නාමල්ට එරෙහිව ඇති FCID පැමිණිලි සියල්ල.. මෙන්න ! Featured

Published in පුවත්
Friday, 19 August 2016 18:47

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මේ වන විට පොලිස් මුලය අපරාධ කොට්ඨාශය හමුවේ විමර්ශනය කෙරෙන පැමිනිළි සම්බන්ධ වාර්තාවක් අප වෙත ලැබී තිබේ. අයතා මුදල් ගනුදෙනු ලෙසට චෝදනාකරමින් මෙම පැමිනිළි ලැබි ඇත. එවා මෙසේය

• 2013-02 -02 දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4107 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ නමැති රුපියල් ලක්ෂ 16 ක් විටිනා ඉඩම. වටිනාකම – රුපියල් ලක්ෂ 16 කි.

• 2014-08-11 දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4133 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැගෙනහිර ගිරුවාපත්තුවේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාවඩම ග්‍රාම සේවා වසමේ සියඹලාගහ කොරටුව සියඹලාවත්ත නමැති ඉඩම. වටිනාකම – රුපියල් ලක්ෂ 20 කි.

• 2014-01-06 දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4093 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ නමැති ඉඩම. වටිනාකම – රුපියල් ලක්ෂ 17 කි.

• 2014-01-04 දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4088 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කැලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර පිහිටි ඉඩම. වටිනාකම – රුපියල් ලක්ෂ 24 කි

• 2014-02-02 දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 13878 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු ගිරුවා පත්තුවේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තංගල්ල නගර සභා සීමාව තුළ ඉදිපොකුණවල උතුර ග්‍රාම සේවා වසමේ පැන්නපිටිය පාරේ වරිපනම් අංක 29-බී, නමැති ඉඩම. වටිනාකම – රුපියල් ලක්ෂ 150 කි.

• 2014 -01-06 දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4091 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ පිහිටි ඉඩම. වටිනාකම – රුපියල් ලක්ෂ 17 කි.

• 2014-01-06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 40XX දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ පිහිටි ඉඩම. වටිනාකම – රුපියල් ලක්ෂ 17කි.

• 2013-06-13 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 13715 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ……… ඉඩම. වටිනාකම – රුපියල් ලක්ෂ 16 කි.

• 2014-06-13 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 13714 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු ගිරුවාපත්තුවේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තංගල්ල නගර සීමාව තුළ ඉදිපොකුණගොඩ උතුර ග්‍රාම සේවා වසමේ ඇන්නපිටිය පාරේ පිහිටි උග්ගහ කොරටුව හෙවත් කොස්ගහවත්ත පිහිටි ඉඩම. වටිනාකම – රුපියල් ලක්ෂ 4 කි.

• කොල්ලුපිටිය පෑන් ඒෂියා බැංකුවේ 2013 හා 2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 160ක් තැන්පත් කිරීම

• සම්පත් බැංකුවේ 2013 හා 2014 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 240 ක් තැන්පත් කිරීම

• වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ 2013-2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 60 ක් ආයෝජනය

• ඩෙවොට් ලිමිටඩ් ආයතනයේ 2013 හා 2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 30ක් ආයෝජනය

• කොටස් වෙළඳ පොළ 2013 සහ 2014 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 140 ක් ආයෝජනය

• රුපියල් ලක්ෂ 1000 ක් වටිනා හොල්ස්කෝප් සමාගම 2013 වර්ෂයේ දී මිලදී ගැනීම

• ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතිය වෙනුවෙන් ගත් ඇමෙරිකන් ඩොලර් මිලියන 05 ක මුදලින් නාමල් රාජපක්ෂ මහතාට ෂැංගොල් ඩේ හෝටලයේ කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ලබා දුන් රුපියල් ලක්ෂ 1575 ක මුදලක් පෑන් ඒෂියා බැංකුවේ ඇම්ට්‍රෑඩ් හෝල්ඩින් පුද්ගලික සමාගම පවත්වාගෙන යන ගිණුමේ තිබී තහනම් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us