subash

subash

ලෝක කාන්තා දිනයට සමගාමීව විවෘත අධිකරණවල පෙනී සිටින නීතිඥවරියන් හට නව ඇඳුමක් හඳුන්වාදීම ඊයේ (8දා) සිදු විය.

ඇඳිරි නීතිය පනවා තිබියදීත් මුස්ලිම් විරෝධී ප්‍රහාර දියත් වෙලා​. එයින් පෙන්වන්නේ මේ මිනීමරු ජාතිවාදී බලවේග සිය ලේ පිපාසාව නිවා ගන්නාතුරු තමන් ගේ ගමන නවත්වන්නේ නැහැ කියලා. එවගේම මේක සංවිධානාත්මක ප්‍රහාරයක්. එතකොට ආණ්ඩුවක්, නීතියක් මේ පිසාචයන් සළකන්නේ නෑ. මොකද, ආණ්ඩුවට පාණ්ඩුව හැදිලා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2018 මාර්තු 08 වන දා කළ විශේෂ ප්‍රකාශය

මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ පැවති තත්වය පිළිබඳව මා එදිනම විශේෂ ප්‍රකාශයක් සිදු කළා. තවදුරටත් ඊයේ රාත්‍රියේ සහ අද දින පවතින තත්වය පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කිරීම සුදුසු යැයි මම කල්පනා කළා.

ඓතිහාසික සෙංකඩගල පුරවරයේ උරුමක්කාරයන් යැයි කියන උඩරට සිංහල බෞද්ධයෝ දැන් තමන්ගේ රටේ අයිතිය ඇත්තේ තමන්ට පමණක් බව කියමින් මුසල්මානුවන් පන්නා දැමීමේ කටයුත්ත ආරම්භ කර තිබේ. රටේ ව්‍යවස්ථාපිත නීතිය උල්ලංඝනය කරමින් නීතිය රකින ආයතනවලටත් අභියෝග කරමින් ප්‍රදේශයෙ පාලනය සියතට ගැනීමේහි ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ආරම්බ කර තිබිණි.

ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කරගනිමින් කඩාකප්පල්කාරී ක්‍රීයාවන්හි නිරතවන්නන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රීයාත්මක සහාය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මහනුවර දිස්ත්‍රික්කය පුරාම ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය හා පොලිසිය මේ වන විට යොදවා තිබෙන බවත් ඕනෑම ආකාරයක නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට සුදානමින් සිටින ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙන බවත් අද විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා පැවැසීය..

මහනුවර කේන්ද්‍ර කරගෙන සිංහල බෞද්ධ ජාතිවාදීන් ආරම්බ කළ ප්‍රහාරය නිසා ඇතිව තිබෙන කළඹගෑනිය පාලනය කිරීමට ආණ්ඩුව ගත් දැනෙන පියවර වූයේ සමාජ ජාලා අවහිර කිරීමය. ආණ්ඩුවේ ඇත්තෝ හෝ මේ මෝඩ තීන්දුව ගත් අය හිතන් ඉන්නේ මේ ජාතිවාදි කෝළහලය තිබෙන්නේ සමාජ ජාලා තුල බවය.

මුස්ලිම් ජන කොටස් ප්‍රෝකොප කරවමින් සිංහල මහ ජාතිය යැයි කියා ගනිමින් සිටින සුළු පිරිසක් පසුගියදා තෙල්දෙණියේදී සිදුකළ මජර ක්‍රියාදාමය නිසා දැන් රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇත.

මුස්ලිම් ජන කොටස් ප්‍රෝකොප කරවමින් සිංහල මහ ජාතිය යැයි කියා ගනිමින් සිටින සුළු පිරිසක් පසුගියදා තෙල්දෙණියේදී සිදුකළ මජර ක්‍රියාදාමය නිසා දැන් රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇත.

තෙල්දෙණිය, දිගන ප්‍රදේශ මුලික කරගෙන පැතිර ගිය සිංහල ජාතිවාදී ප්‍රහාරවලට පොලිසියේ සහය ලැබී තිබෙන බවට මේවන විට තොරතුරු හෙළිව පවතින බව තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Connet With Us