මහින්දගේ රෙදි අපුල්ලපු දිනේෂ් වීරවංශට යහපාලනයෙන් රට සවාරී

Published in පුවත්
Wednesday, 10 August 2016 10:58

මහින්ද රජපක්ෂ පාලන සමයේදී සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතෙහි ප්‍රධාන කතෘවරයාව සිටි( 2006 - 2014) දිනේෂ් වීරවංශ මහතා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරගේ රෙද්දට මුවා වී හොර රහසේ බ්‍රසීලයේ සුපිරි විනෝද සවාරියක් ලබා ගෙන තිබේ.


දිනේෂ් වීරවංශ පසුගිය ආණ්ඩු සමයේ, ඩේලි නිව්ස් පුවත් පතේ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරද ඇති නමුත් ඔහු පුහුණුකරුවකු හෝ ක්‍රීඩා නිළධාරියකු හෝ නොවේ. කෙසේ වෙතත් මාධ්‍යවේදියෙකු, පුහුණුකරුවෙකු ලෙස රියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවී ගැටලුකාරීවන අතර ඔහු ජාතික පුහුණු කරුවකු ලෙස හඳුන්වා මෙම සවාරියට අවශ්‍ය අනුමැතිය ලබා දීම ජාතික ඔලිම්පික් කමි‍ටුව විසින් සිදු කර තිබේ. එමෙන්ම මෙම සවාරියට වීරවංශ  එක්ව තිබෙන්නේ  පුහුණුකරු ලෙස වන අතර ඔහු පෙර කලෙක teakwon -do සංගමයක ගරු සමාජිකයකු ලෙස කටයුතු කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් හෝ පුහුනු කරුවකු නොවේ.  ශ්‍රීලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර මෙම ක්‍රීඩාව නියොජනය කරන්නෙක් ද නැත.

ඔලිම්පික් කමි‍ටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මොහුගේ දීර්ගකාලීන මිතුරකු වන අතර එම හේතුව නිසාම පසුගිය කාලය මුලුල්ලේම රට සවාරී ඔහුට නොවැරදුනි.

කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී මොහු සමාජ ජාලාවල සැරිසරමින් මහින්ද රාජපක්ෂ ගේ ජයග්‍රහණය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි අතර , මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාට එරෙහිව අවලාද , අසත්‍ය තොරතුරු පැතිරවීමෙහිද යේදී සිටියේය.

මෙම තරගාවලිය සඳහා සහභාගී වූයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු පමණක් වුවද නිළධාරීන් 40 දෙනෙකු සහභාගී වී ඇත. ඒ අතර විවිධ දුෂණ චෝදනා මත ක්‍රීඩා ක්ෂෙත්‍රයේ අපකිර්තියට පත්ව ප්‍රතික්ෂේප වී සිටින පුද්ගලයන් කිහිප දෙනෙකුද සිටී. ඔවුන් සියලු දෙනාම ඇමැති දයාසිරිගේ සමිපතමයන් වීම විශේෂ සිදුවීමකි.කොහොම නමුත් මෙරට ක්‍රීඩාව වෙනුවෙන් මෙලෝ බෝලයක් කර නැති නමුත් ක්‍රීඩා නිළධාරීන් බහුතරයක්ම මෙවැනි විනෝදකාමී රට සවාරී පෙරේතකමෙන් සිටින් ගෙවල පෙරේතයන් බව නොරහසකි. ඇමැති දයාසිරිද මේවාට තකට තකය.

Last modified on Wednesday, 10 August 2016 12:03

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us