ශ්‍රේෂ්ඨ ඔක්තොබර් විප්ලව සියවස් සැමරුම රනිල්ගේ ප්‍රධානත්වයෙන් !

Published in පුවත්
Sunday, 01 January 2017 19:22

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියවසක් පිරීම නිමිත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව රාජ්‍ය සැමරුම් උත්සවයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ වන විට මෙරට වාමාංශික පක්ෂ හා කණ්ඩායම් කිහිපයක නායකයන් සමඟ මෙම උත්සවය පැවැත්විය යුතු ආකාරය ගැන මුලික සාකච්ඡාවක්ද පවත්වා ඇත.

ඔක්තෝබර් විප්ලව සැමරුම කිරීම සඳහා තමන්ටද හිමිකමක් ඇති බව අගමැතිවරයා මෙම සාකච්ඡාවේදි සෙසු වාමේ නායකයන් හා පවසා ඇත. තම පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රබල නායකයකුව සිටිය බවත් තමන්ටද කුඩා අවධියේදි වාමාංශික දේශපාලනය ගැන උනන්දුවක් හා ‍රැඩිකල් දේශපාලනික තීන්දු තීරණ ගැනීම ගැන උරුවක් ලැබුනේ එම ආභාශය නිසා බවත් ඔහු පවසා ඇත.

ඒ කෙසේ නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන ආර්ථිකමය උපාය මාර්ග දක්ෂිණාංශක වූවද දේශපාලන භාවිතාව ඇතැම් තැනකදි වාමාංශික දේශපාලන පක්ෂවලට වඩා වාමාංශික බව පෙන්වා තිබෙන බව බොහෝ දේශපාලනික විචාරකයන්ගේ අවධානයට පාත්‍රවීද තිබේ. මේ පරස්පරතාවයන් ඔහුගේ සුශේෂීතවයට හේතුවක් වී ඇති නමුත් එය මෙරට දේශපාලනය කෙරෙහි කෙසේ බලපැවැත්වේද යන්න පරීක්ෂා කළ හැක්කේ වත්මන් යහපාලන ආණ්ඩුව තුල අගමැතිධුරය සහිත ආණ්ඩු බලය නියමිත පාර්ලිමේන්තු කාලය දක්වා බලපැවැත්වීම සිදු වුවහොත් පමණක් බවත් එම විචාරකයන් පෙන්වා දෙයි.

ඒ කෙසේ නමුත් මෙම සැමරුම් උත්සවය ජාත්‍යන්තර සමාජවාදී දේශපාලන නායකයන්ගේ සහභාගිත්ව ඇතිව ඉහළම ආකාරයෙන් පැවැත්වීමට ද සාකච්ඡා වී තිබේ.
1917 දී රුසියාවේ වී අයි ලෙනින් , ලියොන් ට්‍රොස්කි, ජෝසප් ස්ටාලින් වැනි නායකයන්ගේ මෙහෙයවීමෙන් සිදුවූ සමාජවාදි විප්ලවය පැරනි දින දර්ශනය අනුව ඔක්තෝර්බර් මසයේදි සිදු වුවත් වත්මන් දින දර්ශනය අනුව ඒ නොවැම්බර් මාසයට යෙදි තිබේ. ලෝකයේ සමස්ථ දේශපාලනය උඩු යටිකුරු කළ එම සමාජවාදී විප්ලවයේ සියවස සමරුව ලොව පුරා සියලු වාමාංශික කොටස් මෙම වසර පුරා උත්සවශ්‍රීයෙන් සමරනු ඇත.

15826109 10154274378689226 6967118532037263524 n

great revolution 2

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us