තොරතුරු හෙළිනොකරන්නැයි, ඉරේෂාට රාජපක්ෂවරුන්ගෙන් තර්ජන!

Published in පුවත්
Sunday, 21 August 2016 08:54

මේ වන විට දුටුතැන අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය වෙත වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ එන්.ආර්.කන්සල්ටන්ට් හා ගවර්ස් කෝපරේෂන් හි අධ්‍යක්ෂිකාවක වන බටපොල ආරච්චිලාගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වාට නාමල් රාජපක්ෂගේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ තොරතුරු FCID යට හෙළිනොකරන්නැයි කියමින් රාජපක්ෂවරුන්ගෙන් දිගින් දිගටම තර්ජන එල්ල වෙමින් තිබෙන බව එම පවුලේ සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් ඇය මෙරටින් පලා යාම පසුගිය වසරේදි සිදුව තිබේ. එය සිදුවී ඇති ආකාරය පිළිබඳ තොරතුරු අප වෙත වාර්තා වී ඇත.

විශ්වාසවන්ත එම ආරංචිමාර්ග වලට අනුව පසුගිය වසරේ වූ ආණ්ඩු පෙරලියත් සමඟ ඇය පළමුව ඉන්දියාවටත් එතැනින් සිංගප්පූරුවටත් පළාගොස් ඇති අතර පසුව ඩුබායි බලා ගොස් ඇත. අවසන් වරට ඇය අබුඩාබි නගරයේ ජාත්‍යන්තර සමාගමක නීති කලමණාකාරියක ලෙස සේවය කර ඇති අතර ඇගේ සොහොයුරන් එංගලන්තයේ වෙසෙයි. ඔරනෙල්ලා ඉරේෂා සිල්වා මේ වන විට එංගලන්තයේ සිටින බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළවී ඇත්තේ එම සොයුරන් වෙත ඇය යන්නට ඇති බව උපකල්පනය කිරීම නිසාය.

නමුත් අප වෙත තොරතුරු වාර්තා වන අන්දමට තවමත් ඇය එංගලන්තයට ගොස් තිබෙන බව ස්ථීර කරන සාක්ෂි කිසිවක් ලැබී නැත. කෙසේ වුවද ඇය යුරෝපීය රටකට පළායාම සඳහා උත්සහ දරා ඇති බවත් එම රටවල් අතර එංගලන්තය පමණක් නොව ඉතාලිය සහ ප්‍රංශය ද වන බව වාර්තා වෙයි.

එම රටවල් අතරින් ඔරනෙල්ලා ඉරේෂා සිල්වා ගේ උපන් රට වන ඉතාලිය වෙත යාමට පාර්ශ්ව කිහිපයක් හරහා උත්සහ ගෙන ඇති බවද වාර්තා වන අතර අධිකරණය විසින් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත්කොට ඇති නිසා එම පාර්ශ්ව ඇයට උපකාර කිරීම මඟ හැර ඇත. මේ අයුරින් ඇය ඉතාලිය වෙත පළායාමට උත්සහ දරමින් සිටින්නේ ඉතාලි නීතිය අනුව අන්තර්ජාතික පොලිසියට වුවත් ඉතාලි දේශසීමා තුළදී සැකකරුවකු ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමට නොහැකි නිසාය. මේ වන විට මෙරට පාතාල සාමාජිකයකු වන කොස්ගොඩ නදුන් නැමැත්තාද අන්තර්ජාතික වරෙන්තු ලබා ඇතත් ඔහු තවමත් ඉතාලි ආරක්ෂක අංශ නිවාස අඩස්සියේ තබාගෙන සිටියි. ඔරනෙල්ලා ඉරේෂා සිල්වාගේ උත්සාහයද බොහෝවිට එවැන්නක් විය හැකිය.

මේ වන විට රාජපක්ෂ රෙජීමයේ විදෙස් සහයකයින්ද ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සොයා ගැනීම සඳහා උත්සහ කරමින් සිටින බවද වාර්තා වෙයි. ඒ රාජපක්ෂ වරු අයතා ලෙස උපයන ලද වත්කම් විදේශගත කිරීමේ මහ මොළකාරිනිය ඇය වන නිසාය. රාජපක්ෂ වරුන් වෙනුවෙන් ඉරේෂා සොයාදීමේ කොන්ත්‍රාත්තුව පුද්ගලයින් ඇගේ සොහොයුරන් වාසය කරන ප්‍රදේශය වෙත ගොස් ඇය පිලිබඳ සොයාබලා ඇත. කෙසේ වුවත් මේ වන විට ඇය රාජපක්ෂ පවුල සමඟ ද සබඳතා අත්හිටුවා ඇති බවද වාර්තා වෙයි.

ඔරනෙල්ලා ඉරේෂා සිල්වා කලක් මහරගම වත්තෙගෙදර පුරාණ පාරේ වාසය කළ අතර ඒ සමයේ සිරි වජිරඤාණ දහම් පාසලේ අධ්‍යාපනය ලබා ඇත. පසුව ඇය නීති විද්‍යාලයට ඇතුලත් වන අතර ඇය එහි සිටි දක්ෂතම ශිෂ්‍යාවකි. ඇයගේ දෙමාපියන් කලක් ඉතාලියේ සේවය කර ඇති අතර ඒ නිසාම ඉරේෂා මෙන්ම ඇගේ වැඩිමහල් සහෝදරයා වන බෲනෝ සිල්වා සහ අනෙක් සොයුරා වන හෙන්රි සිල්වාද උපත ලබා ඇත්තේ ඉතාලියේය.

Last modified on Sunday, 21 August 2016 08:57

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us