subash
ජනමාධ්‍ය අජිත්ට, මංගලට යළි විදෙස්, සාගලට විදුලිබල, පොලිසිය ජොන්ට, මුදල් මෛත්‍රී ගනී
ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ වන විට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සඳහා එකඟ වී ඇති බව එජාප ආරංචි මාර්ග පවසයි ඒ අනුව සාගල රත්නායක මහතා නීතිය හා සාමය අමැති තනතුරෙන් ඉවත් වන අතර ඒ වෙනුවට විදුලි බල හා බලශක්ති ඇමැතිධුරයට යෝජනා කර තිබේ. නිතිය හා සාමය ඇමැතිධුරයට ජෝන් අමරතුංග ගේ නම යොජනා වී ඇත.
ආණ්ඩු වෙනසක් නෑ...එජාපයම තමා. ජනපතිට දෝෂාභියෝගයක අනතුරක්
නව ආණ්ඩුවක් පත් කර ගැනීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , සහ කිලී මහරාජා හා ජනාධිපති උපදේශකයො ටික පසුගිය දින කිහිපයේදී කෙතරම් වලිකෑවද ඒ සියලු කුමන්ත්‍රණ මේ වන විට එළිදරව් වී අවසන් වී ඇත.
ඒ ගමන...මෛත්‍රී + මහින්ද විලිලැජ්ජා නැති ආණ්ඩුවකට එකඟතාවයක්!. පිස්සුද මන්දා
මහින්ද රජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම ඇතුලු ශ්‍රීලනීප මන්ත්‍රීවරු 96 දෙනාට ජනාධිපති සිරිසේන විසින් අලුත් ආණ්ඩුවක් පිහිටු වීමට ආරාධනා කර තිබෙන බව පැවැසේ. මේ.. ඒ දෙවනවරටය.. පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේ සිට මෙම යෝජනාව මුල් වරට ප්‍රකාශ කළ අතර අද දෙවන වරට ශ්‍රිලනීප මැති ඇමැතිවරුන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර තිබේ.
පොහොට්ටු ඡන්ද රටේ ජනමතය නොවේ... එය ආගමික මතයකි.
මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මේකට ඡන්දය දෙන්න කියා පොල් ලෙල්ලක් දැම්මත් ඒකට ඡන්දේ දෙන වහලුන් පිරිසක් තමන්ට සිටින බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ඊයේ පැහැදිලිවම ප්‍රකාශ කර තිබිණි. මෙම ප්‍රකාශයෙන් මන්ත්‍රීවරයා කුමක් බලාපොරොත්තු වූවද මෙය මහින්ද රාජපක්ෂට කළ බරපතල අපහාසයක් බව නම් පැහැදිලිය.
ද්වේෂපාලන කුණාටු නිමයි..අන්තිමට සභා තොමෝ සතුටින් විසිර ගියහ.
පළාත්පාලන මැතිවරණයෙන් පසුව මහා දේශපාලන කුණාටු හැමනෙන්නට පටන් ගෙන තිබුණද අවාසානයේ අධෝ වාතයක් තරමකවත් ප්‍රතිපලයක් ඇති වී නැත .ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ප්‍රශ්නය විසඳන්නට කමිටුවක් පත්කර තිබේ.
හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා රැගෙන ඒමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව ගිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කණ්ඩායම ඊයේ (13දා) ආපසු මෙරටට පැමිණ තිබේ.
චතුරිකා, තාත්තට ඇත්තටම ආදරේ නම් ඔයා... කිලීගේ හූනියමෙන් එයාව ගලවගන්න
ජනාධිපති තාත්තා ගැන හද කම්පිත කරන රචනා ලියන චතුරිකා ළඟකදී තාත්තාගේ ඇස් වලින් කඳුලු වැටනවා දුටු බවද කියා තිබිණි.
මෛත්‍රීට ශ්‍රිලනිප සභාපතිකමෙන් ඉවත් වෙන්නැයි, දැඩි බලපෑමක්.
පළාත්පාලන මැතිවරයෙන් දැවැන්තම පරාජය අත්පත් කරගත් ජනාධිපති සිරිසේන නම්බු පිටින් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් වී එය මහින්ද රාජපක්ෂට ලබා දිය යුතු බවට ශ්‍රිලනිපයේ මැති ඇමැතිවරු ගනනාවක් ඒකාබද්ධ ලියවිල්ලක් සකස් කරමින් සිටින බව ශ්‍රීලනිප ආර්ංචි මාර්ග පවසයි.
රනිල්ට ආණ්ඩුව. අනුරට විපක්ෂය. ශ්‍රීලනිපෙට නඩු බෑ. මෛත්‍රී කිලී සරණයයි !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියළු අමාත්‍යධුර අතහැර විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බවත් ඒ අනුව ආගමැති රනිල් වික්‍රමසිංහට හැකි ලෙසකින් ආණ්ඩුවක් පිහිටුවාගෙන කටයුතු කිරීමට ඉඩ පහසුකම් සලසා දීමටත් ජනාධිපතිවරයාට සමීප ශ්‍රීලනීප ජේෂ්ඨයන් තීන්දුකර ඇති බව ද දැන ගැනීමට තිබේ.
රනිල් පරාදයි කියන අයට මහින්දගේ පරාජය ගැන ඇත්ත කතාව
මෙවර පළාත්පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පරාජයකට ලක්ව තිබෙන බවට ගෙන යන ප්‍රචාරයන් හී කිසිදු සත්‍යතාවයක් නොමැති බව දේශපාලන විචාරක මතයයි.
එජාපය තමන්ගේ ඡන්ද පදනම ආරකෂා කර ගනිමින් වැඩි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙන බව මෙවර ඡන්ද ප්‍රතිපලයෙනුත් පෙනී යන බව පෙන්වා දෙන ඔවුන් ,පැහැදිලිවම පරාජය වාර්ථා කරගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බව ද පවසයි.
