රේගුව කාර්යක්ෂම කරන්න හැට පැන්න අයෙක් !

Published in පුවත්
Saturday, 07 January 2017 13:19

ශ්‍රී ලංකා රේගුවේ මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා යැයි පවසමින් වයස අවුරුදු 60 ඉක්මවූ වයවෘද්ධ පුද්ගලයෙකු "ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී" නම් තනතුරකට බඳවා ගැනීමේ සුදානමක් ව්‍යර්ථ කරලීමට වෘත්තීය සමිති කටයුතු කර ඇති බව රේගු ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන ආකාරයට මෙසේ විශ්‍රාමික අයෙකු බඳවා ගැනීම සඳහා මුදල් අමාත්‍යංශය ඇතුළුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා උත්සහ කරමින් සිටින්නේ එම විෂය පතය තුළ කටයුතු කිරීමට සමත් ඕනෑතරම් රේගු නිලධාරීන් රේගුව සතුව සිටියදීය.

එසේම මෙකී බඳවා ගැනීම සිදුකරන ආකාරය අනුව රේගුවේ වෘත්තීය සමිති වල එකඟතාවයෙන් සාදන ලද බඳවාගැනීමේ පටිපාටියටද පටහැනිව බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට අදාළ කටයුත්තට එරෙහිව ශ්‍රී ලංකා රේගුවේ වෘත්තීය සමිති සිය විරෝධය පළකර ඇති අතර ඒ බව ලිඛිතවද දැනුම්දීමට ඔවුන් කටයුතු කර ඇත.

ඒ තුළ රේගු වෘත්තීය සමිති පෙන්වාදී ඇත්තේ කැබිනට් පත්‍රිකා අංක 16/2044/719/131 මඟින් කැබිනට් අනුමැතිය ගෙන ඇති නමුත් බඳවා ගැනීමේ පටිපාටියට බැහැරව සිදුකරන්නට යන මෙම පත්වීම සඳහා කවුරු පත්කළත් එම පුද්ගලයාගේ උපදෙස් සහ නියෝග පිලිනොපැදීමට වෘත්තීය සමිති එකඟතාවයකට පැමිණ ඇති බවය.

කෙසේ වුවත් වෘත්තීය සමිති වල දැඩි බලපෑම හේතුවෙන් මෙතෙක් එම පත්වීම සිදුකිරීම කල් දමා ඇති අතර ඒ වෙනුවට රාජපක්ෂ රෙජීමය සමඟ ගනුදෙනු කළ වෙනත් ව්‍යාපාරිකයෙකු ඔහුගේ අධ්‍යාපනික සුදුසුකම් මත බඳවා ගැනීමේ උත්සාහයක්ද දියත්ව ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us