සරත් වීරසේකරලා කළේ තමන්ගේ වර්ගවාදි වුවමනා එපාකම් සර්වසාධාරණ කර ගනිමින් ඉවක් බවක් නැතිව දෙමළුන් කැති ගෑමය.. මේක සිංහල බෞද්ධ රට බවට ව්‍යාජ ප්‍රකාශනයන් හරහා ඒ සාධාරණීය කර ගැනීමය... මෙය කිසිසේත්ම සිංහල බෞද්ධ නැමැති ගොත්‍රික කාලකණ්නින්ට අයත් රටක් නොවන අතර කිසිදු ජාතික අනන්‍යතාවයකට අයිතිකර දිය යුතු රටක්ද නොවේ. ඒ සරත් වීරසෙකර ඇතුළු සිංහල ජාතිවාදී තකතීරු නඩය දැනගත යුතුය.
රටේ දේශපාලනික පදනමින් වූ සිවිල් අරගලයක්, වර්ගවාදි පදනමින්, දෙමළ සිවිල් පුරවැසියන් තොග ගනනින් ඝාතනය කර, ඊනියා ජයග්‍රහණයක් වෙනුවෙන් ඉතිහාසයේ ම්ලෙච්ඡතම ජන සංහාරයට වගකිව යුතු සරත් වීරසේකරලා ප්‍රමුඛ ආරක්ෂ අංශවලට රාජපක්ෂ ගුබ්බෑයමේ ලඟින විට මේ මහා මිනිස් ඝාතන අතුරුදන් කරවීම සිම්පල් වැඩය. ඒවා සිංහල බෞද්ධ පදනමින් යුක්ති සහගත පිං අතේ වැඩය. ඒ අර්ථයෙන්ම යුද්ධයේ නාමයෙන් ත්‍රස්තවාදයේ නාමයෙන් පෞද්ගලික එදිරිවාදිකම් දේශපාලන එදිරිවාදිකම් මත මෙන්ම ඉවක් බවක් නොමැතිව කිසිදු වග විභාගයක් නොමැතිව නිරායුධ දෙමළාව පවා මේ ඊනියා රණ විරුවන් විසින් ඝාතනය කිරීම සිදු කළේය.
මේ සහගහන අපරධකරුවන්ට දඬුවම් ලබා දීම නියතව වශයෙන්ම ලබා දිය යුතුය. මේවාට සරත් වීරසේකර හවුල් නම් ඒ සඳහා සාක්ෂි තිබේ නම් වීරසේකරලාටද දඬුවම් ලබා දිය යුතුය. ඊනියා රණවිරු ලේබලයෙන් ඔවුන්ට සැඟවී පලායාමට ඉඩ නොදිය යුතුය.
අද මහින්දවාදී තක්කඩියන් තමන්ගේ තකතීරුකම් නිසා මහින්ද රාජපක්ෂගේ පස්සෙන් එල්ලී යාම කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ, ගොටාභය රාජපක්ෂ යන අයගේ නියෝග මත අපරාධකාරී මෙහෙයුම වල ක්‍රියාත්මක වූ සියලු ඊනියා රණවිරුවන් දන්ගෙඩියට ගෙනයාම නියත ලෙසම විය යුතුව තිබේ.වත්මන් යහපාලන ආණ්ඩුව මේ කර්තව්‍ය කරනවා වෙනුවට වචන වලින් සෙල්ලම් කරනවාය යන්න මේ වන විට පැහැදිලි අතර ආණ්ඩුවට එරෙහිව පෙනී සිටින මහින්දවාදීන්ද මේ ඇත්ත දැන ගෙන බොරුවට කෑ ගැසීම සිදු කරමින් තිබේ. අප විසින් බලකරනු ලබන දෙය නම් මේ අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දීමේ ක්‍රමවේදය වහාම ස්ථාපිත කළ යුතුය.
අතුරුදන් වුවන් පිළිබද කාර්යාල පනත යනු නිකම්ම නිකම් කාර්යාලයක් පමණක් වන අතර ඊට කිසිදු අධිකරණ බලතලයක් ඇත්තේ නැත. ඊට කළ හැකි දෙයක් ඇත්තේද නැත. එය නිකම්ම තවත් සිය ගනනකට රස්සාවල් ලබාදෙන සුදු අලියෙකු වන ජනාධිපති කොමිසකට වඩා දෙයක් වන්නේ නැති බව එම පනත හදාරන විට පැහැදිලි වන සත්‍යයය. මේ මංගල සමරවීරලාගේ කොලේ වසා ගැසිල්ලේ දේශපාලන සෙල්ලමක් පමණි. යහපාලකයෝ කටයුතු කරන්නේ දෙපැත්ත බේරා ගැන ඉදිරි වසර කිහිපය ගත කිරීමේ උපක්‍රමයකි. මෙරට මානව හිමිකම් ගැන නහයෙන් ඇඬු ජාත්‍යන්තර ප්‍රජාවවද මේ නොදන්නවා ලෙස කටයුතු කරන්නේ රාජපක්ෂලාව පැන්නීමේ ඔවුන්ගේ ප්‍රමුඛ දේශපාලන වුවමනාව මේවන විට සිදුව ඇති නිසා ද විය හැකිය. එසේ නොවන්නට වත්මන් යහපාලකයෝ යුක්තිය සාධාරණය ඉටු කිරීම සඳහා මේ දක්වන ප්‍රමාදය ජාත්‍යන්තර සම්බාධකවලට ලක්වීම සඳහා වන කාලයද ඉක්මවා තිබේ. මීට එරෙහි විපක්ෂයේ ක්‍රියා මාර්ගය වනාහිද මේ තක්කඩි ව්‍යපෘතියේම දැනුවත් ක්‍රියා මාර්ගයක් මිස වෙන යමක් නොවේ. පාර්ලිමේන්තුවේදී මේ පනත ඒකච්ඡන්දයෙන් සම්මත වන්නේ ඒ හේතුවෙන්ම මිස වෙන දෙයක් නිසා නොවෙයි. මේ අනුව මෙම කාර්යාලය මගින් අතුරුදන් වූවන් වෙනුවෙන් යුක්තිය තබා අගතියට පත් පාර්ශ්ව සනහාලන කිසිවක් සිදු නොවන බවට අපට කැට තැබිය හැකිය.
මෙම කාර්යාලය වැඩකට නැති දෙයක් බව මේ කාර්යාලය වෙනුවෙන් පෙනී සිටින ඇත්තියකු විසින් සමබිම වෙබ් අඩවිට පල කරන අදහස් වලින පැහැදිලිවම පෙනී යයි එය පහත දැක්වේ.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ට්‍රෝජන් අශ්වයෙක්ද? – නීතිඥ භවානි ෆොන්සේකා
පසුගිය වසරේ ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ පූර්ණ කාලීන සාමය ඇතිකිරීම පිණිස විශේෂ යාන්ත්‍රණ 04 ක් රට තුළ ක්‍රියාත්මක කරන්නට තමන් බලාපොරොත්තු වන්නේ යැයි රජය ප්‍රකාශ කර සිටියහ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් ක්‍රියාකිරීම පිණිස ස්ථිර කාර්යාලයක් පිහිටුවීම සඳහා ඇවැසි ප්‍රතිපාදන සලසන විශේෂ පනත් කෙටුම්පතක් මේ මොහොත වන විට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නට රජය කටයුතු කර ඇත. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අගෝස්තු මස 11 සහ 12 වැනි දින සිදුවිය. එසේ වුවද මෙහිදී අවශ්‍යයෙන්ම විසඳාගත යුතු ප්‍රශ්න කිහිපයක්ද ඇත.
ඒ අනුව, යෝජනා වී තිබෙන්නේ මෙතෙක් කලක් තුළ ආණ්ඩු බලය දැරූ රෙජීමයන් කිහිපයක් විසින් අතුරුදන්කරවීම් සහ අතුරුදන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් වරින්වර ක්‍රියාත්මක කළ විවිධාකාර කොමිෂන් සභාවන්හිම තවත් එක මුහුණුවරක්ද? පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් 25,000 කට අධිකව ඉදිරිපත්වූ පැමිණිලි සම්බන්ධයෙන් ඉතාම මෑතකදී සිය විමර්ශන අවසන් කර වාර්තා කළ පරණගම කොමිෂන් සභාව සහ යෝජිත නව කාර්යාලය අතර වෙනසක් ඇත්නම් ඒ වෙනස කුමක්ද? අතුරුදන්වූවන් වෙනුවෙන් වන කාර්යාලය පිහිටවූ පසු එය හුදෙක්ම අතුරුදන්කරවීමේ සිදුවීම්හි වින්දිතයන්ට සහන සලසන ආයතනයකට සීමා වේද? නැතහොත් එය එතැනින් තවත් ඉදිරියට ගොස් රට තුළ රාජ්‍ය පාලනයේ වගවීම තහවුරු කරන ආයතනයක් බවට අනුවර්තනය වනු ඇත්ද? මේකී ප්‍රශ්න සියල්ලට පිළිතුරු ලබා ගැනීම අත්‍යාවශ්‍ය මෙන්ම අතුරුදන්වූවන් වෙනුවෙන් වන කාර්යාලය සමග දැනටමත් බැඳී ඇති වැරදි මතිමතාන්තර දුරුකරලීමටද හේතු වනු ඇත.
අතුරුදන්වූවන් වෙනුවෙන් වන කාර්යාලයක් පිහිටුවීමට යෝජනා කරමින් ඉදිරිපත්ව තිබෙන පනත් කෙටුම්පතට අනුව මෙම කාර්යාලය ව්‍යවස්ථාදායක සභාවෙහි නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කිරීමට නියමිත සාමාජිකයන් 07 දෙනෙකුගෙන් සමන්විත වනු ඇත. එම සාමාජිකයන් මානව හිමිකම්, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය, මානුෂවාදී ගැටලු, ක්ෂේත්‍ර අධ්‍යයනය සහ දත්ත සම්පාදනය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රාමාණික විශේෂඥතාවයන් සහිත ස්වාධීන පුද්ගලයන් විය යුතුයැයි කෙටුම්පතෙහි සඳහන්ව ඇත. එක් සභිකයෙකුගේ ධූර කාලය වසර 03 ක් වන අතර ඔවුන්ගෙන් කිසිවෙකු දෙවරකට වඩා මෙම කාර්යාලයට තේරීපත් නොවනු ඇත. කාර්යාලයෙහි මූලස්ථානය කොළඹ අග නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වනු ඇත අතර ප්‍රධාන කාර්යාලයට අවශ්‍ය පරිදි ප්‍රාදේශීය ක්ෂේත්‍ර කාර්යාල පිහිටුවා ගැනීමට ප්‍රතිපාදන සැලසෙනු ඇත. විවිධ ප්‍රදේශවල වාසය කරන වින්දිතයන්ට පහසුවෙන් කාර්යාලය වෙත ප්‍රවේශවීමට ඉඩ සැලසෙන පරිදි අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ප්‍රාදේශීය සහ ක්ෂේත්‍ර වශයෙන් ක්‍රියාත්මක වීම අතිශය වැදගත්ය.
මෙම කෙටුම්පතට අනුව යෝජිත කාර්යාලයට පරීක්ෂණ පැවැත්වීමේ බලය, වින්දිතයන් සඳහා රැකවරණය සැලසීමේ බලය, වන්දි ප්‍රදානය සඳහා සහ සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම පිණිස සෙසු රාජ්‍ය ආයතන වෙත නිර්දේශ ඉදිරිපත්කිරීමේ හැකියාව, අතුරුදන්වීමේ සිදුවීම් සහ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් දත්ත එක්රැස්කර ගොනු වශයෙන් පවත්වාගෙන යාම ආදී නිශ්චිත බලතල සමූහයක් පැවරෙනු ඇත. ඒ අතර කාලය පිළිබඳව හෝ ශ්‍රී ලංකාව තුළ භූගෝලීය සාධක පිළිබඳ කිසිදු ආකාරයක සීමාකිරීමකට අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය යටත් කර නොමැත. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ඕනෑම තැනෙක පරීක්ෂණ පැවැත්වීමට කාර්යාලයට බලය ඇත.
කාර්යාලයේ බලාධිකාරියට අයත්වන අතුරුදන්වූ පුද්ගලයන් ලෙස උතුරු-නැගෙනහිර පළාත්වල සිදුවූ සන්නද්ධ ගැටුම් අතරතුර හෝ එම සන්නද්ධ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස යුද්ධයේදී අතුරුදන්වූ තැනැත්තෙකු ලෙස හැඳින්වෙන පුද්ගලයන් හෝ දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කළකෝලාහල නිසාවෙන් අතුරුදන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් කාර්යාලයේ අවධානය යොමුවනු ඇත. එසේම බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ (The International Convention for the Protection of All Persons from Enforced Disappearance – ICPPED&)‘බලහත්කාරයෙන් අතුරුදන්කිරීම කරවීම’ යනුවෙන් අර්ථ නිරූපයන කර ඇති ආකාරයේ අතුරුදන්වීම් මෙම කාර්යාලයේ විෂය පථය යටතට ගැනේ.
යෝජිත යාන්ත්‍රණය සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන ඇතැමෙකුට අනුව මේ කාර්යාලය අන් කවරකුත් නොව පැහැදිලි ට්‍රෝජන් අශ්වයෙකි. ඔවුනට අනුව යෝජිත යාන්ත්‍රණය ඇතුළත වඩාත් භයානක අන්තරායක් නොඅනුමානවම සඟවා ඇති අතර ඒ විසින් නිසැකවම මෙරට රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයක් වෙත පාවාදෙනු ඇත. නමුත් කෙටුම්පතෙහි විස්තර කර ඇති ආකාරයට කාර්යාලයේ බලතල යටතට කිසිදු ආකාරයක අධිකරණමය කාර්යක් ඇතුළත් නොවේ. එයට කළ හැකි කාර්යය සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කර විමර්ශනවල ප්‍රතිඵල මත අදාළ අතුරුදන්වූ තැනැත්තන්ට සිදුවන්නට ඇත්තේ කුමක්දැයි කියා සිටීම පමණි.
දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ඇති කළ විවිධ ආකාරයේ යාන්ත්‍රණ තුළින් ආයතන ස්ථාපිත වන හැම විටම අහිමි වු තම සමීපතමයා පිළිබඳ දුක්ගැනවිලි රැගෙන ගියද අවසානයේ ඉන් කිසිදු සහනයක් නොලද මිනිසුන්ට මෙය තවත් එවැනිම වු එක් කාර්යාලයක් පමණක් සිතෙන්නට හැකිය. එහෙත් මෙය නිශ්චිතව සීමා කෙරුණු කාලයක් හෝ රට තුළ භූගෝලීය සීමාවකින් තොරව ස්ථාපිත කෙරුණු ස්ථාවර ආයතනයකි. මෙය ස්ථාපිතවනුයේ විමර්ශන පැවැත්වීමටත් අත්‍යවශ්‍ය සෙසු පියවරගැනීමටත් අවශ්‍ය කරන තාක්ෂණික විශේෂඳතාවයන් සහ සම්පත් සහිතවය. මෙම කාර්යාලය ස්ථාපිත වනුයේ රාජ්‍ය ආයතනයක් හෝ නිලධාරියෙකු විසින් පියවරක් ගනු ඇතැයි බලා සිටීමකින් තොරව තමන්ගේ විමර්ශනවලින් අනාවරණය කරගන්නා කරුණු සෘජුවම වින්දිතයන් වෙත දැනුම්දීමේ නීතිමය හැකියාව සහිතවය. වින්දිතයන් වෙත හානිපූර්ණයන් සැලසීම පිණිසත් අතීත ප්‍රචණ්ඩ සිදුවීම් නැවත ඇති නොවන බව තහවුරුකිරීම පිණිසත් සෙසු රාජ්‍ය ආයතන සමග එක්ව කටයුතුකිරීමේ නීතිමය බලය මෙම ආයතනයට හිමිවීමට නියමිතය. තමන් අභිමුවට පැමිණෙන වින්දිතයන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ වගකීම ඉටුකිරීම පිණිස මෙම කාර්යාලයට විශේෂ බලතල පැවරෙනු ඇත. එසේ හෙයින් මෙම කාර්යාලය වෙත පැමිණීම තර්ජනයන්ට හෝ අඩන්තේට්ටම්වලට කිසිවකු නිරාවරණයවීමට හේතුවක් නොවනු ඇත. සමස්තයක් වශයෙන් ගත්කළ මේ සියල්ල බාහිර බලපෑම් හෝ මැදිහත්වීම්වලින් නිදහස්ව විශ්වාසනීයව සහ ස්වාධීනව කටයුතු කිරීමට අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට ඉඩ සලසන ප්‍රතිපාදනයන්ය. එසේම අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලයක් හිමිවන්නේ යැයි සඳහන්ව නොමැති අතර නඩු පැවරීම යනු මෙම කාර්යාලයේ විෂය පථයෙන් පැහැදිලිවම බාහිර වෙනත් අධිකරණමය ආයතන සහ අධිකාරීන්ට පමණක් හිමිවන බලයකි.
තම ආදරණීයයන් සොයාගත නොහැකිව ඔවුන්ට සිදුවු දෙයක් නොදැන ඔවුන් ජීවත්වන්නේද එසේ නම් ඒ කොතනකදැයි යන්න විමසීම හැර අන් කළ හැකි යමක් නොමැතිව අසරණ වු මිනිසුන් වෙනුවෙන් යම් හෝ දෙයක් කිරීමට මෙතෙක් බලයට පත් සෑම රජයක්ම පරීක්ෂණ, විමර්ෂණ කමිටු සහ කොමිෂන් සභා ඇති කරමින් කිසියම් හෝ උත්සාහයක් දැරුවද වින්දිතයන්ට පිළිතුරු සැපයීම යන අතිශය සරල කාර්යයේදී අසාර්ථක විය. අහිමි වූ විශ්වාසයෙන් යුතුව වුවද සිය සමීපතමයා සොයාගැනීමේ අපේක්ෂා අත් නොහැර තවත් ආණ්ඩුවකින් යළිත් වරක් ස්ථාපිත කරන යාන්ත්‍රණයකින් තමන්ගේ ගැටලුව නිසැකවම විසඳෙනු ඇතැයි බලාපොරොත්තු පළ කරමින් ඒවා ඉදිරියට යන්නට ද ඔවුන් සූදානමින් සිටී. ඔවුන් විඳි පීඩාවන්ට නිසි ප්‍රතිචාරය දැක්වීම තවදුරටත් ප්‍රමාද නොවිය යුතුය. සත්‍ය අනාවරණය කරලීමේ කාර්ය වෙනුවෙන් මෙතරම් බලතල සහිතව විශේෂිත කාර්යාලයක් ස්ථාපිතවනුයේ අතීතයේදී විවිධ දේශපාලන බලාධිකාරීන් විසින් වරින් වර ක්‍රියාත්මක කරනු ලැබූ යාන්ත්‍රණයන්හි ඇති අසාර්ථක තැන් සහ ඒවායේ ඇති ව්‍යූහාත්මක දුබලතා නිසාවෙන්මය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයවීමේ අවසාන අවස්ථාව ඉතාම ආසන්නයේ තිබියදීම සංහිඳියාව සහ සංවර්ධනය සම්බන්ධයෙන් බරපතල විසඳුම් ක්‍රියාවට නැංවෙමින් තිබේ. මේ සියලු ප්‍රතිසංස්කරණ විසින් නව ශ්‍රී ලංකාවක් උදාකරන බවට සැලසුම් ඉදිරිපත්ව ඇත. එහෙත් තමන්ගේ ජීවිතවලින් සැඟව ගිය මිනිසුන් යළි එන දිනයක් අපේක්ෂාවෙන් සිටින මිනිසුන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ භෞතික සංවර්ධනය යනු හුදෙක්ම වැදගත්කමකින් තොර නාම මාත්‍රික වටිනාකම්ය. සත්‍යය දැනගැනීමට අපට මූලික අයිතියක් ඇතිමුත් අප අතරින් බොහෝ දෙනෙකුට එහි ඇති විශේෂ වටිනාකමක් නැත. එහෙත් සත්‍යය වශයෙන්ම සිදුවූයේ කුමක්දැයි සොයා ගැනීම සිය ජීවිතයේ එකම කාර්යය කරගත් ඔවුනට අවශ්‍ය එකම දෙය සත්‍යය දැනගැනීමේ අයිතියයි.
ඉතිහාසය පුරාවට සිදුවූ මේ සියලුම වැරදි නිවැරදි කරගැනීමේ අවස්ථාවක් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නමින් නැවත අප වෙත පැමිණ ඇත. පාර්ලිමේන්තුවටත්, පොදුවේ ශ්‍රී ලාංකික ජනතාවටත් මේ උදාවී ඇත්තේ අතීතයේ සිදුවූ දහස් ගණනක් වූ අනර්ථයන් නැවත සලකා බලා එකී සිදුවීම් නිසි වගවිභාගයක් තුළට පැමිණෙන බව සහතික කරලීමට හිමිවන අවස්ථාවකි. හුදු වගාලංකාරවලින් ඔබ්බට යමින් අතුරුදන්වූ සිය ආදරණීයයන් වෙනුවෙන් කිසියම්ම හෝ අවසන් වදනක් අපේක්ෂාවෙන් සිටින්නන් වෙත පිළිතුරක් සැපයීමේ සැබෑ ශක්‍යතාවය සහිත මොහොත අවසානයේ අප හමුවට පැමිණ ඇත. මේ එළැඹ ඇති මොහොත අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනීසිටින ශක්තිමත් සහ ස්වාධීන ආයතනයක ක්‍රියාකාරීත්වයට හොඳින්ම ඉඩ සලසන මොහොතයි.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා නීතිඥ භවානි ෆොන්සේකා විසින් ‘සමබිම’ ඉරිදා සංග්‍රහයට (2016.08.14 ) විශේෂයෙන් ලියන ලද මෙම ලිපිය සිංහලට පරිවර්තනය කරන ලද්දේ ප්‍රගීත් ලියනාරච්චි විසිනි.
මෙම කෙටුම් පත සිංහල භාෂාවෙන් කියවීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පහත යොමුවට පිවිසෙන්න www.parliament.lk/uploads/bills/gbills/sinhala/6016.pdf