‘සන්ඬේ ලීඩර්’ සහ ‘ඉරුදින’ මාධ්‍යවේදීන් වර්ජනයක

Published in පුවත්
Wednesday, 26 October 2016 18:17

‘සන්ඬේ ලීඩර්’ සහ ‘ඉරුදින’ පුවත්පත් වල සේවය කරන මාධ්‍යවේදීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මුහුණ දී ඇති වැටුප් ප්‍රශ්නය සම්බන්ධව එම පිරිස සේවය කිරීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ. 

මුදල් ඇමැති රවී කරුණානායක මහතා ගේ සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් ගේ සෘජු අධීක්ෂණය යටතේ, ඔවුන් ගේ සමීපතමයන් විසින් පාලනය කරනු ලබන ලීඩර් ගෲප් ඔෆ් කම්පැනීස් පෞද්ගලික සමාගමේ සමස්ත කාර්ය මණ්ඩලයට මේ වනවිට මාස දෙකකින් වැටුප් ගෙවා නැත.

රවී කරුණානායක ඇමැතිවරයාගේ නියෝජිතයකු ලෙස ආයතනයේ මෙහෙයුම් කළමනාකාර ධුරය දරන්නේ රුවන් ගාල්ලගේ ය. අර්ජුන් ඇලෝෂියස් ගේ නියෝජිතයකු ලෙස ආයතනයේ සාමාන්‍යධිකාරි ධුරය දරන්නේ ජනප්‍රිය නිවේදකයකු සහ මාධ්‍යවේදියකු වන මහේෂ් සේනානායක ය. මීට අමතරව ආයතනයේ අධ්‍යක්ෂ ධුරය දරන්නේ රවී කරුණානායක ඇමැතිවරයාගේ බිරිඳ ගේ සමීප ඥාතියකු වන අක්බාර් නමැත්තෙකි.

අදාළ වැටුප් ප්‍රශ්නය සහ සේවක අර්ථසාධක අරමුදලේ, සේවක භාරකාර අරමුදලේ කොටස් නොගෙවීම ඇතුළු අනෙකුත් වෘත්තීය අයිතිවාසිකම් ලබා නොදීම සම්බන්ධයෙන් ඉහත නියෝජිතයන් හරහා පුවත්පත් වල ආයෝජකයන් වන රවී කරුණානායක ඇමැතිවරයා සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් දැනුවත් කර ඇත. මීට අමතරව ආයතනයේ ගණකාධිකාරි නජිත් ද අල්විස් විසින් ආයතනයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද බරපතල චෝදනා එල්ල වී තිබේ. එහෙත් පාලනාධිකාරිය මගින් ඔහුට එරෙහිව මෙතෙක් කිසිදු විධිමත් පියවරක් ගෙන නැත.

මේ වනවිට තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීම සමිබන්ධයෙන් ආයතනයේ සේවකයන් අදාළ ආයෝජකයන්ට සහ පාලනාධිකාරියට බරපතල විරෝධය දක්වමින් ‘සන්ඬේ ලීඩර්’ සහ ‘ඉරුදින’ පුවත්පත් වල මේ සතියට අදාළ රාජකාරි කටයුතු නොකිරීමට තීරණය කර ඇත.

එසේ ම මෙසේ තමන්ගේ මූලික වෘත්තීය අයිතිවාසිකමක් වන වැටුප් අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමටත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් ලීඩර් ගෲප් ඔෆ් කම්පැනීස් පෞද්ගලික සමාගමේ පුවත්පත් වල සේවය කරන මාධ්‍යවේදීන් ඇතුළු සේවක පිරිස වැඩිදුරටත් තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us