' ඉරිදා ' පුවත්පත මෛත්‍රී පාර්ශ්වයට

Published in පුවත්
Tuesday, 09 August 2016 15:36

මහින්ද රාජපක්ෂගේ දේශපාලන මතවාදය හෝ වුවමනාව වෙනුවෙන් ආරම්බ කර  නමුත් පුවත්පතේ අලෙවිය කඩා වැටීම නිසා මාස කිහිපයකින් වසා දමන ලද 'ඉරිදා ' පුවත් පත මේ වන විට මෛත්‍රී පාර්ශ්වයේ බලවතකු විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තාවේ.

ජනාධිපතිවරයාගේ සමිපතම ඥාතියකු විසින් මේ පුවත් පත සමාගමට මුල්‍යමය අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටී.
කෙසේ නමුත් පසුගියදා මෙම පුවත් පත ප්‍රකාශයට පත් කිරීම අත්හි‍ටු වූයේ නව ආයෝජකයකු සමඟ නැවත ආරම්බ කරන බවට කළ දනුම් දීමක් සමඟිනි. එහෙත් මෙම පුවත් පත ආරම්බයේදී මෙහි ඉහළ වගකීමක් ඉසුලූ සුදර්මන් රදලියගොඩ ඇතුලු මාධ්‍යවේදීන් 14 දෙනෙකු මෙවන විට එම ආයතනයෙන් ඉවත්ව සිටී. එම කණ්ඩායම චන්ද්‍රිකා රුපවාහිනියක් ඇරඹීම සඳහා මේවන විට සූදානමින් පසුවන බවත් දැන ගැනීමට තිබේ.

නව අනුග්‍රාහකයා යටතේ නව ආරකින් මෙම පුවත් පත නුදුරේම නැවත ප්‍රකාශයට පත් කිරීමට නියමිතය මෙහි ප්‍රධාන කර්තෘ ධුරය ඉසුලු මොහාන් සමරනායක මහතා වෙනුවට මේ වන විට වෙනත් ඉරිදා පුවත් පතක කර්තෘවරයකු ප්‍රධාන කර්තෘවරයා ලෙස පත් කිරීමට නියමිත බවත් වාර්තාවේ.

Last modified on Tuesday, 09 August 2016 15:39

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us