ඉරු දිනට, සන්ඩේ ලීඩර්ට අලුත් මූණක්

Published in පුවත්
Tuesday, 09 August 2016 08:53

ඉරුදින හා සන්ඩේ ලීඩර් පුවත් පත් ද්විත්වය ප්‍රකාශයට පත්කරන සමාගම් කළමනාකාරිතයයෙහි , නව ' ප්‍රධාන විධායක නිළධාරිවරයා' ලෙස ප්‍රවීණ මාධ්‍යවේදියකු වන මහේෂ් සේනානායක මහතා පත්ව තිබේ. ඊයේ දිනයේදී ඔහු වැඩ බාර ගැනිමද සිදු කර තිබෙන බව වාර්තාවේ.

මෙම පුවත් පත් සමාගම ඝාතනයට ලක්වූ ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා විසින් ආරම්භ කළ අතර ඔහුගේ සොහොයුරා වන ලාල් වික්‍රමතුංග මහතාට අයත්ව තිබු මල්ටිපැක්ස් සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඉතා ආන්දොලනාත්මක සිදුවීම වාර්තා කිරීමෙහි වැඩි ප්‍රවණතාවයක් සමඟ පුවත්පත් කලාවක නිරත වූ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කිරීමෙන් පසුව මෙම පුවත්පත් සමාගම පවත්වාගෙන යාමට එල්ල වූ බාධක හමුවේ එදා දැඩි රාජපක්ෂවාදියකු වූ අසංග සෙනෙවිරත්න මහතා ( නාමල් රාජපක්ෂගේ රග්බි පුහුණුකරුවකු මෙන්ම රග්බි සංගමයේ සභාපති) මෙම ආයතනය මිළදී ගන්නා ලදී. ඉන් පසුව රාජපක්ෂවරුන්ට පක්ෂපාත ලෙස පුවත් පත ප්‍රකාශයට පත් කෙරිනි. එහෙත් රාජපක්ෂ පාලනය පෙරලා දැමීමෙන් පසුව මෙම ආයතනය මුදල් ඇමති රවී කරුණානායක මහතා හා සම්බන්ධ සමාගමක් විසින් පාලනය කරනු ලැබීය. ඒ අතර හිටමු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන් වන අර්ජුන් අලෝසියස් මහතාද මෙම ආයතනය සදහා මූල්‍යමය අනුග්‍රහය ලබා දී තිබිණි.

ඒ කෙසේ නමුත් මේවන විට මාස දෙකකට අධික කාලයක් සඳහා මෙහි මාධ්‍යවේදීන් සහ සේවකයන් සඳහා වැ‍ටුප් ගෙවීම මඟ හැර තිබේ. එමෙන්ම පුවත් පත් දෙක තව දුරටත් පවත්වාගෙන යාමේ අර්බුදයකටද මුහුණ පා තිබූ අතර මාධ්‍යවේදීන් මෙන්ම සේවකයන්ද ‍රැසක් ආයතනයෙන් ඉවත් වීමද සිදුව තිබේ.

නව විධායක නිළධාරී මහේෂ් සේනානායක මහතා ස්වාධීන රූපවාහිනියේ ඉංග්‍රීසි හා සිංහල භාෂා නිවේදකයකු ලෙස ජනප්‍රිය වූ මාධ්‍යවේදියකු වන අතර ඔහු පසුගිය කාලයේහි හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ මාධ්‍ය ලේකම් වරයා ලෙසද කටයුතු කළේය.

මේවන විට සන්ඩේලීඩර් හී කතුවරිය ලෙස මන්දනා ඉස්මයිල් මහත්මියත් ඉරුදින හී කතුවරයා ලෙස විමලනාත් වීරත්න මහතාද කටයුතු කරමින් සිටී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us