ගල්අඟුරු මගඩියේ ගැහිල්ල රුපියල් බිලියන 4 ක් ! විගනකාධිපති වාර්තාවකින් හෙළිවේ Featured

Published in පුවත්
Sunday, 01 January 2017 09:08

යහපාලන ආණ්ඩුව විසින් පසුගියදා ඉතා වංචාකාරි ලෙස ස්විස් සිංගප්පූරු සමාගම වෙත ලබා දෙන ලද ගල් අඟුරු ටෙන්ඩරයේ සමස්ථ පාඩුව රුපියල් බිලියන 4 කට ආසනන් බව විගනකාධි දෙපාර්තමේන්තු වාර්තාවක අනුව තහවුරු වේ. මේ සම්බන්ධයෙන් මිට පෙර අනාවරණයවූ තොරතුරු අනුව පැවසුනේ එම පාඩුව බිලියන 2 කට ආසන්න බවය.

කෙසේ නමුත් මෙම ගල් ඟුරු ටෙන්ඩරය රටට බරපතල පාඩුවක් බව පාර්ශ්ව කිහිපයක් විසින්ම පෙන්වා දෙනු ලැබූ නමුත් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මේ ටෙන්ඩරය ලබාදිම අනුමත කරනු ලැබීය. මෙම ටෙන්ඩරය ප්‍රධානය කිරීමට පෙර අල්ලස් කොමිසම හමුවේ දූෂණ විරෝධී හඬ සංවිධානය පැමිණිල්ලක් ගොනු කර තිබුණද ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව දැන ගැනීමට නැත. එමෙන්ම සත්හඬ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන මහතා මෙම ගනුදෙනුව මඟින් රටට වන පාඩුව වැලැක්වීම සඳහා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කර තිබෙන නමුත් ඒ විභාග කිරීම මාස ගන්නාවක් තිස්සෙ ඒ විවිධ හේතු මත ප්‍රමාද වෙමින් තිබේ. එහිදී මෙම පාඩුවට වගකිවයුත්තන් ලෙස ජනාධිපතිවරයා ඇතුලු ඇමැති මණ්ඩලය සමඟ විත්ති කරුවන් 65 දෙනෙකු නම් කර තිබේ.

මේ අතර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත් කරගන්නා ලෙස දේශපාලන අධිකාරියෙන් විශාල බලපැමක් එල්ල වී ඇති අතර ඒ වෙනුවෙන් කෝටි ගනනක කප්පම් මුදල් ප්‍රධානය කිරීමටද අවස්ථා ගනනවකදී උත්සහා ගෙන තිබේ. එමෙන්ම විගනකධිපතිවරයාගේ වාර්තාව වෙනස් කර ගැනිම වෙනුවෙන්ද දැඩි බලපෑමක් ඔහු වෙත එල්ල වී තිබුණු බවද වාර්තා වේ.

කෙසේ නමුත් මේ ආන්දෝලනාත්මක ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මෙන්ම එම අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ , ඇමැති මණ්ඩලයත්, පාර්ලිමේන්තුවත්, රට වැසියාත් නොමඟ යවමින් වැරදි තොරතුරු ප්‍රසිද්ධ කරමින් මෙම ටෙන්ඩරය මඟින් රටට විශාල ලාබයක් අත් වන බවට දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටියේය.

- කමල් මංගල පෙරේරා

සැබැඳි පුවත්

යහපාලනයේ දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හි‍ටුවයි ! 

බිලියන 2.2 ගල් අඟුරු මගඩියට ජනපති, අගමැති,ඇමැතිවරු ඇතුලු 75 කට නොතිසි 

රුපියල් බිලියන 2.2ක ගල්අඟුරු වංචාවකට කැබිනට් අනුමැතිය ලැබිලා ! 

Last modified on Sunday, 01 January 2017 09:32

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us