subash

subash

මහින්ද රාජපක්ෂගේ දේශපාලන මතවාදය හෝ වුවමනාව වෙනුවෙන් ආරම්බ කර  නමුත් පුවත්පතේ අලෙවිය කඩා වැටීම නිසා මාස කිහිපයකින් වසා දමන ලද 'ඉරිදා ' පුවත් පත මේ වන විට මෛත්‍රී පාර්ශ්වයේ බලවතකු විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තාවේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය මඟින් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි දී ඊයේ (08) පැවැත්වූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම සම්මාන උළෙල 2016” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

ඉරුදින හා සන්ඩේ ලීඩර් පුවත් පත් ද්විත්වය ප්‍රකාශයට පත්කරන සමාගම් කළමනාකාරිතයයෙහි , නව ' ප්‍රධාන විධායක නිළධාරිවරයා' ලෙස ප්‍රවීණ මාධ්‍යවේදියකු වන මහේෂ් සේනානායක මහතා පත්ව තිබේ. ඊයේ දිනයේදී ඔහු වැඩ බාර ගැනිමද සිදු කර තිබෙන බව වාර්තාවේ.

නව ගිවිසුමකට අනුව පෝට්‌ සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ලබන ඔක්‌තෝබර් මස මුලදී යළි ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ගේ පාර්ලිමේන්තු දිවියට දින දස දහසක් පිරීම නිමිතතෙන් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් වැඩසටහන් විශාල ප්‍රමාණයයක් යෝජනා කර සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දෙනු ලැබුවද ඉන් සියයට දහයක තරම් ප්‍රමාණයක්වත් සිදුව නොමැති බව වාර්තාවේ.

ලංකා පුවත් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස තමන් විසින්ම සකසා ගත් තනතුරක සිට කටයුතු කරන දුල්මා කන්දරාමට එරෙහිව තිබෙන අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් මේ දිනවල විමර්ශනයක් පැවැත්වෙන බැවින් ඇයට එම ලංකා පුවත් ආයතනයට පැමිණීම ජනමාධ්‍ය ලේකම්වරයා විසින් තහනම් කොට තිබුණද ඇය ඒ කිසිත් වගක් නොමැතිව එම ආයතනට පැමිණ සෙසු සේවකයන්ට චණ්ඩිකම් පෙන්වමින් සිටින බව සැලවේ.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක මෙරට දැවැන්තම ව්‍යාපරිකයන්ගෙන් සන්තෝසම් ලබාගෙන ඔවුන්ගෙන් රජයට අය විය යුතු බදු බිලියන ගනනක මුදල් කපා හැරි ඇති බවට චෝදනා එල්ල වෙමින් තිබේ. එම දෙපාර්තමෙන්තුවේ ජේෂ්ඨ නිළධාරියකු අප හා පැවසූවේ මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ඉදිරියේදී හෙළි කරන බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත්ය.

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත් කරන ලද උගත් පාඩම් පිළිබද කොමිසම හා පරණගම කොමිසම වෙත උතුරේ හා දකුණේ ගැටුම් නිසා අතුරුදන්වූ දස දහස් ගණනක් පවුල් පැමිණිළි ඉදිරිපත් කරන ලදී. යුද්ධය හමාරව පවතින අද දවසේ වුවද තම දූ පුතුන් අහිමි වූ මව්වරුන් සියලු දුක් කන්දරාවන් දරා ගනිමින් ආණ්ඩුවේ කන්තෝරුවෙන් කන්තෝරුවට පොලීසිවලට හා හමුදා කඳවුරුවලට විස්තර සොයමින් ගමන් කරති.

විපක්ෂයට ඉඩ දෙන්න එපා.. කුඩුවෙන්න ගහන්න.. යැයි මේ දිනවල රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින්ට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් හා ජනාධිපති කාර්යාලය පැත්තෙන් නියෝග නිකුත් වෙන්නට පටන් ගෙන ඇති බව රාජ්‍ය මාධ්‍යයන් හී සේවය කරන මාධ්‍යවේදීන් පවසයි.

ලබන වසරේ ජනවාරී පළමු වෙනිදා සිට පෞද්ගලික රෝහල් වලින් සිදු කරනු ලබන රුධිර පරීක්ෂණ වාර්තා රජයේ රෝහල් වලට බාර ගැනීම තහනම් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසයි.

Connet With Us