රේගු ලොක්කාගෙන් රේගුවට වෙට්ටුවක්

Published in පුවත්
Tuesday, 10 January 2017 11:19

රේගු දෙපාර්තමන්තුවේ " ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුර" සඳහා උපදේශක මට්ටමින් ආචාර්ය චතුර ද සිල්වා ව පත්කිරීමට රේගු වෘත්තීය සමිති එකඟවූ බව සඳහන් කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් චුලානන්ද පෙරේරා සාවධ්‍ය කරුණක් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇතැයි රේගු වෘත්තීය සමිති සඳහන් කරයි.

අදාළ තනතුර සඳහා විශ්‍රාමික රේගු නිලධාරියෙකු පත්කිරීමට උත්සහ දැරීම සම්බන්ධව තම වෘත්තීය සමිති දැක්වූ විරෝධය සහ පසුව ඒ ගැන සිදුකළ සාකච්ඡාවේ එකඟතා ලෙස 2016-11-02 දින රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දුන් ලිපියේ ඒ බව සඳහන් වන බව පෙන්වා දෙන රේගු වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ තමන් විසින් එවැනි නමක් පිළිබඳ දැනුම්වත් වුයේත් අදාළ ලිපියේ පිටපතක් ලැබීමෙන් පසුව බවය.

" ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුර" පිළිබඳ පැවැති සාකච්ඡාවේදී තමන් පෙනී සිටියේ රේගුවේ අදාළ තනතුර වෙනුවෙන් සුදුසුකම් ඇති නිලධාරීන් ඕනෑතරම් ඇති බවත් එසේම සිදුකරන සියලු පත්වීම් සඳහා රේගු දෙපාර්තනේතුවේ බඳවා ගැනීමේ පටිපාටියට අනුකූලව සිදුකළ යුතුය යන්න වෙනුවෙන් බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මොහු පසුගිය රාජපක්ෂ සමයේ සිට වෙනත් ව්‍යපාර කටයුතු වල නිරත පුද්ගලයකු බවත් දැන ගැනීමට තිබෙන අතර එවැනි පුද්ගලයකුට මෙවැනි තනතුරක් ලබා දීම ද ගැටලු සහගතය.

තවද මේ ආකාරයෙන් රේගුවට බාහිර පුද්ගලයන් ඇතුළු කිරීමට උත්සහ ගැනීම ඇතුළුව කිසිදිනක සිදුවී නොමැති අයුරින් මේ වන විට ඉතා දැනුවත්ව ශ්‍රී ලංකා රේගුව දුර්වල කිරීමේ සුදානමක් තමන්ට පෙනීයන බවත් ඉදිරියේදී ඒ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන් කටයුතු කරන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

 සැබැඳි පුවත් :

රේගුව කාර්යක්ෂම කරන්න හැට පැන්න අයෙක් !

Last modified on Tuesday, 10 January 2017 11:23

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us