ලංකා වතු කම්කරු කොන්ග්රසය පසුගිය කාලයෙහි කටයුතු කළේ ශ්රිලනිපය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන්ය සමග වන නමුත් තමන් අපෙක්ෂා කළ අරමුණු ඉන් ඉටු නොවීම නිසා එජාපය හා සම්බන්ධ වී දේශපාලන කටයුතු කිරීමට තීරණය කර තිබේ. මෙම දේශපලන කපු කම කිරීම සදහා එජාපයේ හිටපු ඇමැති ජොෂප් මයිකල් පෙරේරා මහතාගේ පුත් ඇන්ටන් පෙරේරා මහතා මැදිහත්ව තිබේ.
කෙසේ නමුත් එජාපය සමග එක්වීම වෙනුවෙන් තනතුරු කිසිවක් බලාපොරොත්තු නොවන බව කොන්ග්රස් නායක අරුමුගම් තොන්ඩමන් මහතා එජාප නායකත්වයට දැනුම් දී ඇති බවත් වාර්තාවේ.
කෙසේ නමුත් තොන්ඩමන් මහතා ජනධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමග සමිපව කටයුතු කළ අයෙකි. පසුගියදා තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් මහත්මියගේ අභාවය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ශෝක ප්රකාශය රැගෙන එම අවමඟුල් උත්සවයට සභාගී වුයේද තොන්ඩමන් මහතාය.