යහපාලනයේ දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හි‍ටුවයි ! Featured

Published in පුවත්
Friday, 24 June 2016 11:44

බිලියන 2.2 ක දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කර නැවත නිසි ක්‍රියාපටිපාටිය යටතේ ගල් අඟුරු සැපයුම් කරුවකු ‍තෝරා ගන්නා ලෙස අද දින(24) ශ්‍රේෂ්ඨාධිකරනය බලශක්ති අමතයංශ්‍ය වෙත නියෝග කළේය. මෙම ටෙන්ඩරය පෞද්ගලික සමගමක් වෙත පක්ෂග්‍රාහීව පැවැරීම සම්බන්ධයෙන් අමත්‍යංශ ලෙකම්වරයා හා ප්‍රසම්පාදන කමි‍ටුව කටයුතු කර තිබූ ආකාරය ගැන තමා කම්පනයට පත් වූ බවද විනිසුරුවරයා පැවසීය. මෙම ගල් අඟුරු මගඩිය ගැන මුල් වරට මාධ්‍යකින් හෙළි දරව් කලේ ලංකාඩේලි වෙබ් අඩවිය විසින්ය.


ලංකා ඩේලී වෙබ් අඩවිය විසින් පසුගිය ඔක්තෝබර් මාසයේදී හෙළි කරන ලද බිලියන 2.2 ගල් අඟුරු මගඩිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 75 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ නොවැම්බර් 02 වන දින නොතීසි නිකුත් කර තිබේ. ඒ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළවයි.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ නෝබල් රිසෝසර්ස් පුද්ගලික සමාගමයි.

එම සමාගම තම පෙත්සමින් පෙන්වා දී ඇත්තේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 01 ක් සඳහා ඇමරිකානු ඩොලර් 90 ක් වශයෙන් ගල්අඟුරු සැපයීමේ අවම ටෙන්ඩරය ඉදිරිපත් කරනු ලැබුවේ තම සමාගම විසින් බවයි.

එසේ තිබියදී අදාළ ටෙන්ඩරය පිරිනමා ඇත්තේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 01 ක් සඳහා ඇමරිකානු ඩොලර් 101 ක් වශයෙන් ඉහළ ටෙන්ඩරයක් ඉදිරිපත් කළ ස්විස් සිංගප්පූර් සමාගමට බව පෙත්සම්කාර සමාගම පෙන්වා දී ඇත.

මේ දිනවල ලෝක වෙළඳ පොළේ ගල අඟූරු මෙට්‍රිල් ටොන් එකක මිළ ඩොලර් 49 කට අඩු වන අතර එම මිළත් මේවන විට සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව පසුගිය වසර පුරා ගලඟුරු මිළ සැසදීමේදි පෙනී යයි.

සැබැඳි පුවත්:

රුපියල් බිලියන 2.2ක ගල්අඟුරු වංචාවකට කැබිනට් අනුමැතිය ලැබිලා !

බිලියන 2.2 ගල් අඟුරු මගඩියට ජනපති, අගමැති,ඇමැතිවරු ඇතුලු 75 කට නොතිසි

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us