මහින්ද අමරවීර අලුත් ඇමැති පට්ටමක් ඉල්ලයි.

Published in පුවත්
Sunday, 01 January 2017 08:30

ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා තමන් දැනට දරණ එම අමාත්‍යධුරය වෙනුවට වෙනත් අමාත්‍යධුරයක් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තාවේ.

එම අමාත්‍යංශ ලේකම් මල්ලිකා අධිකාරි මහත්මිය හා සෙසු ඉහල නිලධාරීන් එජාප නායකයාගේ හෙංචයියන් ලෙස කටයුතු කිරීම නිසා තමන් ගෙන එන ව්‍යාපෘතීන් සඳහා කිසිදු සැලකිල්ලක් නොදක්වන බව ඇමැතිවරයා ජනාධිපතිවරයා වෙත පවසා ඇතැයිද දැන ගන්නට තිබේ.

ඇමැතිවරයාගේ ව්‍යාපෘතියක් ලෙස ධීවර යාත්‍රා සඳහා හදුන්වා දීමට නියමිත්ව තිබු වෙසල් මොනීටරින් සිස්ටම් තාක්ෂණික පද්ධතිය සම්බන්ධයෙන් රුපියල් බිලියනයක මුදල් වෙන්කර තිබුණත් ඒ ඉ‍ටු නොකර එම මුදල් ආපසු භාණ්ඩාගාරයට ආපසු යැවීම මිට ආසන්න හේතුවක් වී ඇති බවත් දැනගැනීමට ඇත. එමෙන්ම ධීවර ඇමැතිධුරය මගින් තම ආසනයේ ජනතාවට ප්‍රමාණවත් සෙවයක් කිරීමට නොහැකි වීම ආදි ගැටලුවද නව අමාත්‍ය ධුරයක් ඉල්ලා සිටීම කෙරෙහි හේතු වී ඇත.

කෙසේ නමුත් මහින්ද අමරවීර මහතාට සිංහල බෞද්ධ ජාතික නායකයකු ලෙස ගොඩනැගීමට නම් ධීවර ඇමැතිධුර වැනි සීමිත ජන කොට්ඨාෂයකට පමණක් වැදගත්වන ඇමැතිධුරයක් වෙනුවට වඩා පුලුල් විෂයන් සහිත ඇමැතිධුරයක් තිබිය යුතු බව ඔහුගේ හිතවතුන් පෙන්වා දී ඇතැයිද පැවසේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us