අම්බලන්ගොඩ ක්‍රිකට් ක්‍රීඩක ඝාතනයේ සැකකරු රටින් පනී !

Published in පුවත්
Wednesday, 17 August 2016 18:50

පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වූ අම්බලන්ගොඩ කෝටි ව්‍යාපාරික හැලඹගේ ප්‍රේමසිරි මහතාගේ ඝාතන කිරීම සම්බන්ධයෙන් බරපතල සැකයකට ලක්ව සිටින ගමුනි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජීව ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇති බව හෙළිවේ.

අංක 842035507v දරණ හැදුනුම්පත අයත් ගමුනි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජීව EK 349 දරන ගුවන් යානයෙන් මීට දින කිහිපයකට පෙර වෙනත් ව්‍යාජ තොරතුරු සහිත ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

ඔහු මේ වන විට දකුණු පලාතේ පාතාල කල්ලි හසුරුවන  ප්‍රසිද්ධ අපරාධකරුවන් අතරින් කෙනෙකු වේ. ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ඝාතනය සඳහා ලක්ෂ 50 ක මුදලක් අයකකර ගෙන තිබෙන බවද හෙළිවෙමින් පවතී. එමෙන්ම අදට මාස 6 කට පෙර බලපිටිය උසාවිය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කළ රසික චමින්ද කුමාර සහ කනත්තගේ ප්‍රියන්ත යන අය ඝාතනය කිරීම සඳහා කෙනඩි නම් වූ LTTE හිටපු සාමාජිකයකු යැයි සැක කෙරෙන පුද්ගලයාවද එවා තිබුනේ ජගමුනි සුජීව ද් සොයිසා හෙවත් කොස්ගොඩ සුජීව විසිනි. ඔහු LTTE සාමාජිකයින් හදුනා ගන්නේ බූස්ස කදවුරේදීය, එහි සිටි LTTE සාමාජිකයන්ගේ හිත් දිනාගත් සුජීව පසු කලෙක LTTE වෙඩික් කරුවන් තම ඝාතන සඳහා යොදවා තිබුනි. එයට හේතුව වන්නේ ඉලක්කය කරා හඹා යෑමටත්,ඉලක්කයට වෙඩි තැබීමටත් දක්ෂ ලෙස ක්‍රියාත්මක හා කඩිනම් වීම නිසා යැයි ප්‍රචලිතය.

ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාගේ ඝාතනයෙන් අනතුරුව කොස්ගොඩ සුජීව සම්බන්ධයෙන් තොරතුරු හෙලිදරව් වීම සිදුවෙමින් පැවැතීම නිසා ඔහු ඩුබායි වෙත හොර රහසේම පැනගොස් ඇත. එමෙන්ම සුජීවගේ ලොක්කා ලෙස සැලකෙන මදූෂ ද ඩුබායි පැමිණි ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ පාතාල නායකයිනට තෝතැන්නක් වන ඩුබායි හි  නගරයක මේ වන විට ඔහු ජීවත් වෙමින් සිටී.

මෙසේ මෑතක සිට රට තුල යළි පාතාල කල්ලි හිස එසවීම දකින්නට ලැබෙන අතර එමඟින් රට තුළ භීෂණකාරී වාතාවරණයක් හට ගැනීම සාමාන්‍ය ජනතාවට මෙන්ම ඉහළ සමාජ තල වල වෙසෙන ව්‍යාපාරිකයන්, නිළධාරීන් ආදී සියල්ලන්ටම අභියෝගයක් වනු ඇත.

Last modified on Wednesday, 17 August 2016 18:54

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us