිදහසේ සිටීමට අවස්ථාව හිමිවී ඇති බවය.

එහෙයින් වැරදිකරුවන් කිසිඳු වග විභාගයකට ලක් නොකර සිටීමට අවස්ථාව සලසන පොලිස් අපරාධ කොට්ඨාශය සුදු අලියෙකු බවට පත්ව ඇති බවත් ඒ අනුව වරදක් කිරීම සහ ඊට අදාළ දඬුවමක් නියම කිරීම හරහා අපේක්ෂා කරන සමාජ ශෝධක අරමුණු ඉටු නොවන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි. මීට පෙර බැසිල් රාජපක්ෂ , නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, ගොඨාභය රාජපක්ෂ යන අයට එරෙහිව ගොනු කර තිබෙන මුල්‍ය අපරාධ චෝදනාද නීතිමය වශයෙන් දුර්වල බව පෙනී ගොස් තිබෙන අතර මේ හේතුව නිසා ඉදිරියේදි මේ සියලු දෙනා අදිකර්නය විසින් නිදොස් කොට නිදහස කිරීම විය හැකි බව නීති ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙති.

එහෙයින් යහපාලනය ගැන මෙන්ම යුක්තිය පසිඳලීම යන කටයුත්තේදී මීට වඩා වකකීමකින් යුතුව කටයුතු කළ යුතු බවද ඔවුන් සඳහන් කරයි.


මේ අතර අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිවාස සහ ඉංජිනේරු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී වාහන ලබා ගැනීම සම්බන්ධව කිසිඳු ප්‍රසම්පාදන පටිපාටියක් අනුගමනය කර නැති බව හෙළිවී ඇත.

ඒ බව තහවුරු කර සිටින්නේ රාජ්‍ය වාහන අවභාවිතය සම්බන්ධව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ගොනු කළ බී වාර්තාවේය. එම වාර්තාවට අනුව රාජ්‍ය වාහන අවභාවිතය සම්බන්ධව විමල් වීරවංශ සමඟ චෝදනා ලබාසිටින සමන්ත ප්‍රියනාත් ලොකුහැන්නදීගේ විසින් ලබාදී ඇති කටඋත්තරයේ ඒ බව සඳහන්ව ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us