ආදායම් බදු දෙපාර්තමෙන්තුවේ ලොක්කිගේ පට්ට ගැහිලි ‍රැසක් හෙළිවෙයි

Published in පුවත්
Monday, 01 August 2016 21:16

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක මෙරට දැවැන්තම ව්‍යාපරිකයන්ගෙන් සන්තෝසම් ලබාගෙන ඔවුන්ගෙන් රජයට අය විය යුතු බදු බිලියන ගනනක මුදල් කපා හැරි ඇති බවට චෝදනා එල්ල වෙමින් තිබේ. එම දෙපාර්තමෙන්තුවේ ජේෂ්ඨ නිළධාරියකු අප හා පැවසූවේ මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ඉදිරියේදී හෙළි කරන බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත්ය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මහින්ද රාජපක්ෂ විසින්  මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය ලෙස වසන්තා මංචනායක පත්කල අතර එම පත් කිරීම හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්ගේ වුවමනාව වෙනුවෙන් සිදු කරන ලදී. පසුව  වත්මන් පාලකයෝ විසින් මංචනායක මහත්මිය යටතේ සිටි කල්‍යාණි දසනායක මහත්මියව එම තනතුරට පත් කරන ලදී. මෙම තනතුර සඳහා සුදුසුකම් සහිත නිළධාරීන් සිටියදී කිසිදු වෘත්තීමය භාවයක් නොමැති මැයව පත් කිරීමට එරෙහිව ද  විරෝධයක් එල්ල විය.

වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයකුගේ ‍රැකවරණය සහිතව මැය විසින් දිගින් දිගටම සුපුරුදු ලෙස බදු අක්‍රමිකතාවලට හවුල්ව සිටින බවටද චෝදනා එල්ල වේ.

පසුගිය ඉරිදා (31)සත්හඬ පුවත් පතින්ද මැය හවුල් වූ තවත් වංචාකාරී ක්‍රියාවක් ගැන තොරතුරු අණවරණය කර තිබිණි. පහත දැක්වෙනේ එම පුවතයි.

 

ලලිත් කොතලාවල මහතා සතුව තිබූ ‘එෆ් ඇන්ඩ් ජී. පෞද්ගලික සමාගමේ’ අධ්‍යක්ෂ මණ්ඩලයට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක මහත්මිය පත්කර ගැනීම සඳහා රහසිගත මෙහෙයුමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව හෙළි වී තිබේ.

මේ බව හෙළිව තිබෙන්නේ ‘එෆ් ඇන්ඞ් ජී. පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන උපාලි රාජපක්ෂ මහතා පසුගිය ජූලි 06 වන දා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ගොනු කළ මොසම ජූලි (27) කැඳවූ අවස්ථාවේදීය. (මෙම නඩුව අද 01 දිනද කැඳවා තිබු නමුත් මෙය සැප්තැම්බර් 08 වන දිනට කල් තබා තිබේ.)

මෙම නඩුව විභාග කිරීමට නියමිතව සිටි ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයකු එදින නිවාඩු ගොස් තිබූ බැවින් නඩුව විභාගයට නොගැනුණු නමුත් මේ අයුරින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරිය සමාගමක අධ්‍යක්ෂවරියක් ලෙස පත් කිරීමට යෝජනා වීම බරපතළ සැකයකට තුඩු දෙන තත්ත්වයක් බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව කරුණු දක්වමින් එම පාර්ශ්ව සඳහන් කර සිටියේ එෆ් ඇන්ඞ් ජී. පෞද්ගලික සමාගම සඳහා අධ්‍යක්ෂවරුන් ලෙස පත්වීම් ලැබුණේ එහි මුදල් තැන්පත්කර තිබූ අයට බවත් එහි සිටි තැන්පත්කරුවන් බොහොමයක් ආදායම් සඟවා එම මුදල් ඒ වන විටත් මහ බැංකුවේ ලියාපදිංචි නොකළ මූල්‍ය ආයතන වූ එෆ් ඇන්ඞ් ජී. සමාගම්වල මුදල් තැන්පත් කළ අය වන බවය. ඒ අනුව මෙවැනි පත්වීමක් ලැබීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වත්මන් කොමසාරිස් ජනරාල්වරිය මුදල් තැන්පත් කර ඇති ද යන්න සහ ඇය දරන ධුරයට අදාළව මෙවැනි පත්වීමක් ලැබීම බරපතළ ආචාර ධර්ම කඩකිරීමක් වන බවය.

අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් කල්‍යාණි දසනායක මහත්මිය අමතා මේ ගැන විමසුවෙමු. එහි දී අප පළමුව විමසා සිටියේ ‘එෆ් ඇන්ඞ් ජී. පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඇයව යෝජනා කර ඇති බව සම්බන්ධව දැනුවත් ද කියාය. එවිට ඇය සඳහන් කර සිටියේ තමා එවැන්නක් ගැන දැනුවත් නොමැති බවය. එහි දී අප උපාලි රාජපක්ෂ නම් එෆ් ඇන්ඞ් ජි. පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා ගැන දනුවත්දැයි විමසූ කල උසාවියේ තියෙන දේවල් ගැන කතා කළ නොහැකි බව පවසා සිටියාය. එසේම තවදුරටත් ඒ ගැන කතා කිරීම ද ඇය ප‍්‍රතික්ෂේප කළාය.

එෆ් ඇන්ඞ් ජි. පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන උපාලි රාජපක්ෂ මහතා ඉහත පෙත්සම ගොනුකර තිබෙන්නේ තමා හැර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින ඉතිරි තිදෙනා එම ධුරවලින් ඉවත් කර එම ධුර සඳහා වෙනත් තිදෙනෙකු පත්කිරීමට ඉල්ලා සිටිමින්ය. ඒ වෙනුවෙන් ඔහු තම මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරනවිට එහි අධ්‍යක්ෂවරුන් ලෙස තිදෙනෙක් නම් කර ඇත. ඒ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් කල්‍යාණි දසනායක මහත්මිය, විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා සහ තවත් එක් අයෙකුවය.

මෙම මෝසම හරහා කරන ඉල්ලීම බරපතළ සැකයට තුඩු දෙන කරුණක් බව පෙන්වා දෙන පිරිස් සඳහන් කරන ආකාරයට උපාලි රාජපක්ෂ දේශීය ආදායම් කොමසාරිස්වරිය සහ විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කරන්නට සූදානම් වන්නේ එම එෆ් ඇන්ඞ් ජි. පෞද්ගලික සමාගමේ අනු සමාගමක් වන ෆින්ගාරා ටවුන් ඇන්ඞ් කන්ටි‍්‍ර ක්ලබ් සමාගම පාඩු ලබන ආයතනයක් බවට පත්කර සිය මිතුරෙකු සමඟ එය අඩු මුදලකට මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් යුතුව වන අතර ඒ වෙනුවෙන් මේ වන විටත් උපාලි රාජපක්ෂ සූක්ෂ්ම ක‍්‍රියා කරමින් සිටිනවා පමණක් නොව අදාළ ආයතනයේ සේවකයන් හමුවේ තර්ජනාත්මක ලෙස ඒ ගැන පවසා ඇති බව ද වාර්තා වෙයි.

ඊට ආසන්නතම සිදුවීමක් තුළ උපාලි රාජපක්ෂ මහතාගේ එම කෙරුවාව පැහැදිලි සාක්ෂි පවතියි. ඒ පසුගිය මැයි 15 වන දා ෆින්ගාරා ටවුන් ඇන්ඞ් කන්ටි‍්‍ර ක්ලබ් සමාගමේ සේවකයන්ගේ අත්තිකාරම් මුදල් ගෙවීම වළකාලමින් ඇති කළ කලබැගෑනියයි. එහිදී ඔහු අත්තිකාරම් මුදල් ගෙවීම් නවතන ලෙස ආයතනයේ ගිණුම් ප‍්‍රධානියාට දැනුම් දෙන්නේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරවය. ඒ හේතුවෙන් ඇතිවූ සේවක නොසන්සුන්තාව වළකාගන්නට 2015 මැයි 19 වනදා අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවක් සූදානම් කර ඇති නමුත් උපාලි රාජපක්ෂ මහතා ඊට සහභාගී වී නැත. එහි දී ඉතිරි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සේවකයන් දැනුවත් කර ඇත්තේ ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති නොවීමට පොරොන්දුවක් ලබා දෙමින්ය. කිසිදු හේතු දැක්වීමකින් තොරව උපාලි රාජපක්ෂ මහතා මෙම තීන්දුවට විරෝධය පළකරන අතර පසුව තමන්ගේ තීරණ වලට එරෙහිවූ නිසා ඔවුන් වෙතින් පළි ගන්නට කටයුතු කර ඇත. ඒ, ආයතනයේ සේවකයන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය තමන්ට මරණීය තර්ජනය කළ බව මිරිහාන පොලිසියේ පැමිණිලි කරමින්ය.

Last modified on Tuesday, 02 August 2016 10:52

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us