subash
මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ජනාධිපති ඉඩදෙන් නෑ - ඩිලාන්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියට සිදු කළ මුල්‍ය වංචාව හේතුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර තිබුණත් ඊට කිසිසේත්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ශ්‍රිලනීපය ඉඩ ලබා දෙන්නෙ නැති බව ඇමැති ඩිලාන් පෙරේරා මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
ඡන්දෙන් පස්සේ.. ශ්‍රීලනීපයේ ජවසම්පන්න ප්‍රබලයෙක් එජාපයට !
පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව ශ්‍රීලනීපයේ ප්‍රබල තනතුරක් දරණ තරුණ ඇමැතිවරයෙක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමක් ඇති බව එම ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.
රජිත් කීර්ති තෙන්නකෝන් කියන්නේ දූෂණ විරෝධියෙකි.. එයා දූෂණ විරෝධියෙකු වෙන තරමට තමා එයාට ජීවත් වෙන්න ඩොලර් ලැබෙනේ. ඉතිං ඒක එයාගේ රස්සාවය.
මෛත්‍රීව රැකගැනීමේ මෙහෙයුමක් එජාපය දියත් කරයි !
මෙවර පළාත්පාලන මැතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් රජයට සම්බන්ධ බුද්ධි අංශ විසින් සිදු කර තිබෙන සමීක්ෂණයකට අනුව ශ්‍රීලංකා නිදහස් පක්ෂය බොහෝ දිස්ත්‍රික්කවල තුන්වන තැනටත් පහලට වැටී ඇති බව පෙන්නුම් කර තිබේ.
දිලිත්ට යූඑන්පියේ ඇඩ්වර්ටයිසිං දෙන එකා මොන පිස්සෙක්ද?
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු ද වන දිලිත් ජයවීරට අයත් ' ට්‍රයිඇඩ් ' ආයතනයට රුපියල් කෝටි 150 ක කොන්ත්‍රාත්තුවක ලබා දී ඇති බව වාර්තා වෙයි. පසුගිය දින කිහිපයේ දී මෙය වෙබ් අඩවි කිහිපයක ගොසිප් පුවතක් බවට පත්ව තිබුණු නමුත් පෙරේදා (28) සන්ඩේ ටයිම් පුවත් පතේ පුවතක් බවටද පත්ව තිබිණි.
බැඳුම්කර ගනුදෙනු වලින් රජයට බිලියන 25 ක ලාබයක් වෙලා..!
බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට විශාල පාඩුවක් අත්පත් කර දුන් බවට චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා එම ගනු දෙනුවලින් රජයට රුපියල් බිලියන 25 ක ලාබයක් අත්ව ඇති බවට විශේෂ හෙළිදරව් කිරීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
හෝමාගම තාක්ෂණ නගරයට කවුරුවත් බය විය යුතු නෑ - චම්පික රණවක.
ජනතාව බිය වැද්දීම් සෑම දෙනාම සිදු කරගෙන යනවා. ඇතැම් අවස්ථාවල මිනිසුන්නට බය හිතෙන විදිහට, මිනිසුන් අනාරක්‍ෂිත වන විදිහට නොයෙක් ප‍්‍රකාශ කරගෙන යනවා. මම එනකොට දැක්කා අක්කර 4000 ක් අපි ගන්න යනවයි කියලා. අමූලික පට්ටපල් බොරුවක්.
කිරිපිටි හා තිරිගු පිටි ආනයන කරන සමාගම් සදහා බදු සහන ලබාදීමට කටයුතු කර ඇති ඇමැතිවරයකු වසරකට රුපියල් බිලියන 10,000 ක පමණ කොමිස් ආදායමක් ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හෙළිදරව් කරයි, ජනාධිපතිවරයාට යොමු කර තිබෙන ලිපියක මේ බව සඳහන් කර තිබේ.
වැඩේ තියෙන්නේ පත්තරයක බ්‍රැන්ඩ් නේම් එකේ නෙවෙයි.. පත්තරකාරයා තමයි අපිට වැඩ්ඩෙක් වෙන්න ඕන. එතන්දි හැබෑටම පත්තරකාරයාය කියන ගුණයෙන් යුතු මිනිහට පත්තර පඩංගුවේ බ්‍රෑන්ඩ් නේම් එකවත් අයිතිකාරයා ගැනවත් එකේ පැටිකිරියවත් අදාල නෑ.
අර්ජුන්ගේ සමාගම් 28 ක බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර ගනී
ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස් ට අයත් පර්පෙච්චුවල් සමූහය හා අනුබද්ධ තවත් සමාගම් 28 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ශ්‍රීලංකා මහ බැංකුවේ, මූල්‍යමය බුද්ධි සේවා ඒකකය තීරණය කර ඇති බව මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි. මේවන විට මහ බැංකුව විසින් බැඳුම්කර ගනු දෙනුවලට අදාලව සිදු කරගෙන යන විමර්ශන වලට යටත්ව මෙම පියවර ගැනීමට නියමිතය.
