එසේම තමන් පාර්ලිමේන්තුවට ගිය අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා මුණගැසී කරුණු හුවමාරු කරගත් බව සත්‍ය නමුත් එහිදී වෙනත් කිසිවක් සිදුනොවූ බවත් තමන්ගේධුරය මුළුමනින්ම ස්වාධීන බවද අගමැතිවරයා විගණකාධිපතිවරයා කැඳවා යම් බලපැමක් සිදු කළ බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු පැවසීය.
එමෙන්ම තමන් රඟපාන බව පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණත් තමන්ට එවැන්නක් අවශ්‍ය නැති බවත් තමන් සිදුකළේ පවතින නීතියට අනුව විගණකාධිපතිගේ වගකීම ඉටුකිරීම බවත් විගණකාධිපති ගාමිණී විජේසිංහ පැවැසීය . විගණකාධිපති වාර්තා සැකසීමට කාගේවත් අවශ්‍යතා මත නොව රටේ ජනතාවගේ අවශ්‍යතාවට අනුව සිදුවිය යුතු බවද පවසයි.
මේ අතර වාර්තා වන අන්දමට මේ අයුරින් මුදල් අමාත්‍යංශයේ වාර්තා සහ විගණකාධිපති වාර්තාව අතර නොගැලපීම් හේතුවෙන් මේ වන විට ආණ්ඩුවේද බරපතල අර්බුදයක් හටගෙන ඇත. විශේෂයෙන් අර්ජුන් මහේන්ද්‍රන් චෝදනා ලබා ඒ ප්‍රශ්නය විසඳාගන්නට පෙර මේ අයුරින් රාජ්‍ය ණය පිළිබඳ පරස්පර වාර්තා මතුවීම තුළ කිසියම් දේශපාලන උගුලක පෙර නිමිති බවට එක්සත් ජාතික පෙරමුණේ පිරිස් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
ඒ පිළිබඳ සැක පළකරණ පිරිස් පෙන්වා දෙන්නේ රාජ්‍ය ණය විගණනයේදී මෙතෙක් කලක් සිටි විගණකාධිපතිවරුන් 5 දෙනාම දළ ප්‍රතිශතය විගණනය කළත් හදිසියේ ශුද්ධ ප්‍රතිශතයෙන් එය මෙවර සිදුකිරීම සැක සහිත බවය. විගණන වාර්තාවේ සහ මුදල් අමාත්‍යංශ වාර්තාවේ පරස්පරතා පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශය ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට යවනු ලැබූ ලිපියේද මේ බව සඳහන් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් නිකුත් කළ වාර්තාව හා විගණකාධිපති වාර්තාවෙද පරස්පරතා ඇති බව අග්‍රාමාත්‍යවරයාද ප්‍රකාශ කර ඇති අතර රාජ්‍ය ණය පිළිබඳ ප්‍රශ්නයක් උද්ගතවී ඇත්නම් ඒ පිළිබඳ සොයා බැලීමට තමන් කැපවන බවත් ඒ පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු මුදල් කමිටුවට යොමු කරන බවත් ඔහු පවසා ඇත.
කෙසේ වුවත් මේ වන විට රාජ්‍ය ණය සම්බන්ධව නිකුත්කර ඇති විගණකාධිපති වාර්තාව හරහා 2015 වසරට අදාළව ලබා ගත් ණය පිළිබඳ විෂමතා රාශියක් මතුකර ඇත.
ඒ පාර්ලිමේන්තුව සම්මත කළ ණය සීමාව වූ රුපියල් මිලියන 17 80 000 ට වඩා රුපියල් මිලියන 33 49 805 ක් දක්වා ණය ගැනීම සහ ඒ තුළ නියමිත සීමාව රුපියල් මිලියන 11 64 775 ක් දක්වා ඉක්මවා යාම,
රජය විසින් 2015 දෙසැම්බර් 31 වන විට ගෙවීමට තිබෙන ණය ලෙස රුපියල් මිලියන 76 84 954 ක් ලෙස දක්වා තිබුණත් රුපියල් මිලියන 10 25 180ක අඩුවක් එහි ඇති බව විගණනයේ දී හෙළිවීම,
ගෙවීම් පොළිය වශයෙන් රුපියල් මිලියන 52 72 27 ක් සඳහන් කර තිබුණත් ඒ තුළ රුපියල් මිලියන 16 818 ක් වැඩිපුර සඳහන් කර ඇති බව විගණනයේ දී හෙළිවීම,
රජය අතිරේක වශයෙන් ගත් ණය ලෙස රුපියල් මිලියන 174 196 ක් සඳහන් කර තිබුණත් එහි රුපියල් මිලියන 2682 අඩුවක් පැවතීම,
බැඳුම්කර නිකුත් කිරීම හරහා ලැබෙන ආදායම වෙනම සඳහන් කළ යුතු වුවත් එය භාණ්ඩාගාර බැඳුම්කර ගිණුමට බැරකර තිබීම,
විදෙස් ණය ණය ගැනීම් ලෙස රුපියල් මිලියන 55 63 76 ක් සඳහන් කර තිබුණත් එහි 34 003 හිඟයක් මෙන්ම ගෙවීම් වශයෙන් දක්වා ඇති රුපියල් මිලියන 1871 13 හී රුපියල් මිලියන 4605 ක අඩුවක් තිබීම ආදී ලෙසින්ය,