කමල් ගුණරත්න ආයෙත් ලෙඩවෙලා... බෙහෙතට මළ කඳන් ඕනෑ වී තිබේ Featured

Published in පුවත්
Monday, 21 November 2016 07:49

පොතක් ලියා තමන් යුද්ධය දිනු සෙන්පතියකු යැයි ඉතිහාසයේ ලියා තබන්නට උත්සහ ගත්තු ලෙඩ්ඩු කිහිප දෙනා අතර විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නට ද ඉදිරි ස්ථානයක් හිමිව තිබේ. ඒ පොතේ ඇති අමුතු දෙයක් නිසා නොවේ. එහෙම වුන් සිටින්නේ දෙතුන් දෙනෙකු නිසාය. යුද්ධයකට සම්බන්ධ වූ මොලේ ඇති එකෙක් කිසිදා යුද්ධ හරි යැයි කියන්නෙ නැත. යුද්ධය දිනුවා යැයි කියන්නෙන් නැත. යළි යුද්ධ ඇතිවෙන තැනට කටයුතු කරන්නේද නැත.

ඒත් කමල් ගුණරත්නලා කරන්නේ එහි අනෙක් පැත්තය. යළි යළිත් ඉල්ලන්නෙ ලේ වැකි යුද්ධයකි. උතුරේ දෙමළ ජනයා ලෙයින් යකඩින් ගින්දරීන් යටපත් කොට නරුම ම්ලෙච්ඡ මිලිටරි පාලනයක් ගෙය යා යුතු බවය. මීට දින කිහිපයකට පෙර ගාල්ලෙ පැවැති උත්සවයකදී ගුණරත්න කීවේ ' ලංකාවේ වත්මන් ආරක්ෂක තත්වය ගැන සෑහීමකට පත් විය නොහැකි බවත් උතුරු නැගෙනහිර ඇති තත්වය කඩිනමින් පාලනය නොකළහොත් බරපතල තත්වයක් ඇති විය හැකි බවය. තමුන්ගේ කාලයේදී ' ආවා' වැනි කල්ලි මර්දනය කළ බවත් දැන් යුධ හමුදා බුද්ධි අංශ ' බියෙන්' සිටින නිසා ඒ සිදු නොවන බවය.

මේ විකාර දොඩන විශ්‍රාමික නිළධාරියා සිතා සිටින්නේ තමුන් සහ ඊනියා රණවිරු රොත්ත යුධ උමතුවෙන් උතුරේ දෙමළුන් සංහාරය කරන කාලයේ මෙන් මේ රටේ මිනිස්සු තවමත් මරි මෝඩයන් බවය. තමන් කියන මේ විකාර මේරටේ මිනිස්සු දැන් ඉහළින් පිලිගනු ඇති කියාය. උතුරේ වූ සිවිල් අරගලයට හේතු භූත වූ කරුණු කාරන නොවිසඳා උතුරේ ප්‍රශ්නයට කිසිදා විසදුමක්, මර්දනය මඟින් ලැබෙන්නෙ නැත. ඒ මූලිකම සත්‍යයය. ඒ උතුරට පමණක් නොව දකුණටද වලංගුය. දකුණේ දැවෙන ප්‍රශ්නයන්ට විසඳුම් ආණඩුවෙන් නොලැබෙන විට දකුනද කරන්නේ කැරළි ගැසීමය. ඒ නිසා උතුරේ මිනිස්සු කැරළි ගැසීමට පෙළඹේ නම් ඒ අමුතු දෙයක්වත් ජාතික ආරක්ෂාවට අමුතු තර්ජනයක් ඇති වීමක් හෝ නොවේ. මිනිස්සු තම අයිතිය වෙනුවෙන් ආරගල කිරීමකි. එවැනි අරගල වෙනුවෙන් සමස්ථ රට වැසියාගේ සහයද හිමි විය යුතුය.

ආවා වැනි රස්තියාදු කල්ලි හෝ පාතාල කල්ලි හෝ උතුරේ ක්‍රියාත්මක වීම ත්‍රස්තවාදී ව්‍යාපාරයක් හෝ රට කඩන ව්‍යාපාරයක් හෝ යැයි කරන අර්ථ දැක්වීම් ගුණරත්නලා වැනි දෙමළුන්ගේ මළ කඳන් දැකිමෙන් ' සුරාන්තයට' පත්ව සිටින යුධ උම්මන්තකයන්ට කල්පනා වෙන හැටිය. මේ පැහැදිලිවම ලෙඩකි. සිවිල් ජනතා අරගලයන්, සමුහ මිනිස් සංහාර මඟින් මර්දනය කීරීමෙන් පමණක් දිනිය හැකි බව හිතන මේ ලෙඩ්ඩු ආවා වැනි කල්ලි කණ්ඩායම්ද ඒ අර්ථයෙන්ම මර්දනය කළ යුතු බව කීම පුදුම විය යුතු දෙයක් නොවේ. මොකද රටේ පිලිගත්තු නීති රීති පද්ධතියක් නීති රීති ක්‍රියාත්මක කරන ආයතන හා නිළධාරීන් සිටින බවත් මෙවැනි ප්‍රශ්න ඇතිවන විට ඒවාට ක්‍රියාත්මක කළ යුතු ලෝකය පිලිගත් ක්‍රමවේදයන් තිබෙන බවත් මේ යුධ උන්මන්තකයන් දන්නෙ නැත. රාජපක්ෂලාගේ අවනීතික කාලයේදී යුද හමුදා බුද්ධි අංශ විසින් සිදු කරනු ලැබුවේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් කිසි වග විභාගයක් නැතිව ඝාතනය කිරීමය. තලා පෙලා දැමීයය. කමල් ගුණරත්නලා අත් අදැකීමෙන්ම දන්නේ ඒ ක්‍රමය පමණය. ඒසේ නොවන්නට ප්‍රභාකරන්ගේ මන්ද මානසික පුත්‍රයාව පොළොවේ ගසා මරා දමන්නෙ නැත.


ගුණරත්නලා වැනි තවත් යුධ උම්මන්තකයන් මේ රටේ තවත් නැතුවා නොවේ. යුද්ධයෙන් පසුව මේ අයවත් පුනරුත්තාපනය නොකිරීමේ ආදීනව තවත් කාලයක් යන තුරු රටට කරදරකාරී ලෙස බලපවත්වනු ඇත. රාජපක්ෂලා ජාතිවාදයෙන් ආගම්වාදයෙන් රට ගිනි තියා යලි බලය අත්පත් කර ගැනීමට ගන්නා උත්සාහය තුල ගුණරත්නලාටද තව ටික කාලයක් ස්වයං වින්දනය ලැබිය හැකිය. එහෙත් රාජපක්ෂලාද මේ ගුණරත්නලා වැනි යුධ උම්මන්තකයෝද නොදන්නා කරුණ නම් මේ රටේ සාතිෂය බහුතරය අවුරුදු හතලිහකට පෙර කළ ගොං කම් යළි නොකරන බවය.

Last modified on Monday, 21 November 2016 07:54

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us